වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 19 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්්ලෝ තනති

ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති

ගයාන් වික්‍රමතිලක අධ්‍යක්ෂණය කරන 'එකම රෑනේ කුරුල්ලෝ' ටෙලි වෘතාන්තයේ මුහුරක් උලෙළ පසුගිය දින පැවැත්විණි.

වරුණ ජයරත්නගේ නිෂ්පාදනයක් වන මෙහි මහේන්ද්‍ර පෙරේරා, ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, දයාදේව එදිරිසිංහ, නෙතලි නානායක්කාර, සුරාජ් මාපා, සුදර්ශනි ගැලනිගම, ධනංජි තාරුකා, එස්. අයි. සමරක්කොඩි, මධුෂාන් නානායක්කාර රංගනයෙන් දායක වෙති.

තිර රචනය චලක රණසූරිය, සංගීතය පේෂල මනෝජ්, සහය අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන්, කලා අධ්‍යක්ෂණය සුරේන් රාජපක්ෂ, වේශ නිරූපණය ප්‍රියන්ත සිරිකුමාරගෙනි.


සනත්-සබීතා එක්කළ තිරයට නො ආ ‘කවුළුදොර’ තැටියට එයි

චන්දන සිල්වාගේ සම්භාවනීය චිත්‍රපටයක්

කවුළුදොර චිත්‍රපටයේ DVD පිටපත් දැන් ශ්‍රී ලංකා සිනමා කලා සංගමය මඟින් නිකුත්කොට ඇත. ප්‍රවිණ සිනමා විචාරකයකුව සිටි චන්දන සිල්වාගේ එකම වෘත්තාන්ත සිනමාකරණය වූ කවුළුදොර ලංකා චලන චිත්‍රපට නිෂ්පාදනයකි. මෙහි සබීතා පෙරේරා, සනත් ගුණතිලක, රාධා ද මැල්, දයා අල්විස්, ග්‍රේස් ආරියවිමල්, වින්සන්ට් සේරසිංහ, තලතා ගුණසේකර ප්‍රධාන චරිත රඟපාති.

නිශ්චල ඡායාරූප ශිල්පී ප්‍රසන්න පරණවිදාන, කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසත්, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසත්, සංගීත කණ්ඩායම් නායක මාරියස් ප්‍රනාන්දු සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසත්, ප්‍රවීණ සිනමා ලේඛක රූපසේන සිල්වා නිෂ්පාදන කළමණාකරුවකු ලෙසත් සිනමාවට ප්‍රවිෂ්ට වූයේ මෙම චිත්‍රපටයෙනි. කවුළුදොර චිත්‍රපටයේ ගාමිණී විජේතුංග හා චන්දන සිල්වා පබැඳි ගීත මාලිනී බුලත්සිංහල සමඟ මොරිස් විජේසිංහ ගායනය කළහ. ඊබට් විජේසිංහ වේශ නිරූපණයෙන්ද, මොහාන් ඇඩම්ස් කලා අධ්‍යක්ෂණයෙන් ද කවුළුදොර චිත්‍රපටය සඳහා දායක වී ඇත.


අසුරු සැණින් යමුනා විමෝදනී සමග 24 දා සවස

අසුරු සැණින් එක මොහොතකදී ගීතයෙන් රටක් හඳුනා ගත් යමුනා විමෝදනීගේ සොඳුරු ගැයුම් ඇතුළත් ගීතමය ප්‍රසංගයක් මෙම මස 24 වැනිදා සවස 6.30 ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. අසුරු සැණින් මියැසි ගී මිහිර යනුවෙන් නම් කොට ඇති එහි සංගීතය මෙහෙයවීම සිදත් සෝමසුන්දරගෙනි. සෝමතිලක ජයමහ, විශාරද එඩ්වඩ් ජයකොඩි, රෝහණ බෝගොඩ සහ යමුනාගේ පුතු තර්ෂණ මාධව ප්‍රසංගය සඳහා යුග ගායනයෙන් දායක වේ. පූරක දායකත්වය රෝහණ සිරිවර්ධනගෙනි. මෙදින යමුනාගේ නවතම සංයුක්ත තැටිය වන ප්‍රේමයයි වෛරයයි එළි දැක්වෙනු ඇත.

මේ වන විට යමුනාගේ සංගීත දිවියට දශක පහකට ආසන්නය. ඇය වඩාත් ජනාදරයට පත්වූයේ ඉහත සඳහන් කළ අසුරු සැනින් ගීතයෙනි. එහි පද මාලාව කුසුම් පීරිස්ගේය. යමුනාගේ පියා වු ලෙස්ලි අශෝක ගීතය සංගීතවත් කරන ලදී. යමුනාගේ ජනප්‍රිය අනෙක් ගීතය වන ප්‍රේමයයි වෛරයයි ප්‍රේමකීර්ති ද අල්විස්්ගේ රචනයකි.


 සෙංකඩගල ඡායාරූප දැක්ම කොළඹදී

සෙංකඩගල ඡායාරූප කවයට වසර විස්සක් සිපිරීම නිමිති කර ගනිමින් පැවැත් වූ ඡායාරූප තරගයෙන් තෝරා ගත් කෘති ඇතුළත් ප්‍රදර්ශනයක් මෙම මස 24, 25 සහ 26 යන දිනවල කොළඹ 07 ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. එහි සමාරම්භය 24 වැනිදා උදෑසන 10 ට මහාචාර්ය ජේ. බී. දිසානායකයන් අතින් සිදුවනු ඇත. ප්‍රදර්ශනය 25 සහ 26 යන දිනයන්හි උදෑසන 9 සිට සවස 6 දක්වා මහජනයා වෙනුවෙන් නොමිලයේ විවෘතව පවතියි.


 මාරම්බරී 25 දා

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය මාරම්බරී මෙම මස 25 වැනිදා හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ රියදුරු සේවක සංගමයට ආධාර පිණිස පැවැත්වෙන මෙහි සංගීත අධ්‍යක්ෂණය සුසිල් අමරසිංහගෙනි. වසන්ත රෝහණ නිවේදනයෙන් මෙම අවස්ථාව මෙහෙයවනු ඇත. විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සමඟ ශාරණ්‍යා ජයකොඩි මෙහිදී යුග ගැයුමෙන් දායක වනු ඇත.


A Lesson For the Lion 24 වැනිදා

විවිධත්වය තුළ එක්සත්කම දිනමු යන තේමාව පදනම් කරගෙන සාමය හා සංහිඳියාව පිළිබඳ දරුවන්ගේ දැක්ම ගෙනහැර දක්වන සිංගතුක්කු පාඩමක් - A Lesson For the Lion නමින් නාට්‍ය දෙකක් මේ මස 24 වැනිදා සවස 3.00 ට කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී වේදිකා ගත කෙරේ.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙහි වසර 30 ක ආයුධ සන්නද්ධ අරගලයට මැදි වූ ළමයින් 42 ගේ අත්දැකීම් ඇතුළත්ය. වැඩසටහන අවසානයේ සහභාගි වන්නන් සමඟ සුහද සාකච්ඡාවකට ද අවස්ථාව සලසා ඇත.


බොදු ගී ප්‍රසංගයක්

සුභාවිත ගීතයට ආශිර්වාදයක් වූ බොදු ගීතය අගයමින් බොදු ගී ප්‍රසංගයක් මේ මස 25 වැනි පොහෝ දින ප. ව. 7.00 ට යක්කල යොන්ගම්මුල්ල එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ. ඒ සඳහා අනුග්‍රාහක දායකත්වය නිල් දිය ලංකා වෙතිනි.


සාක්කි වේදිකා නාට්‍ය 26

ඉතාලි ජාතික නාට්‍යකරුවකු වන ඩාරියෝ ෆෝ විසින් රචනා කරන ලද Accidental Death of an Anarchist නම් නාට්‍ය කෘතිය ඇසුරෙන් විජිත ගුණරත්න විසින් අනුවර්තනය කරන ලද නිමල් චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කළ 'සාක්කි' වේදිකා නාට්‍යය 2018 අගෝස්තු 26 වැනි ඉරිදා දින සවස 6.30 බොරැල්ල Y.M.B.A  ශාලාවේදී වේදිකා ගත කෙරේ.

විජිත බණ්ඩාර, සනත් කුමාරසිරි, නිමල් චන්ද්‍රසිරි, අවන්ත දිසානායක, ජගත් චන්ද්‍රසිරි, කුමාරි, සේනාරත්න රංගනයෙන් දායක වන අතර වේදිකා පසුතල නිර්මාණය ලාල් හරින්ද්‍රනාත්ගෙනි. සංගීතය ගයාත්‍රි කේමදාස. වේශ නිරූපණය සමන් හේමරත්නගෙනි. සාක්කි පේරාදෙණිය විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ නිර්මාණ සංසදයේ ඉදිරිපත් කිරීමකි.


ජයන්තට 50 යි

සංගීතවේදී ගායන ශිල්පී ජයන්ත රත්නායකගේ 50 වැනි උපන් දින සැමරුම පසුගිය දින පැවැත්විණි. ඒ කොළඹ සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදීය. ඒ සඳහා ප්‍රවීණ ගායන ශිල්පීන් හා කලාකරුවෝ සහ ඥාති හිතෛෂි සියලු දෙනා ඔහුට සුභ පතන්නට එදින පැමිණ සිටීම විශේෂත්වයකි. 50 වැනි උපන් දින සැමරුමට එක් වූ තම බිරිඳ ඇතුළු දූ දරුවන් හා එක්ව පැමිණි කලාකරුවන් සියලු දෙනා එක්ව කේක් කපා ඔහුට සුභාෂිංසන එක් කළහ. ඒ සොඳුරු දිනය සරසවිය සමරු සටහනකට එක් කළ මොහොතයි මේ.