වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද

ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද

‘විජේවීර’ ඔස්කාර් ගමන අරඹයි...

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ දේශපාලන ජිවිතයේ ආන්දෝලනාත්මක කාල පරිච්ඡේදයක් රැගත් දැවැන්ත සිනමාපටයක් වන 'ගින්නෙන් උපන් සීතල' පසුගිය සැප්තැම්බර් 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර තදාසන්නව තිර ගත කිරීම ආරම්භ විය.

ලංකාවේ සිනමාවට දැවැන්ත ලෝක ආකර්ෂණයක් හිමිකර ගනිමින් ලබන වසරේ ඔස්කාර් සම්මාන උළෙලේ 'හොඳම චිත්‍රපටය' කාණ්ඩය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා වන එක්සත් ජනපදය තුළ ප්‍රදර්ශනය එලෙස ආරම්භ වූ අතර නෝවෝක් නගරයේ රීජන්සි සිනමා සංකීර්ණය ඒ වෙනුවෙන් වෙන් වේ. ඒ අනුව දිනකට දර්ශන වාර 3 බැගින් ඔක්තෝබර් 4 වනදා දක්වා 'ගින්නෙන් උපන් සීතල' ඇමරිකාවේ තිරගත වනු ඇත.

චිත්‍රපටය ඇමරිකාවට පැමිණීමට ප්‍රථමයෙන් සිටම එරට ශ්‍රි ලාංකිකයන්ගේ දැඩි උනන්දුවක් පැවතුණු අතර එයට හේතුව වූයේ ඔස්කාර් උළෙල වෙනුවෙන් ලංකාව නියෝජනය කිරීමට හොලිවුඩයට පැමිණෙන ප්‍රථම චිත්‍රපටය 'ගින්නෙන් උපන් සීතල' වීමයි. ඒ අනුව පසුගිය සතිඅන්තයේත් ආරම්භක දිනයේත් චිත්‍රපටය වෙනුවෙන් විශාල ප්‍රේක්ෂක සහභාගිත්වයක් ලැබී තිබුණු අතර එම දින තුනේදී දර්ශන වාර තුනක් සම්පුර්ණයෙන්ම පිරි ඉතිරි ගොස් තිබේ. ඒවායේ බහුතර ප්‍රේක්ෂකයන් ශ්‍රි ලාංකිකයන් වෙද්දී අනෙක් පිරිස ඇමරිකානුවන් වීම විශේෂත්වයක් විය.

හොලිවුඩය නියෝජනය කරමින් බොහෝ ප්‍රකට සිනමාකරුවන් චිත්‍රපටය නරඹා තිබූ අතර ඉන් සමහර සිනමාකරුවන් ඔස්කාර් සම්මානයට පාත්‍ර වූවන්. ඔවුන් චිත්‍රපටය ගැන දැක්වූ අදහස ධනාත්මක එකක් වෙත්දී ශ්‍රි ලංකාවේ අනාගත සිනමා හැකියාවන් ගැන සුබ පතා තිබෙනවා. එමෙන්ම ඔස්කාර් උළෙල අයත් ඇකඩමිය වෙනුවෙන්ද එහි සාමාජිකයන් චිත්‍රපටය නරඹා තිබෙනවා.

මෙහිදී ලාංකිකයන් චිත්‍රපටය වෙනුවෙන් දක්වන ලද ප්‍රතිචාරය අතිශය උණුසුම් සහ අතිශය සතුටුදායී එකක් වූ අතර එය විටෙක හැඟුම්බර හා සංවේදී එකක් වූ බවටයි සරසවියට වාර්තා වූයේ. එමෙන්ම එරට සිටින අපේ කලාවේ ප්‍රවීණයන් වන සොමී රත්නායක, ඩොනල්ඩ් කරුණාරත්න, ලින්ටන් සේමගේ, ශිරානි කෞශල්‍යා ආදීන් චිත්‍රපටය වෙනුවෙන් සුබ පැතීමට එක්ව තිබෙනවා.

ගින්නෙන් උපන් සීතල අධ්‍යක්ෂනය අනුරුද්ධ ජයසිංහගෙන් වෙද්දී රෝහණ විජේවීරයන්ගේ චරිතය ප්‍රවීණ රංගධර කමල් අද්දරආරච්චි විසින් නිරුපණය කළේය. ධනුෂ්ක ගුණතිලක කැමරා අධ්‍යක්ෂණයෙන්ද, නාරද තොටගමුව වේශ නිරුපණයෙන්ද 'ගින්නෙන් උපන් සීතල' වෙනුවෙන් එක්වූ අතර මොවුන් සියලු දෙනා මේ වන විට කැලිෆෝර්නියාවේ රැඳී සිටිති.


ජීවන් අධ්‍යක්ෂණයට එම්. පී. අයි. නිෂ්පාදනයට

ජීවිතේ මල් ළඟදී පිපෙයි

යුගයක් එකලු කළ ජනප්‍රිය රංගන ශිල්පී ජීවන් කුමාරතුංග චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිස ඇති වග සරසවියට වාර්තා විය. ජීවිතේ මල් නමින් ඔහු අධ්‍යක්ෂණය කිරීමට නියමිත එම සිනමාපටය නිෂ්පාදනය කිරීමට සූදානම් වනුයේ එම්. පී. අයි. සිනමා මණ්ඩලය වේ.

රන්ජන් රාමනායක, මේනක රාජපක්ෂ, විශ්ව කොඩිකාර සහ විශ්ව ලංකා ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටය ආදරවන්තයින් හතරදෙනෙක් වටා ගෙතුණකි.

මෙම සිනමාපටයෙහි සහාය අධ්‍යක්ෂණය කරනුයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහු සුදේශ් වසන්ත පීරිස්ය. සෙසු චරිතයන් නෙහාරා පීරිස්, ටිනා ශනෙල්, තියුනි විල්සන් රඟනු ලබයි. මෙම මස පළමුවැනිදා සිට රූපගත කිරීම් ඇරැඹෙනු ඇත.


ආදරණීය දුෂ්ටයාණෙනි ඔබට සුබ උපන්දිනක්

රිදී තිරයේ දුෂ්ටයෝ සැබෑ ජීවිතයේ බොහොමත්ම සංවේදී පුද්ගලයෝය. චිත්‍රපටවල චණ්ඩිකම් සැබෑ ජීවිතයේ නැත්තේය. ඒ ගැන උදාහරණද ඕනෑතරම් ඇත්තේය. අපේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි ඊට හොඳම උදාහරණයක් වන්නේය.

චිත්‍රපට රැසක විවිධ චරිත මැවූ හෙතෙම වඩාත් ප්‍රකට දුෂ්ටයාගේ ප්‍රතිරූපයෙන්ය. ඒ රෙක්ස් කොඩිප්පිලි ට මේ මස 6 වැනිදා අසූ විය සපිරෙයි. ගතින් වයසට ගියත් රෙක්ස් සිතින් තවමත් තරුණය. පෙරමෙන්ම රංගනයේ යෙදෙන්නට ඔහුට තවමත් හැකිය. මේ දිනවලදී ටෙලි සිතුවම් ගණනාවකටම ඔහු රංගන දායකත්වය සපයන්නේය. ඔහු පසුගියදා එක්සත් කලා සංගමයේ සභාපතිධූරයටද පත් විය.

රෙක්ස් අය්යා ඔබට සුබ උපන්දිනයක්. ඔබට දීර්ඝායු වේවා!