වර්ෂ 2015 ක්වූ අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිසරාවි

තිරගත වූ දිනය - 2000 ජූලි 21
ඉදිරිපත් කිරීම - ශක්තිධර චිත්‍රපට
නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ධර්ම ශ්‍රී වික්‍රමසිංහ
සහාය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, අජිත් ගලගෙදර, ඒ. ඩී. රුවන් චමින්ද, රොෂාන් බුලත්සිංහල
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය - පුෂ්ප කුමාර බණ්ඩාරගම
කලා අධ්‍යක්ෂණය - ජයන්ත රණවක
සටන් අධ්‍යක්ෂණය - සේනක විජේසිංහ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, සුමිත් ප්‍රියංක, ඊ. ඒ. ධර්මසිරි
රසායනාගාර ශිල්පි - තිලක් අබේසිංහ - ඩිල් ෆිල්ම්ස්
රසායනාගාර නිලධාරි - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, එරංග පෙරේරා, ප්‍රියන්ජල රත්නායක
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන විධායක - චන්ද්‍රා වික්‍රමසිංහ
නිශ්චල ඡායාරූප - නවෝද් ධනුෂ්ක වික්‍රමසිංහ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රියනාත් රත්නායක
ගීත ප්‍රබන්ධය- බවන්ත ප්‍රසාද්
කැමරා උපකරණ - සුනිල් ටී. ෆිල්ම්ස්
ඇඳුම් සැපයීම - සමන්තා ගුණසේකර
ඇඳුම් නිර්මාණය - සුමුදු විමලසේකර
ගීත හා පසුබිම් සංගීත පටිගත කිරීම - ජනක ශාන්ත (නිෂු ස්ටුඩියෝ)
ගීත හා ගායන ශිල්පීන් - විකසිත නයනේ පැතුම් - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
සඳ කිරණේ මුදු සුවය - උරේෂා රවිහාරි

නළු නිළියන් - රොජර් සෙනෙවිරත්න, ෂෙහාරා ජයවර්ධන, ජයන්ත රණවක, අර්ජුන කමලනාත්, දීපානි සිල්වා, ඉග්නේෂස් ගුණරත්න, විමල් වික්‍රමආරච්චි, සුසිලා කූරගම, රත්නා ලංකා අබේවික්‍රම, සමන් හේමරත්න, සංදීපා සෙව්මිණි, වින්ධ්‍යා මධුසංඛනී, දීපානි මධුෂිකා, ඈන් කුමාරි, ළමා - හංසනී අනුපමා රාජපක්ෂ, ගරු රඟපෑම් - සේනක විජේසිංහ

හංස විලාපය

තිරගත වූ දිනය - 2000 අගෝස්තු 05
ඉදිරිපත් කිරීම - ඔරියන්ට් ෆිල්ම්ස්
නිෂ්පාදනය - එස්. කනපති පිල්ලේ
අධ්‍යක්ෂණය - මොරින් චාරුනී
දෙබස්, තිර නාටකය , කාර්මික අධ්‍යක්ෂණය - වේහැල්ලේ පියතිලක
කතාව - පියල් කුමාරතුංග සහාය අධ්‍යක්ෂණය - මාලා ජීවනී
කැමරාකරණය - සෝමපාල ධර්මප්‍රිය
සහාය- මාර්ෂල් ස්ටැන්ලි
සංස්කරණය - එල්මෝ හැලිඩේ
අංග රචනය - ජේ. සුරනිමල, රොහාන් මුදන්නායක
කලා අධ්‍යක්ෂණය - රංජිත් නයනානන්ද
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්ම්ස්)
රසායනාගාර නිලධාරි - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, එරංග පෙරේරා, ප්‍රියන්ජල රත්නායක
සැකසුම - සරසවිය චිත්‍රාගාරය
ප්‍රචාරක නිලධාරි - ටයිටස් රණසිංහ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - කේ. ඩී. නිකලස්
ගීත හා ගායන ශිල්පීන් - පියෙන් පියදුර - සනත් නන්දසිරි

නළු නිළියන් - මොරින් චාරුණී, ලක්ෂ්මන් ආරච්චිගේ, ඇන්ජලා සෙනෙවිරත්න, සුවිනීතා වීරසිංහ, තිලක් ලියනආරච්චි, විමල් වික්‍රමආරච්චි, සිරිමතී රසාදරී, පියල් කුමාරතුංග, අනෝමා කුමුදිනි, මාලා ජීවනී, අසුන්තා විලියම්ස්, ෂෙරින් විනීතා, චමාරිකා ජීවන්ති

රාජ්‍ය සේවය පිණිසයි

තිරගත වූ දිනය - 2000 අගෝස්තු 11
ඉදිරිපත් කිරීම - යුරේකා ෆිල්ම්ස්
නිෂ්පාදනය - රංජිත් ජයසූරිය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත පතිරගේ, චාල්ස් හේවා කම්බිගේ
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද සහාය- මාෂල් ස්ටැන්ලි
ආලෝකකරණය - යාපා විජය බණ්ඩාර
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
සහාය - පේසල සේරසිංහ
අංග රචනය - හේමන්ත ගමගේ
සහාය - අතුල චමින්ද කළුපහන
කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න
සහාය- රොෂාන් පෙරේරා, අමිල දසනායක
ශබ්ද පරිපාලනය - ඩබ්. ඒ. පොඩිරත්න, විමල් රණවක, සුසන්ත දේවප්‍රිය, ජගත් චාමින්ද, නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, කුමාරසිරි ද සිල්වා
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ, ඩිල් ප්‍රොසෙස්
රසායනාගාර ශිල්පින් - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එච්. ඒ. ඇල්බට්, එරංග පෙරේරා, ප්‍රියන්ජුල රත්නායක
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - අශෝක, සහාය - ප්‍රසන්න, ඩික්සන් පීරිස්
නිශ්චල ඡායාරූප - අජිත් ප්‍රේමලාල්
නාමාවලිය - ශ්‍රියාකාන්ති විතානගේ
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
සහාය- ඉන්දික උදාර ලංකා
වෙඩි පිපිරවීම් - ජී. සෙනෙවිරත්න
ඇඳුම් පැලඳුම් සැකසුම - ශාන්ති වර්ණකුලසූරිය
ප්‍රචාරක කටයුතු - ටයිටස් ඇඩ්වර්ටයිසින් සර්විසස්, කිරුළපන
කාර්මික ශිල්පීන් - මයිකල් කිංස්ලි, චමින්ද පතිරත්න, සෝමදාස පෙරේරා, රොහාන් කරුණාරත්න
හඬ කැවීම් - තිස්ස ජයවර්ධන, ප්‍රසන්න ෆොන්සේකා, සුජීව හරිස්චන්ද්‍ර
විශේෂ දර්ශන ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්
සංගීත අධ්‍යක්ෂණය - දිලුප් ගබඩාමුදලිගේ
ගීත ප්‍රබන්ධය - බණ්ඩාර ඇහැලියගොඩ
ගීත හා ගායන ශිල්පින් - සඳ තනියම - නිරෝෂා විරාජිනි

නළු නිළියන් - සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, ජෝ අබේවික්‍රම, ලින්ටන් සේමගේ, ආචාර්ය සාලමන් ෆොන්සේකා, නිමල් ඇන්තනි, ප්‍රියංකර රත්නායක, සුසාන් ප්‍රනාන්දු, නලින් ප්‍රදීප් උඩුවෙල, කාන්චනා මෙන්ඩිස් (හඳුන්වා දීම), රෝහණ හෙට්ටිආරච්චි, රංජිත් සිල්වා, කපිල සිගේරා, ජගත් බෙනරගම, සරත් චන්ද්‍රසිරි, චමුකා වලිමුණි, රංජිත් රූබසිංහ, දිල්කි නුගවෙල, රාජා සුමනපාල, මිලින්ද පෙරේරා, අනිල් සිරිවර්ධන, රෝහිත ඩයස් ගුණරත්න, රංජනී වන්නිආරච්චි, නිලූ හෙට්ටිආරච්චි, ප්‍රැටික් ජයමාන්න, ජයන්ත අමරසිංහ, ක්ලිපර්ඩ් රිචඩ්, ලාල් එදිරිසිංහ, ඉන්ද්‍ර කුමාර් විමලරත්න, ඩබ්ලිව්. රන්ජන්, ගරු රඟපෑම - රොෂාන් ප්‍රනාන්දු, බුද්ධි වික්‍රම, ධර්ම ශ්‍රී වික්‍රමසිංහ, අනුර හොරේෂස්, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ලෙස්ටර් ගුණවර්ධන, බෙනට් රත්නායක, ඒ. ගුණවර්ධන, අනුර හේරත්, සැම්සන් කළුපහන, ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ, මැක්ෂි ප්‍රනාන්දු

ඇගේ වෛරය 4

තිරගත වූ දිනය - 2000 අගෝස්තු 25
ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට
නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, ඉමෝකා ලියනගේ
කැමරාකරණය - ජී. නන්දසේන
කැමරා සහාය - ප්‍රැන්ක්ලින් රූප්, අරුණ ප්‍රියංකර පෙරේරා, රොහාන් කරුණාරත්න, අජිත් ගලගෙදර, කේ. ඩී. ප්‍රේමසිරි, රොහාන් මොහොට්ටි
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - රොහාන් මුදන්නායක
සහාය - සංජීව රුක්මන්
කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ, ඉමෝකා ලියනගේ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද
රසායනාගාර කටයුතු - තිලක් අබේසිංහ, ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, මධුර ප්‍රභාත්, සුමිත දිසානායක, එච්. ඒ. ඇල්බට්, නිමල් පෙරේරා
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - අනුර විජේසිරිවර්ධන (සිසිර), චතුර පෙරේරා
නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක
නිශ්චල ඡායාරූප පරිගණක නාමාවලිය - සුගි කොමියුනිකේෂන්
පොලිස් ඇඳුම් සැපයීම දර්ශන පසුතල - ශ්‍රීනාත් මල්දෙනිය
වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න
ප්‍රචාරක නිලධාරීන් - චන්ද්‍ර විජේසිරිවර්ධන, යූ. ඩබ්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
කැමරා උපකරණ සැපයීම සහ සංස්කරණ මැදිරිය - සෝනියා දිසා චිත්‍රපට
ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට
ගීත ගායනා හා ගීත - මේ කාලේ පාට පාට ඇදන් - කොරින් අල්මේදා

නළු නිළියන් - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, විල්සන් කරුණාරත්න, සුමනා ගෝමස්, සුරේෂ් ගමගේ, සිසිර කුමාරතුංග, අනූෂා දමයන්ති, ෂෙහාරා ජයවීර, නීතා කුමාරි, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, එරික් ප්‍රැන්සිස්, නිල්මිණි වසන්තා, දීපානි මධුෂිකා, අර්ජුන කමලනාත්, ටීනා නිල්මිණි වසන්තා, ටීනා පත්මකුමාරි, සුදත් කුමාර, වසන්තක ඩී. සිල්වා, ජයන්ත රණවීර, ජෙරෙස්පූර්, කුමුදු නිලවීර, කරාටේ රාජා, ශ්‍රීනාත් මල්දෙනිය

සළුපට අහසට 2

තිරගත වූ දිනය - 2000 සැප්තැම්බර් 27
ඉදිරිපත් කිරීම - යාසින් චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, සුරේෂ් යාසීන්
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග
සහාය අධ්‍යක්ෂණය හා කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - තරංග රුක්මල්වල
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - විමල් රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න
රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ (ඩිල් ෆිල්ම්ස්)
රසායනාගාර ශිල්පීන් - ඩබ්ලිව්. එම්. තිලකරත්න, චමින්ද එස්. පෙරේරා, එස්. එම්. ප්‍රභාත්, එම්. එස්. රංග
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - කරු දිසානායක
ප්‍රචාරක කටයුතු - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - සෝනියා දිසා
චිත්‍රපට නාමාවලිය - සුගී කොමියුනිකේෂන්
නිශ්චල ඡායාරූප - ජී. නන්දසේන
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම

නළු නිළියන් - වීණා ජයකොඩි, ශ්‍රීනාත් මද්දුමගේ, සුරේෂ් ගමගේ, අනූෂා සොනාලි, සෝනියා දිසානායක, ප්‍රෙමිලා කුරුප්පු, මියුරි සමරසිංහ, සුරේනි සෙනරත්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩ්වඩ් ගුණවර්ධන, සිසිර කුමාරතුංග, යසවතී අබේරත්න, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, චතුර පෙරේරා, රූපා වීරතුංග, එරික් ප්‍රැන්සිස්

සඳ යහනට

තිරගත වූ දිනය - 2000 නොවැම්බර් 03
ඉදිරිපත් කිරීම - සිනේ සිතාරා
නිෂ්පාදනය - අනිල් ආනන්ද ජයසූරිය
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - මොහොමඩ් මොහාන් නියාස්
සහාය අධ්‍යක්ෂණය - කල්යාන චන්ද්‍රසේකර, ශේන් කුඩාගම
කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමාආරච්චි
කැමරා සහාය - ස්ටැන්ලි මාර්ෂල්, යාපා විජේබණ්ඩාර
ආලෝකකරණය - සුරේන්ද්‍ර කුමාර, රෝහණ ප්‍රේමචන්ද්‍ර, වී. කේ. එල්. ප්‍රේමලාල්, කිංස්ලි රේමන්, ඩී. ඩී. එස්. සිරිලාල්, අජිත් ගලගෙදර
සංස්කරණය - එම්. එස්. අලිමාන්
අංග රචනය - ජේ. සුරනිමල සහාය - ලක්මිණ නයනකාන්ත, රත්නායක
කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්
කලා සහාය - දමිත් නන්දලාල්, ගාමිණී වසන්ත සිරිවර්ධන, චන්දන නිශාන්ත පීරිස්, හේමසිරි ඩයස් කාරියවසම්
පසුතල සම්බන්ධීකරණය - ජගත් චන්ද්‍රරත්න, එච්. එම්. සෞම්‍යරත්න, කීර්ති විජේනායක
සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල
ශබ්ද පරිපාලනය - ගයනල් ගුණරත්න
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කුමාරසිරි ද සිල්වා, කේ. පී. නන්ද කුමාර, ධර්මසිරි
රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම් ඉන්ටර්නැෂනල්
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - පාලිත තෙන්නකෝන්
නිශ්චල ඡායාරූප - නිමල් වීරසූරිය
සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම
සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, මුදිත කුඹුකගේ (නෙකෝ ශබ්දගාරය)
අතිරේක පසුබිම් හඬ - ජී. ගුණවර්ධන, ලෙස්ලි රාමනායක, දීපාල් සිල්වා, නයනා ජයතිලක, සකුන්තලා පීරිස් ක්‍රියාකාරි
නිෂ්පාදන සහාය - සංජීව රුක්මල්, වී. සුකුමාල, ඩිංගිරි බණ්ඩා, අශෝක සුදේශ් පීරිස්
දෙබස් පටිගත කිරීම - විමල් රණවක
කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
ධාවන කාලය - පැය 1.58
ක්‍රියාදාම දර්ශන මෙහෙයවීම - ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, පාලිත සිල්වා, රොෂාන් පිලපිටිය, ජී. ආර්. පෙරේරා, සේනක විජේසිංහ, රෝහිත මාන්නගේ, සීතා කුමාරි, පබෝධා සන්දීපනී, වාසිත සමරනායක, සඳුන් විජේසිරි, ලයනල් වික්‍රම, සුනිල් ප්‍රේමකුමාර, ජගත් චන්ද්‍රරත්න, ප්‍රදීප් හෙට්ටිආරච්චි, ශ්‍රීමතී හීනටිගල, තිස්ස උඩංගමුව, අර්ඩ්ලි වෙදමුණි, ලලිත් වලිසුන්දර, සම්පත් සෙනෙවිරත්න, රන්ජන් ජයසේකර, ප්‍රියන්ත කුමාරසිරි, සුධර්මා ලාලනි, මාරි ලක්දාස්, නිමාලි සිල්වා, ශ්‍රීනාත් මල්්දෙනිය, දයා පෙරේරා, පියදාස සෙනෙවිරත්න, ෆෑන්ක් කුරුකුලසූරිය, දයාරත්න සිරිවර්ධන, නිමල් කිතුලම්පිටිය, වින්ධ්‍යා මධුසංඛනී, සිසිර කොඩිකාර, කල්‍යාණි දඹුමුල්ල, ආර්. පී. සිරිවර්ධන, ජිනදාස ගමගේ, එම්. තක්ෂිලා තෙන්නකෝන්, අරුණ ශාන්ත පතිරණ, ඩී. ටී. ජයසූරිය, ඩී. ආර්. සරත් බණ්ඩාර, ජගත් හේමන්ත විජේරත්න, ප්‍රියන්ත පුෂ්පකුමාර, ජනදාස ගමගේ

ගිනිගත් මධුසමය

තිරගත වූ දිනය - ඉදිරිපත් කිරීම - ශ්‍රී ජය සිනෙරු
නිෂ්පාදනය - රාණි පෙරේරා, කුමාර තිස්ස පන්ඩුල, එරංග සේනාරත්න
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න
සහාය අධ්‍යක්ෂණය - චන්දන එදිරිසිංහ
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් සහාය - ස්ටැන්ලි මාෂල්
ආලෝකකරණය - චමින්ද පතිරත්න, සෝමදාස පෙරේරා, රෝහණ පෙරේරා, ෆ්‍රැන්ක්ලින්
රූප සංස්කරණය - ඩෙන්සිල් ජයවීර
අංග රචනය - පුෂ්පකුමාර බණ්ඩාරගම
කලා අධ්‍යක්ෂණය - සෝමසිරි අසුරමාන්න සහාය - බ්‍රයන් ස්පිටල්
සටන් අධ්‍යක්ෂණය - නිමල් පල්ලේවත්ත
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්ද සහාය - ආර්. ඒ. විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, කුමාරසිරි ද සිල්වා
රසායනාගාර කටයුතු - එස්. ගමගේ (සරසවි), තිලක් අබේසිංහ (ඩිල් ප්‍රොසෙස්)
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - රූපසේන සිල්වා
නිෂ්පාදන කෘත්‍යාධිකාරි - එම්. ඒ. ගෆූර්
නාමාවලිය - දුලානි ග්‍රැෆික්ස් - රත්මලාන
පසුබිම් හඬ - උදය කුමාරි, මිල්ටන් සෙබස්තියන්, රවීන්ද්‍ර කෝදාගොඩ
විවිධ සහාය - ඩී. ඩබ්ලිව්. රෙජී, බන්දුල ලියනගේ
සංගීතය පටිගත කිරීම - මහී ශබ්දාගාරය
ගීත පටිගත කිරීම - ජෝ නෙත් ශබ්දාගාරය
නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩිනල් රොෂාන්ති සේනාරත්න
කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස්
සංගීත අධ්‍යක්ෂණය - මාරියස් ප්‍රනාන්දු
ගීත රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
ගීත ගායනය සහ ගීත - යෞවන මුතුමාලේ - රාජු බණ්ඩාර, මල්කුමාරි ගීතරාණි
කුමරාන ඔබ කෝ මගේ - නිරෝෂා විරාජිනි

නළු නිළියන් - රොෂාන් පිලපිටිය, අනූෂා දමයන්ති, නිමල් පල්ලේවත්ත, සරණපාල ජයසූරිය, ගාමිණී ජයලත්, මානෙල් චන්ද්‍රලතා, හිලේරියන් පෙරේරා, පද්මි විජේතුංග, ෂේන් කුඩාගම, දයාරත්න සිරිවර්ධන, චන්ද්‍රිකා සිල්වා, රුවන් හේවගේ, රෝහිත ඩයස්, නුවන් ප්‍රියංකර, සුනිල් සොයිසා, රංජිත් ගාමිණී පෙරේරා, මහින්ද අබේසිංහ, සමිත අමරසේකර