වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




හොරු හොඳයි

හොරු හොඳයි

රංගන ශිල්පී ආනන්ද අතුකෝරළ

ජාතික රූපවාහිනියේ ‘ඔබ එනතුරු’ත්, ස්වාධීන රූපවාහිනියේ ‘පොඩි මාමා’ත් හිරු රූපවාහිනියේ ‘හිරු තනිවෙලා’ත්, ස්වර්ණවාහිනියේ ‘ලොක්කි’ ත් කියන ටෙලි නාට්‍යවල රඟපෑමෙන් දායකවීමි හරහා ලැබෙන ප්‍රතිචාර නිසා මට දැනෙන්නේ සතුටක්.

උදයකාන්තගේ ‘බහු භූතයෝ - 2’ චිත්‍රපටයෙත් මගේ රූගත කිරීම් ආරම්භ වන්නේ හෙට දිනයේයි. මම කරන ‘හොරු හොඳයි’ වේදිකා නාට්‍ය අරගෙන දිගටම රට වටා යනවා. අලුත්ව වේදිකා නාට්‍යයක පුහුණුවිම් කරනවා. කාවිංග පෙරේරාත් එහිදී මුල්්වරට වේදිකාවට හඳුන්වා දෙනවා.