වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ආගන්තුක සත්කාරයක මහිම

ආගන්තුක සත්කාරයක මහිම

සතිස්චන්ද්‍ර එදිරිසිංහ මේ ළඟදී දවසක අනුරාධපුරයේ ගිහිල්ලා. එහෙ ඉන්නවනෙ අපේ අතුල ජයතිස්ස හෙවත් අනුරාධපුරයේ අතුල. සතිස් කෙළින්ම ගිහින් නතර වෙලා තියෙන්නේ එහෙ. අතුල තමන්ට හැකි පරිදි සතිස්ට ආගන්තුක සත්කාර කරලා. ඒ වගේම සතිස්ගේ පැමිණීම ගැන අතුල බොහොම ගෞරවයෙන් කතා කළාලු. ඒ අතරතුරදී සතිස් අතුලගේ ගේ දෙස බැලුවලු.

ළඟදි හුණු ගෑවෙ නැහැ නේද?

සතිස් අහලා.

අතුල නැහැ කියන්න ඔළුව වැනුවලු.

මං ගානෙ සල්ලි දෙනවා අතුලට ගෙදර හුණු ගාන්න. කීය ගියත් සේරම වියදම් මං දෙනවා.

සතිස් එහෙම කියලා පිටත් වෙන්න අසුනින් නැගිට්ටලු. අතුලට සෑහෙන්න පුදුමයි. එකිනෙකාව පාගමින් ජීවත්වන මිනිසුන් සිටින මේ කාලයේ සතිස් වගේ උතුම් ගතිගුණ ඇති අයත් ඉන්නවනෙ කියලා කල්පනා කළාලු.