වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




කලා දිවියට වසර 35 යි

කලා දිවියට වසර 35 යි

ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

මගේ අලුත් ගීතය ‘පෙර දිනයේ වාගේ හමු වෙලා අපි ආයේ’ වෙනුවෙන් රූප රචනාවක් කරමිනුයි සිටින්නේ. එය ළඟදීම එළි දක්වන්න බලාපොරොත්තු වෙනවා.

සැප්තැම්බර් මාසයට මගේ කලා ජීවිතයට වසර 35 ක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ‘සෙනෙහසේ ගී - ඔයා නිසා’ නමින් ප්‍රසංගයක් මහරගම යුත් රඟහලේදී පවත්වන්න සූදානම්.

සැප්තැම්බර් 20 වැනිදා නොමිලයේ පැවැත්වෙන එයට සහභාගි වන මෙන් ආදරණීය රසික ඔබට ආරාධනා කර සිටිනවා.