වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 173

සිංහල සිනමා විස්තරය 173

තිරගත වූ දිනය – 1989 පෙබරවාරි 25

ඉදිරිපත් කිරීම - කේ. කේ. චිත්‍රපට

නිෂ්පාදනය – කල්‍යාණසිරි ජයසිංහ

කතාව, දෙබස්, ගීත ප්‍රබන්ධය, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – කඳපොළ කුමාරතුංග

 සහාය අධ්‍යක්ෂණය - ෂෙල්ටන් පෙරේරා, චන්ද්‍රලාල් ද සිල්වා, ලක්ෂ්මන් සෙනෙවිරත්න

කැමරා අධ්‍යක්ෂණය – පී. යූ. ඩී. පෙරේරා

කැමරා සහාය - ස්ටැන්ලි මාෂල්, ඒ. ඩී. ප්‍රේමදාස, ජී. නන්දසේන, ලලිත් තෝමස්, ෆ්‍රැන්ක්ලින් රූප්

අතිරේක කැමරා - නිමල් පෙරේරා

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර

අංග රචනය - රෙජී ද සිල්වා, සනත් විජයවර්ධන

කාටුන් චිත්‍ර - ඇස්. සී. ඕපාත

විකට චිත්‍ර - එස්. කරුණාදාස

පහත රට නැටුම් – ඇල්බට් දාබරේ, කරුණාසේන දාබරේ

නැටුම් අධ්‍යක්ෂණය – කුමුදිනි විජේනායක, ශ්‍රියාණි රේනුකා, සිරිමතී රසාදරී

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. වයි. ඒ. ජයමාන්න, ඩබ්. ජී. පොඩිරත්න, අබේසිංහ අල්විස්, පාලිත සිල්වා, රංජිත් පෙරේරා

රසායනාගාර කටයුතු – ප්‍රසාද් වර්ණ රසායනාගාරය – මදුරාසිය

සම්බන්ධීකරණය - ඩිල්මන් ජයරත්න

 ඇඳුම් නිර්මාණය - හේමා මැණිකේ පරකැටවැල්ල

කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා, ලලිත් ධර්මවර්ධන

නාමාවලිය - මීගොඩ නන්දසිරි

නිශ්චල ඡායාරූප – බන්දුල යාපා

නිෂ්පාදන කළමනාකරණය - සේනාධීර කරුණාරත්න, සනී පී. ජයවීර

සංගීත අධ්‍යක්ෂණය - විශාරද ඩී. ආර්. පීරිස්

ගීත - හිම සීතල පිනිමුතු තැවරී – ලතා වල්පොල චංචල සිතුවිලි හද උතුරයි – එච්. ආර්. ජෝතිපාල ලෝහිත ගලනා බොල් පොළවේ – නන්දා මාලිනී මා ප්‍රේම චේතනා සිතක ගොළු වෙලා - වික්ටර් රත්නායක, නිරංජලා සරෝජිනි රංගන දායකත්වය – විජය කුමාරණතුංග, ගීතා කුමාරසිංහ, රොබින් ප්‍රනාන්දු, ෆ්‍රෙඩී සිල්වා, විජය නන්දසිරි, ලීනා ද සිල්වා, මානෙල් වානගුරු, දොන් සිරිසේන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ, බන්දු මුණසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, සිසිර කුමාරතුංග, ශ්‍රීනාත් මල්දෙනිය, ජගත් බෝපිටිය, ලක්ෂ්මන් මල්ලවආරච්චි, ඒ. සුනිල් පෙරේරා, ධර්මසේන නානායක්කාර, නිමල් පල්ලේවත්ත, තිලක් කුමාර රත්නායක, ලීලා ද සිල්වා, කමල් දිසානායක, ජයසේන කීරගල්ල, ආර්. එම්. ගුණතිලක, කේ. ඉන්ද්‍රසේන, උපාලි වෙත්තසිංහ, මේරි ප්‍රනාන්දු, විල්මන් සිල්වා, ලලී වඩුගේ, තිලක් මඩපාත, බන්දුල සේනානායක, අමල් පතිරණ, සුමන බණ්ඩාර පරකැටවැල්ල

තිරගත වූ දිනය – 1989 මාර්තු 24

ඉදිරිපත් කිරීම - කෞශල්‍යා චිත්‍රපට

නිෂ්පාදනය – හර්ෂ කුමාර නවරත්න

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර

සහාය අධ්‍යක්ෂණය- ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු

කැමරාකරණය - සුමින්ද වීරසිංහ

කැමරා හා ආලෝකකරණය - සුනිල් ජයවීර, එන්. චන්ද්‍රසේන, බෙනඩික්ට් ද සිල්වා, ඩබ්ලිව්. විමලසිරි, එන්. ඩී. ජයසේන, දිලුම් චමින්ද

නිෂ්පාදන සහාය – එම්. ජී. උක්කු බණ්ඩාර, රත්නසිරි සමරසේකර, පරාක්‍රම වික්‍රමනායක

නිෂ්පාදන සම්බන්ධීකරණය - ස්වර්ණා මල්ලවආරච්චි

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය – රංජිත් මතඟවීර සහාය ඉමල් ශානක පීරිස්

කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා, චන්ද්‍රසෝම කස්තුරි

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. කේ. පොඩි මහත්තයා, පාලිත සිල්වා, රංජිත් පෙරේරා, අබේසිංහ අල්විස්

සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් හොංකොං කලර් මුවී ලැබ්

නිෂ්පාදක විධායක - හෙක්ටර් හපුගොඩ

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්ෂණය - රංගනය – විජය කුමාරණතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක, සුනේත්‍රා සරත්චන්ද්‍ර, ජේ. එච්. ජයවර්ධන, ග්‍රැන්විල් රුද්‍රිගු, ශ්‍රීනාත් මල්දෙනිය, සුනේත්‍රා දිසානායක, ශිරෝමි වනආරච්චි, ලයන් චමින්ද පුණ්‍යාධීර, ළහිරු සත්රුවන් සිල්වා, කාංචනා ශ්‍රියාරත්න, සුජානි මේනකා දහනායක, ඉතානි නයනතාරා අතපත්තු ආරම්භක සිනමා ශාලා - රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, ටවර් - මොරටුව, කන්ට්‍රාස් - දළුගම, මේකලා - ගම්පහ, රීගල් - මීගමුව, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, වෙම්බිලි - මහනුවර, N I T  කුරුණෑගල, ජෝති – රත්නපුරය, ඡායා - කෑගල්ල

1990 වසරේ පවත්වන ලද 18 වැනි සරසවිය සම්මාන උළෙලේදී හොඳම තිර නාටක රචක, හොඳම සහාය නළුවා, හොඳම සහාය නිළිය, හොඳම වේශ නිරූපණ ශිල්පි, හොඳම ශබ්ද පරිපාලක යන ප්‍රධාන සම්මාන පහකට හිමිකම් කී අතර, පාඨක ඡන්දයෙන් තෝරන ලද වසරේ ජනප්‍රියම චිත්‍රපට හත අතර ඡන්ද 5331 ක් ලබා ගනිමින් තුන්වන ස්ථානයට තේරි පත් විය.

1990 මාර්තු 31 වන දින කොළඹ ටවර් රඟහලේදී පැවති ඕසීඅයිසී උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී නිර්මාණශීලී රංග කුසලතා වනිතා ස්වර්ණ සම්මානය, නිර්මාණශීලී රංග කුසලතා රජත, ස්වර්ණ සම්මාන යුගලය, නිර්මාණශීලී සංස්කරණය, නිර්මාණශීලී කැමරාකරණය, නිර්මාණශීලී තිර රචනය, නිර්මාණශීලී අධ්‍යක්ෂණය යන ප්‍රධාන සම්මාන හිමි කර ගන්නා ලදී.