වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




පරණ වුණත් ගණන් වයින් විතරක් නොවේ

පරණ වුණත් ගණන් වයින් විතරක් නොවේ

අධිරාජ්‍යයකු සතු වූ දෙයක් යළි හිමි විය යුත්තේ අධිරාජ්‍යයකුටමය. ‘මෝගල් - ඒ – අසාම්’ පෝස්ටර්ස් ෂාරුක් ඛාන් තමන් සතුකර ගැනීමට සිතුවේ ඒ නිසයි.

විශිෂ්ට සිනමාපටවල සොඳුරු මතක සිහිවටන පසුගියදා වෙන්දේසි කෙරිණි. එහි තිබූ සුවිසල් ‘මෝගල් - ඒ අසාම්’ මුල්ම පෝස්ටර් දෙක ඔහු පවුම් ලක්ෂ 6.84 කට මිලදී ගෙන තිබේ.

මෙය එදා මෙදාතුර පැවති විශාලම වෙන්දේසිය ලෙසින් සලකනු ලබයි. ශ්‍රී 420 සිනමාපටයේ රාජ් කපූර් සහ නර්ගීස් රඟන කුඩයක් යට ජවනිකාව පවුම් ලක්ෂ 7.5 ක් තරම් ඉතා ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ. දිලිප් කුමාර් සහ මීනා කුමාරි රැඟූ ‘යහුදි’ සිනමාපටයේ අතින් ඇඳි මුල් පෝස්ටර් පිටපත් පවුම් ලක්ෂ 4.8 කට අලෙවි විය.

රාජ් කපූර්, දිලිප් කුමාර්, දේව් ආනන්ද්, මධුබාලා, නර්ගීස්, මීනා කුමාරි සම්බන්ධ සිහිවටනවලට වැඩි ඉල්ලුමක් තිබී ඇත.