වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමාව

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

අමාන්තය

තිරගත වූ දිනය - 1996 නොවැම්බර් 23

ඉදිරිපත් කිරීම - නිරුකා චිත්‍රපට

නිෂ්පාදනය හා සංගීත අධ්‍යක්ෂණය - සුනේත්‍රා සරච්චන්ද්‍ර

කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - නිහාල් ප්‍රනාන්දු

සහාය අධ්‍යක්ෂණය - උදේනි අල්විස්

කැමරා අධ්‍යක්ෂණය - මර්සලින් එස්. පෙරේරා

කැමරා සහාය - රෝච් මිසියර්

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ගුණසේකර

අංග රචනය - තරංග රුක්මල්වල

ආලෝකකරණය - පාලිත ගොඩගේ, කේ. කේ. ගුණරත්න, නලින් පෙරේරා, විජේරත්න කොටහේවා

නිෂ්පාදන සහාය - රුචිර ප්‍රනාන්දු, ඩී. ආර්. ජයසේකර, කේ. එම්. ඩී. සෝමදාස, සුනිල් මනම්පේරි

කලා අධ්‍යක්ෂණය - බණ්ඩාර දිසානායක සහාය - රවීන්ද්‍ර කඹුරුගමුව

දෙබස් පටිගත කිරීම, ශබ්ද සංකලනය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්

රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර නිලධාරින් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර

ශබ්දාගාර හා සංස්කරණ මැදිරිය - ටී. කේ. චිත්‍රාගාරය

රංගන නිර්මාණය - ත්‍රිමාල් වනිගරත්න

ඇඳුම් සැකසුම - ශීලා රත්නායක

සංගීතය පටිගත කිරීම - ඩොනල් අයිවන් - ජෝ නෙත් ශබ්දාගාරය

නිශ්චල ඡායාරූප - ශාන්ත විජේසිරි, පාලිත ලක්ෂ්මන්, රෝජ් මිසියර්

නාමාවලිය - ගිවන්ත අර්ථසාද් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, නිහාල් ප්‍රනාන්දු

ගීත - නිවා තාරකා මා ඈතින් ඈතට - සුනේත්‍රා සරච්චන්ද්‍ර, නිහාල් ප්‍රනාන්දු
වල්මත් වූ මා - නිපුනිකා ජාගොඩ

රංගන ශිල්පීන් - සුනේත්‍රා සරච්චන්ද්‍ර, නිහාල් ප්‍රනාන්දු, ඩග්ලස් රණසිංහ, හෙන්රි ජයසේන, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, වින්සන්ට් සේරසිංහ, සුනිලා අබේසේකර, බුද්ධි වික්‍රම, පුෂ්පලතා පෙරේරා, සැනට් දික්කුඹුර, නිපුනිකා ජාගොඩ, ත්‍රිමාල් වනිගරත්න, කාමන් ද සිල්වා, පියල් නානායක්කාර, නිහාල් අරුණසිරි, රවීන්ද්‍ර කඹුරුගමුව, නදීශානි විජේරත්න, සන්ධ්‍යා විජේසිරි ප්‍රදර්ශනය - කොළඹ රීගල් ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය.

බවසසර

තිරගත වූ දිනය - 1996 නොවැම්බර් 29

ඉදිරිපත් කිරීම - ඇස්. ජී. ෆිල්ම්ස්

අධ්‍යක්ෂණය - මාරියෝ ජයතුංග

කතාව, දෙබස්, තිර නාටකය හා ගීත ප්‍රබන්ධය - මහින්ද කේ. ප්‍රේමසිරි

සහාය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න, රත්නායක මාරසිංහ, මහින්ද කේ. ප්‍රේමසිරි

කැමරා අධ්‍යක්ෂණය - රෝච් මිසියර්

සංස්කරණය - අසංග පෙරේරා

අංග රචනය - තරංග රුක්මල්වල

කලා අධ්‍යක්ෂණය, නාමාවලිය හා ඇඳුම් නිර්මාණය - ඇහැලියගොඩ සෝමතිලක

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ඩබ්. ජී. පොඩිරත්න, ඩී. එච්. කේ. ජයමාන්න, සුනිල් උපාලි, ජී. සමරවීර, කේ. ජී. නන්ද කුමාර, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල

රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න (ඩිල් ප්‍රොසෙස්)

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, කීර්ති පුෂ්පකුමාර, ඩබ්ලිව්. ඒ. එච්. තිලකරත්න, මහින්ද සෙනෙවිරත්න, බන්දුල අතුකෝරාල

සැකසුම - සරසවි චිත්‍රාගාරය කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා

ගීත පටිගත කිරීම - නිෂු ශබ්දාගාරය - නාවල

සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම

ගීත - මුරුගසන් වැහි වහිනවා - විශාරද නන්දා මාලිනී
ඩිංගක් ඩිංගක් ළං වීලා - මිල්ටන් මල්ලවආරච්චි
මගේ සිත ආදරෙන් වැලපේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක
මැදියම් රෑ මැදියමේ - සුනිල් එදිරිසිංහ
වේදනා මායිමේ - නුවන් ගුණවර්ධන, ලතා වල්පොල

රංගනය - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, සනෝජා බිබිලේ, රෙක්ස් කොඩිප්පිලි, මියුරි සමරසිංහ, ලින්ටන් සේමගේ, මර්වින් ජයතුංග, රත්නා ලංකා අබේවික්‍රම, කුමුදු නිශාන්ත පෙරේරා, රත්නායක මාරසිංහ ප්‍රදර්ශනය - රිට්ස් - බොරැල්ල ඇතුළු පළමුවනි මණ්ඩලයේ සිනමා ශාලා

මධුරි

තිරගත වු දිනය - 1996 දෙසැම්බර් 06

ඉදිරිපත් කිරීම - රෝයල් චිත්‍රපට

නිෂ්පාදනය - බන්දුල පියතිලක, රසිකා පියතිලක

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

සහාය අධ්‍යක්ෂණය - ප්‍රසන්න වනසිංහ

කැමරාකරණය - බන්දුල කුරේ සහාය- ඊ. එම්. සෙනෙවිරත්න

සංස්කරණය - එල්මෝ හැලිඩේ

සහාය- වික්‍රමසිංහ සෙනෙවිරත්න

අංග රචනය - ජී. ඩී. නන්දසිරි

කලා අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයවීර

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ටී. ජයවීර, උපාලි පෙරේරා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, එස්. ප්‍රේමදාස, සුනිල් උපාලි, උපාලි අරම්පොල, සුසන්ත ධර්මප්‍රිය

රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර

ශබ්ද පටිගත කිරීම - සරසවි චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම - නිෂූ ශබ්දාගාරය

දෙබස් පටිගත කිරීම - විමල් රණවක, රංජිත් පෙරේරා

ඇඳුම් නිර්මාණය - ආනන්ද බස්නායක, ඩ්‍රෙස් සෙන්ස්, නන්දනී නානායක්කාර

කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන සහාය- ආරී

කාර්මික උපකරණ - සිනෙක්විප්, එස්. බටුගොඩ

නිෂ්පාදන කළමනාකරණය සහ නිශ්චල ඡායාරූප - ඩොනල් ජැන්සන්

නාමාවලිය - ප්‍රියන්ත උඳුගොඩ

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, ධර්මසිරි ගමගේ. හේමසිරි හල්පිට ප්‍රේමදාස ගජමාරගේ

ගීත - එරන් රන් මංජුසාවක - අමරසිරි පීරිස්, මාලිනී බුලත්සිංහල, දමයන්ති ජයසූරිය
ආදර මල් පිපුණ වසන්තේ - මිල්ටන් මල්ලවආරච්චි ඩාලිං ලුසී - වෝල්ටර් ප්‍රනාන්දු, සොන්ඩ්‍රා වයිස්
මධු මී කලතා දැනුණා ආදරේ - ප්‍රියංකර පෙරේරා, දමයන්ති ජයසූරිය
ආදර මල් පිපුණා - දමයන්ති ජයසූරිය

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි අශෝකමාලා, ප්‍රියංකර පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, සනෝජා බිබිලේ, ටෙනිසන් කුරේ, ඇන්ජලා සෙනෙවිරත්න, ශ්‍රියාණි මහවත්ත, නිලානි මොනරවිල, ශාලිකා විමලනාථ (ළමා), රෝහිත මාන්නගේ, ඇල්ෆ්‍රඩ් පෙරේරා, ප්‍රේමදාස ගජමන්ගේ, ජිනදාස කොඩිප්පිලි, ප්‍රේමදාස විතානගේ ප්‍රදර්ශනය - රාජගිරියේ ඉම්පාලා ඇතුළු හතරවන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය.

යසෝමා

තිරගත වූ දිනය - 1997 ජනවාරි 03

ඉදිරිපත් කිරීම - සිනමා බුද්ධි

නිෂ්පාදනය - බුද්ධි කීර්තිසේන

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - මොහාන් නියාස්

කැමරා අධ්‍යක්ෂණය - ඇන්ඩෘ ජයමාන්න සහාය- මාෂල් ස්ටැන්ලි

සංස්කරණය - සිරි කේ. විතාරණ

අංග රචනය - නිමල් සුභසිංහ

කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස්

ශබ්ද සහාය - සරත් සිරිබද්ධන පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන

රසායනාගාර කටයුතු - ප්‍රසාද් චිත්‍රාගාරය, චෙන්නායි

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය , තලවතුගොඩ

නිෂ්පාදන කළමනාකරණය - යූ. කේ. මහින්ද

නිෂ්පාදන විධායිකා - නදීකා ගුණසේකර

නිශ්චල ඡායාරූප - විල්සන් ලියනගේ

නාමාවලිය - ගම්පොල ලලිත කුමාර

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ විරසිංහ

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ ගීත - (මෙහි ඇතුළත් වූයේ එක් ගීතයක් පමණි) හිමි පාමුල - චන්ද්‍රිකා සිරිවර්ධන

නිෂ්පාදන අංශයේ සහාය - ශාන්ත එදිරිසිංහ, ඇම්. පී. චන්ද්‍රපාල, ගාමිණී පතිරණ, අශෝක ජයසිංහ, සුසිල් පද්මසිරි, ඩබ්. ඒ. කරුණාරත්න

සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ), සහාය- මුදිත කුඹුකගේ

කැමරා උපකරණ සැපයීම - ඊ. ඒ. පී. චිත්‍රපට, සම්පත් ෆිල්ම්ස්, ෆිල්ම් ලොකේෂන් සර්විස්, ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්

ආලෝකකරණය සහාය - ඇම්. ඩී. ඇන්ටනි, ඊ. එල්. එස්. පෙරේරා, විජේරත්න, ජයතිස්ස, සුමේන්ද්‍ර සිල්වා, කර්ලිස් ඇන්ටනි

ධාවන කාලය - පැය 2 විනාඩි 10 දිග අඩි 13000 - පිටපත් ප්‍රමාණය 14

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙනිය, ලකී ඩයස්, නදීකා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, මර්වින් ජයතුංග, සනෝජා බිබිලේ, ලින්ටන් සේමගේ, ක්ලීටස් මෙන්ඩිස්, ඉග්නේෂස් ගුණරත්න, විශාකා සිරිවර්ධන, නීල් අලස්, ආනන්ද වික්‍රමගේ, උපාලි සෙනරත්, ඇල්හාර්ඩ් මල්ලිකාආරච්චි, ලීනස් අප්පුහාමි, හසිත අබේරත්න, සුමිත්‍රා රාජපක්ෂ, ලක්ෂ්මන් කුමාර, සරත් විජේසිංහ, උදය කුමාරි රණසිංහ, ශ්‍රීනාත් මල්දෙනිය, තිස්ස විමලසේන

ආරම්භකදින සිනමා ශාලා (සම්භාව්‍ය පස් වෙනි මණ්ඩලය) රීගල් - කොළඹ, ලිඩෝ - බොරැල්ල, මෙට්රෝ - නුගේගොඩ, ඕඩියන් - ගල්කිස්ස, කන්ට්‍රාස් - දළුගම, ටී පී. - කඩුවෙල, රීගල් - මීගමුව, නයෝමි - ගම්පහ, අනුර - පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සිනමා - මාතර, රීගල් - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මිලානෝ - කෑගල්ල, දර්ශන - කොස්වාඩිය

ඇගේ වෛරය II

තිරගත වූ දිනය - 1997 ජනවාරි 17

නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන්

සහාය අධ්‍යක්ෂණය - සමන් සිල්වා කැමරා අධ්‍යක්ෂණය - මාෂල් ස්ටැන්ලි

කැමරා සහාය - සෝමදාස පෙරේරා, කේ. ඩී. ප්‍රේමසිරි, සමන් චන්ද්‍රසිරි, උපල්, චමින්ද සංස්කරණය - එල්මෝ හැලිඩේ

සංස්කරණ සහාය - වික්‍රම සෙනෙවිරත්න

අංග රචනය - ගාමිණි කොස්තා සහාය අනුර ජයසේකර

කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, උපාලි පෙරේරා, සුසන්ත ධර්මප්‍රිය, ටී. ජයවීර

රසායනාගාර නිලධාරි - මහින්ද සෙනෙවිරත්න

රසායනාගාර ශිල්පීන් - එච්. ඒ. ඇල්බට, තුෂාර දඹදෙණිය, චමින්ද එස්. පෙරේරා, සරත් කුමාර, සුසන්ත, මල්කාන්ති, සේනක මොහොට්ටාල, සමන්ත බණ්ඩාර, නිමල් කළුබෝවිල

නිෂ්පාදන අධිකාරි - කරු දිසානායක

නිෂ්පාදන කළමනාකරණය - අනුර විජයසිරිවර්ධන (සිසිර)

සහාය- ඇම්. මයිකල් පෙරේරා (ටී බෝයි)

ප්‍ර‍්‍රවාහන කළමනාකරු - විමලසිරි

ප්‍රචාරක කළමනාකරු - යූ. ඩබ්. ප්‍රේමරත්න, රන්ජිත් කරුණාතිලක

වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ

ගීත සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්

ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු

ගීත ගායනය - මරියසෙල් ප්‍රනාන්දු

ගීත - බජාර් එකේ රජ කෙල්ලකි මං - මරියසල් ගුණතිලක

ධාවන කාලය - පැය 1 විනාඩි 40 දිග අඩි 10000

නළු නිළියන් - තිලක් ජයවීර, චන්කි ඉපලවත්ත, සුමනා ගෝමස්, චන්දි රසිකා, සොමී රත්නායක, තිස්ස විජේසුරේන්ද්‍ර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බුලත්සිංහලගේ, ජේ. එච්. ජයවර්ධන, තිලකරත්න මඩපාත, පියදාස සෙනෙවිරත්න, ජයන්ත වීරසිංහ, ජයන්ත ප්‍රනාන්දු, දමිතා සළුවඩන, වර්ජිනිය සොලමන්ස්, තිලකා දැරණියගල, රේණුකා ගාල්ලගේ, චන්ද්‍රිකා ඩිලානි, මංජුලා සුදර්ශනී, නෙළුම් කුමාරි, පිංකි, ගාමිණී පුෂ්ප කුමාර, කීර්ති රාජිත පීරිස්, රංජිත් හොරේතුඩුව, රත්නපුරේ සෝමරත්න, වලිගොඩගේ රේණුකා,ඉරේෂා නිල්මිණි, ලලිතා පුෂ්පාංජලී, චන්ද්‍රා මඩපාත


දුවට මවක මිස

තිරගත වූ දිනය - 1997 පෙබරවාරි 14

ඉදිරිපත් කිරීම - සුමති ෆිල්ම්ස්

නිෂ්පාදනය - මිලිනා සුමතිපාල

අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස්

කතාව - ජී. බී. සේනානායක ශූරීන්ගේ 'එකට එක' නවකතාව ඇසුරිනි

දෙබස් හා තිර රචනය - ටෝනි රණසිංහ

සහාය අධ්‍යක්ෂණය - බන්දුල ඒකනායක, දිනේෂ් ජයරංග

කැමරාකරණය - කේ. ඒ. ධර්මසේන

විදුලි ආලෝකකරණය - පී. ඩී. ආරියපාල, තිලක් රන්ජන්, ලැම්බට් ප්‍රේමතිලක, අශෝක වීරසිංහ

අංග රචනය - හේමන්ත ප්‍රනාන්දු

කලා අධ්‍යක්ෂණය - මානි මෙන්ඩිස්

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල

ශබ්ද සහාය - ටී. ජයවීර, උපාලි පෙරේරා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, සුසන්ත ධර්මප්‍රිය, ප්‍රේමදාස, සුනිල්

සැකසුම - සරසවි චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ෂණය - නිමල් මෙන්ඩිස්

ගීත ප්‍රබන්ධය - සොමි සේකරාම

ගීත ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව ගීතය - ඔබේ ආදරේ තනුව රාව නොනගනා

නළු නිළියන් - ටෝනි රණසිංහ, සනත් ගුණතිලක, සංගීතා වීරරත්න, වසන්ති චතුරාණි, රන්ජන් රාමනායක, ශ්‍රියානි අමරසේන, යසෝධා විලධර්ම, මැණිකේ අත්තනායක, ඩබ්ලිව්. ජයසිරි, ෆීලික්ස් ප්‍රේමවර්ධන, අමා විජේසේකර, රොජර් සෙනෙවිරත්න ආරම්භක ප්‍රදර්ශනය - එම්පයර් - මරදාන, අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, වේල්ස් - මහනුවර, එමෙස් - මොරටුව, සිනෙක්ස්පෝ - කුරුණෑගල, පබ්ලික් හෝල් - ගම්පහ, එස්. කේ. සිනමා - මාතර, ප්‍රින්ස් - ගාල්ල, ශ්‍රී ලංකා - වෙන්නප්පුව, නිව් ලක්ෂ්මී - රත්නපුරය, විජයන්ති - කඩුවෙල, රත්නාවලී - ජාඇල, ප්‍රිස්කා - කළුතර, රෙක්ස් - බදුල්ල

පුතුනි මට වාසනා

තිරගත වූ දිනය - 1997 මාර්තු 14

ඉදිරිපත් කිරීම - ජී. එස්. චිත්‍රපට

නිෂ්පාදනය - ගාමිණී සිරිවර්ධන

දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්

කතාව - ශ්‍රීලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - ජී. ඩී. නන්දසේන කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)

ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන

රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් - බත්තරමුල්ල

රසායනාගාර නිලධාරීන් - සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්ප කුමාර, එච්. ඒ. ඇල්බට්

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ප්‍රේමදාස ගජමන්ගේ

ගීත - ශාන්ත හදවත් කිඳුරිය - ආනන්ද පෙරේරා, ලතා වල්පොල රෝස මලේ ඔබ කොහිදෝ - සුදේශ් වසන්ත පීරිස්, ලතා වල්පොල මේ වාගේ නේද අපි දෙන්නා - උරේෂා රවිහාරි මගේ ලොවේ මිණි පහන් - උරේෂා රවිහාරි, ලතා වල්පොල

නළු නිළියන් - ජීවන් කුමාරතුංග, සංගීතා වීරරත්න, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, සඳුන් විජේසිරි, සමන්ති ඈපාසිංහ, ශ්‍රීලාල් අබේකෝන්, මර්සි එදිරිසිංහ, චිත්‍රා වාකිෂ්ට, කුසලා බී. පෙරේරා, තලතා ගුණසේකර, වින්සන්ට් වාස්, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, ටී. එම්. සංඝදාස, මහින්ද සිල්වා

ආරම්භක සිනමා ශාලා - රිට්ස් - බොරැල්ල, සෙයින්ස්තාන් - ග්‍රෑන්ඩ්පාස්, විජිත - රත්මලාන, හිමාලි - කිරිබත්ගොඩ, අනූෂා - මහරගම, ජයලත් - කටුනායක, ෂැම්රොක් - වෙන්නප්පුව, සම්පත් - පානදුර, බ්‍රෝඩ්වේ - මාතර, චිත්‍රා - කළුතර, රීගල් - අම්බලන්ගොඩ, ජුපිටර් - කුරුණෑගල, ධනසිරි - වරකාපොල