වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




2016 දිනූ හොලිවුඩ් ලෝකය

2016 දිනූ හොලිවුඩ් ලෝකය

ලොවපුරා තිරගත කිරීමෙන් ඉහළම ආදායම් ලද චිත්‍රපට

01 Captain America: Civil War  (ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ) ඇ. ඩො. මිලියන 1,153.30
02 Finding Dory  (ඇන්ඩෘ ස්ටැන්ටන්) ඇ. ඩො. මිලියන 1,027.90
03 Zootopia (බිරන් හොවර්ඩ් සහ රිච් මුවර්) ඇ. ඩො. මිලියන 1,023.80
04 The Jungle Book (ජෝන් ෆේරෝ) ඇ. ඩො. මිලියන 966.60
05 The Secret Life of Pets (ක්‍රිස් රිනෝඩ්, යාරෝ ෂෙනී) ඇ. ඩො. මිලියන 875.50
06 Batman v Superman: Dawn of Justice (සැක් ස්නයිඩර්) ඇ. ඩො. මිලියන 873.30
07 Rogue One: A Star Wars Story (ගැරත් එඩ්වර්ඩ්ස්) ඇ. ඩො. මිලියන 829.10
08 Deadpool  (ටීම් මිලර්) ඇ. ඩො. මිලියන 783.10
09 Fantastic Beasts and Where To Find Them (ඩේවිඩ් යේට්ස්) ඇ. ඩො. මිලියන 778.30
10 Suicide Squad  (ඩේවිඩ් ඒයර්) ඇ. ඩො. මිලියන 745.60
11 Doctor Strange (ස්කොට් ඩේරික්සන්) ඇ. ඩො. මිලියන 658.50
12 The Mermaid (Mei ren yu) (ස්ටීවන් චෝ) ඇ. ඩො. මිලියන 553.80

ෆෝබ්ස් සඟරාව විසින් පසුගිය වසරේ වැඩිම ආදායමක් ලද හොලිවුඩ් නිළියන්ගේ නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ලොව ඉහළම ආදායමක් ලබන නිළිය ලෙසින් අංක එකේ ස්ථානය හිමි වී ඇත්තේ ජෙනිෆර් ලෝරන්ස්හට යි. ඇය එම නිළි නම් ලැයිස්තුවේ ළාබාලතම නිළියද වෙනවා. The Hunger Games චිත්‍රපට මාලාවෙන් ඉහළ ජනප්‍රියත්වයක් ලද ඇය පසුගිය වසරේදී ඒ Beautiful Planet, X-Men: Apocalypse, Passengers චිත්‍රපට ත්‍රිත්වයට දායක වුණා. තවත් විශේෂත්වයක් නම් මේ හොලිවුඩ් නිළියන් අතරේ බොලිවුඩ් නිළියකගේද නම සඳහන් වීමයි. ඇය දීපිකා පදුකෝන්. ඇයගේ ප්‍රථම හොලිවුඩ් සිනමා නිර්මාණය XXX: Return of Xander Cage ලබන සතියේ සිට තිරගත වෙන්නත් නියමිතයි. ජනප්‍රිය චීන නිළියක වන ෆැන් බින්ග්බින්ග් ද මෙවර ඉහළම ආදායම් ලද නිළියන් දස දෙනා ඇතරට ඇවිත්. ෆෝබ්ස් සඟරාව විසින් මෙම ගණනය කිරීම් සිදුකර තිබෙන්නේ, 2015 වසරේ ජුනි පළමු වැනිදා සිට 2016 වසරේ ජුනි පළමු වැනිදා දක්වා කාලය තුළදීයි.

පසුගිය 2016 වසරේදී ලොව ඉහළම ආදායම් ලද නිළියන් සහ ඔවුන් ලද ආදායම් මෙසේයි.

01 ජෙනිෆර් ලෝරන්ස් - ඇ. ඩො. මිලියන 46
02 මෙලීසා මැකාර්ති - ඇ. ඩො. මිලියන 33
03 ස්කාර්ලට් ජොහැන්සන් - ඇ. ඩො. මිලියන 25
04 ජෙනිෆර් ඇනිස්ටන් - ඇ. ඩො. මිලියන 21
05 ෆැන් බින්ග්බින්ග් - ඇ. ඩො. මිලියන 17
06 චාර්ලිස් ටෙරොන් - ඇ. ඩො. මිලියන 16.5
07 ඇමී ඇඩම්ස් - ඇ. ඩො. මිලියන 13.5
08 ජුලියා රොබට්ස් - ඇ. ඩො. මිලියන 13
09 මිලා කුනිස් - ඇ. ඩො. මිලියන 11
10 දීපිකා පදුකෝන් - ඇ. ඩො. මිලියන 10

ගෙවී ගිය වසරේ අපූරුතම සිනමා නිර්මාණ රැසක් ලොවපුරා තිරගත වුණා. සාර්ථක ආදායමක් ලබා ගන්න ඒ හැම සිනමා නිර්මාණයකටම හැකියාවක් ලැබුණේ නැහැ. ඇතැම් චිත්‍රපට අති සාර්ථක වෙමින් ඉහළ ආදායම් ලබන විටදී තම වියදම් මට්ටමට ළඟාවීමටත් ඇතැම් චිත්‍රපටවලට හැකියාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් පසුගිය 2016 වසරේදී ලොව පුරා සිනමා රසික ප්‍රසාදය දිනා වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත් වූයේ, රූසෝ සහෝදරයන් වන ඇන්තනි රූසෝ සහ ජෝ රූසෝ විසින් අධ්‍යක්ෂණය කළ Captain America: Civil War  චිත්‍රපටය යි. එසේම ප්‍රථම ස්ථාන හතර හිමි චිත්‍රපට බෙදාහැර තිබෙන්නේ වෝල්ට් ඩිස්නි ආයතනය වීමත් විශේෂත්වයකි.