වර්ෂ 2016 ක්වූ මැයි 12 වැනිදා බ්‍රහස්පතින්දා




ගුරු බැති පෙම

ගුරු බැති පෙම

සුදත් රෝහණ කියන්නේ සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්. ක්ෂේත්‍රයට ආව මුල් යුගයේ ඔහුට ගොඩක් උදව් කරලා තියෙන්නේ නැසීගිය තිස්ස අබේසේකරයන්. තිස්සගේ ප්‍රමුඛ පෙළේ ගෝලයෙක් තමයි සුදත් රෝහණ කියන්නේ. ඉතින් මේ ගුරුවරයා ගැන ගෝලයා නිර්මාණය කළ අපූරු වැඩ සටහනක් පසුගිය හත් වැනිදා ජාතික නාළිකාවෙන් විකාශය වූවා. ඒකේ නම තිස්ස ලකුණ. තිස්ස අබේසේකරයන්ගේ පෞද්ගලික සහ කලා දිවියේ තොරතුරු අදාළවයි මෙම නිර්මාණය සුදත් කරලා තිබුණේ.

සැබවින්ම ඒක අගේ ඇති කටයුත්තක්. තවත් විදිහකින් කිව්වහොත් ගුරුවරයෙකුට ගෝලයෙක් දුන්න සොඳුරුතම තිළිණයක්.