වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

සඳරේඛා

තිරගත වූ දිනය - 1993 සැප්තැම්බර් 24
ඉදිරිපත් කිරීම - පූජා චිත්‍රපට
නිෂ්පාදනය - ගාමිණී ලක්ෂ්මන් ප්‍රනාන්දු
කතාව - ප්‍රීතිරාජ් වීරරත්න දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා සහාය - එස්. මාටින්, එම්. අනුර, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න
සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය - ධනේෂ් ලංකා පීරිස්
අංග රචනය - බෙනට් ජයතුංග
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය සහ ගීත පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
සහාය ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු
ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි සිල්වා
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
කොණ්ඩා සැකසුම - සරත් රණවීර
සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ක්‍රිස්ටන් ලක්ෂ්මන් ප්‍රනාන්දු, චන්දන පෙරේරා
නිෂ්පාදන විධායිකා - ජසින්තා ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - ඉන්ද්‍රනාථ තේනුනවර, ක්ලිපඩ් මරේ
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක
ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, කුලරත්න ආරියවංශ, හේමසිරි හල්පිට
ගීත -
අහන්න රංකඳ මාගේ - ෆ්‍රෙඩී සිල්වා, මායා දමයන්ති පෙරේරා
සන්තානේ මන්දීරේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන
මඩදිය පොකුණේ පිපිච්ච - වික්ටර් විජයන්ත, ෂෙල්ටන් මුතුනමගේ, ග්‍රේෂන් ආනන්ද
කෙල්ලන්නේ සිනා නෙළලා - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල, මායා දමයන්ති, ෆ්‍රෙඩී සිල්වා
සුළං කෝඩේ කොහෙන්ද ආවේ - ලතා වල්පොල
නළු නිළියන් - රන්ජන් රාමනායක, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, මර්වින් ජයතුංග, කමල් අද්දරආරච්චි, විල්සන් කරුණාරත්න, නිෂාරා හෙට්ටිආරච්චි (ළමා), ගීතා කාන්ති ජයකොඩි, ක්ලීටස් මෙන්ඩිස්, චිත්‍රා වාකිෂ්ට, බර්ටි ගුණතිලක, ස්ටැන්ලි වර්ණකුල, තිලක් රණතුංග

නෙළුම් සහ සමන්මලී

තිරගත වූ දිනය - 1993 ඔක්තෝබර් 08
ඉදිරිපත් කිරීම - නලින් එන්ටර්ප්‍රයිසස්
නිෂ්පාදනය - සමතපාල ජයවර්ධන
කතාව - නෙළුම් විලේ සමන් මලක් චිත්‍ර කතාව ඇසුරිනි
දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - චන්ද්‍රරත්න මාපිටිගම
සහාය අධ්‍යක්ෂණය - ගාමිණී ඉන්ද්‍රරත්න
කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය - රමණී සුමනවර්ධන
අංග රචනය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ, සෙනරත් මාපිටිගම
ශබ්ද පරිපාලනය - එම්. ජී. එම්. සමන්තිලක
ශබ්ද සහාය - මහේන්ද්‍ර විලන්, නිමල් වික්‍රමරත්න
රසායනාගාර කටයුතු - එච්. එස්. සිරිල්
රසායනාගාර සහාය - ජී. සේනාරත්න, විමල් කුලරත්න
සැකසුම - රජයේ චිත්‍රපට අංශය
නිෂ්පාදන විධායක - හැරල්ඩ් අල්විස්
විශේෂ ස්තූතිය - ඉන්ද්‍රවංශ අමරතුංග, ලාල් පියසේන
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
නළු නිළියන් - සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, තිස්ස විජේසුරේන්ද්‍ර, සොමී රත්නායක, අයිරාංගනී සේරසිංහ, ජෝ දඹුළුගල, ආනන්ද ජයරත්න, කාන්ති ලංකා, මහේන්ද්‍ර පෙරේරා, මියුරි සමරසිංහ, රංජිත් පෙරේරා, රංජිත් සුරංග, නිමල් පල්ලේවත්ත, නවනන්දන විජේසිංහ, සමන්ති ලැනරෝල්, රිද්මා තරංගනී

ලස්සනයි බලන්න

තිරගත වූ දිනය - 1993 ඔක්තෝබර් 15
ඉදිරිපත් කිරීම - සෝනියා දිසා චිත්‍රපට
නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු, සෝනියා දිසානායක
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
සහාය අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියාකරවීම නිමල් නාකන්දල
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
අංග රචනය - ජී. ඩී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය - සරත් දහනායක
සහාය ප්‍රසන්න සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර
ඉදිරිපත් කිරීම - පාලිකා ගුරුසිංහ
ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
ශබ්දාගාර සහාය - උපාලි අරම්පොල, උපාලි පෙරේරා, ජී. එච්. ඒ. ජයමාන්න, ඩබ්. ඩී. පොඩිරත්න, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර
රසායනාගාර කටයුතු - එස්. ගමගේ
රසායනාගාර සහාය - කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, ජී. ජයවර්ධන, රංජිත් පෙරේරා, කේ. ජී. ඇන්ඩි සිංඤෝ, ඩබ්ලිව්. ඩී. පොඩි මහත්තයා
වර්ණ සේයා පට පිරියෙදුම් කිරීම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා රසායනාගාරය
පිටපත් මුද්‍රණය - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්
ඇඳුම් නිර්මාණය - සෝනියා දිසානායක
කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන
සහාය - අසංක හෙට්ටිආරච්චි
අතිරේක ශබ්ද - ලෙස්ලි රනවක
පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
ගීත පටිගත කිරීම - ෂෙහාන් ප්‍රනාන්දු, ඩෙනිස් රුද්‍රිගූ
නිෂ්පාදන කළමනාකරණය - ජයලත් ප්‍රනාන්දු
නිෂ්පාදන කත්‍යාධිකාරී - කරු දිසානායක
නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල
නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත රචනය - අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ප්‍රියන්ත රත්නායක
ගීත -
ගීතේ මේ ගීතේ - මිල්ටන් මල්ලවආරච්චි
සඟවා සිත පීඩා - මිල්ටන් මල්ලවආරච්චි
අම්මා අම්මා - වික්ටර් රත්නායක
සහයට ආවා - ග්‍රේෂන් ආනන්ද, ධම්මිකා වල්පොල, ෆ්‍රෙඩී සිල්වා
මල් වැහි සීතල - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගීතේ මේ ගීතේ - මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, වික්ටර් රත්නායක සහ පිරිස
ආදරයෙන් ඔය මා කියනා - ග්‍රේෂන් ආනන්ද
නළු නිළියන් - සංගීතා වීරරත්න, ජීවන් කුමාරතුංග, ශ්‍රියාණි අමරසේන, සෝනියා දිසා, ෆ්‍රෙඩී සිල්වා, රුවන්ති මංගලා, ක්ලීටස් මෙන්ඩිස්, මර්වින් ජයතුංග, හර්බට් අමරවික්‍රම, විජය ජයවර්ධන, තිලක් ජයවීර, ශ්‍රීනාත් මල්දෙනිය, ඩෙසිකා නයෝමි, ශාලිකා සුභසිංහ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු, ආනන්ද මල්දෙනිය, ලාල් කුමාර, ජයතිලක ප්‍රනාන්දු, රජිත් රුද්‍රිගූ, ගුණවර්ධන හෙට්ටිආරච්චි

ළඟින් ගියොත් ඇහැක් නෑ

තිරගත වූ දිනය - 1993 නොවැම්බර් 12
ඉදිරිපත් කිරීම - හත්තැල්ල චිත්‍රපට
නිෂ්පාදනය - ෆ්ලොරන්ස් හත්තැල්ල
කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම
සහාය අධ්‍යක්ෂණය - මහේෂ් ලංකා පීරිස්
කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්
කැමරා ක්‍රියා කරවීම - ජී. නන්දසේන
කැමරා සහාය - ඩබ්. මාටින්, සරත් කරුණාරත්න, ඊ. එම්. ප්‍රියන්ත, ඩබ්ලිව්. පියසේන, සුජිත් සුභසිංහ, තංගයියා, එම්. අනුර
සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය - ධනේෂ් ලංකා පීරිස්
අංග රචනය - බෙනට් ජයතුංග
කලා අධ්‍යක්ෂණය - ඇහැලියගොඩ සෝමතිලක
සහාය - ආනන්ද
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - ආර්. එස්. නවාස්ඩීන්
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය - උපාලි අරම්පොල, කේ. වී. නන්ද කුමාර, ඩී. එච්. ඒ. ජයමාන්න, පී. ජයවීර
රසායනාගාර පාලක - එස්. ගමගේ
රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, කේ. ඒ. ඇන්ඩි සිංඤෝ, කේ. වී. ජයවර්ධන, රේමන් පෙරේරා, ඇම්. මුනිදාස, ටයිටස් සමරවීර, ශාන්තා අත්තනායක
අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
ගීත පටිගත කිරීම - රංජිත් සිල්වා - නිෂු
ශබ්දාගාරය සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරු - ප්‍රියාල් හත්තැල්ල
වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය
කාර්මික උපකරණ - සමරසිංහ චිත්‍රපට
කොණ්ඩා සැකසුම - පාලිත කුමාර සහාය - අසංක හෙට්ටිආරච්චි
සංගීත අධ්‍යක්ෂණය - ජයන්ත ගමගේ
ගීත ප්‍රබන්ධය - අජන්තා රණසිංහ, ආනන්ද පද්මසිරි, කරුණාරත්න අබේසේකර
ගීත -
එනවාදෝ අහලා මේ ගී - චම්පා කල්හාරි
එනවාදෝ අහලා මේ ගී - ලතා වල්පොල
මල්මඳ බිසවුන් වාගේ - ග්‍රේෂන් ආනන්ද
පහන් තිරේ ඇවිලෙන්නේ - එච් ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
නළු නිළියන් - රන්ජන් රාමනායක, ගීතා කුමාරසිංහ, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, මර්වින් ජයතුංග, දෙනවක හාමිනේ, රත්නාලංකා අබේවික්‍රම, චිත්‍රා වාකිෂ්ට, මහේෂ් ජයසිංහ, ස්ටැන්ලි වර්ණකුල, තිලක් රණතුංග, විජය ජයවර්ධන, සිසිල් ප්‍රනාන්දු, ශ්‍රීලාල් වික්‍රමගේ, ඒබ්‍රහම්, හරින්ද්‍ර සංඛ පීරිස්, නෙළුම් හත්තැල්ල, ටෙඩී විද්‍යාලංකාර

ජූරිය මමයි

තිරගත වූ දිනය - 1993 දෙසැම්බර් 03
ඉදිරිපත් කිරීම - ජනක චිත්‍රපට
නිෂ්පාදනය - සුගතපාල වර්ණකුලසූරිය
කතාව - ඔරු කයිදියන් ඩයරි දමිළ චිත්‍රපටය අනුසාරයෙනි
දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩ්‍රස්ට්‍රාටන්
සහාය අධ්‍යක්ෂණය - නිමල් පෙරේරා
කැමරාකරණය - සෝමපාල ධර්මප්‍රිය
සහාය මර්සලින් ස්ටැන්ලි, ගනේෂ් කුමාර
සංස්කරණය - වින්සන්ට් ඩේවිඩ් සහාය වී. එස්. මුත්තාලි
අංග රචනය - සනත් සී. රොසයිරෝ
සටන් අධ්‍යක්ෂණය - සැන්ඩෝ හැරිස්
ශබ්ද පරිපාලනය - මහින්දසිරි සමන්තිලක
ශබ්ද සහාය - මහේන්ද්‍ර මිලන්, නිමල් වික්‍රමරත්න
රසායනාගාර පාලක - එච්. එස්. සිරිල්
රසායනාගාර සහාය - ජී. සේනාරත්න, විමල් කුලරත්න
සැකසුම - රජයේ චිත්‍රපට අංශය
අතිරේක ශබ්ද - කරුණාදස පතිරත්න
විදුලි කාර්මික - රංජිත් දිසානායක, ලාල් කුමාර
නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය
ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
වර්ණ රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස්
වෙඩි සැපයීම - කරුණාදාස අතුරුගිරිය
හඬ කැවීම් - ආර්. ඒ. ඩබ්. පෙරේරා
ධාවන කාලය - පැය 2 - දිග අඩි 11500 - පිටපත් ප්‍රමාණය - 15 නාමාවලිය - රත්නපුරේ එස්. පනාගොඩ (නිපුන රංග ශිල්පායතනය)
පසුබිම් සංගීතය - ඒ. ජේ. දොඩන්වල
ගීත සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි පීරිස්
ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, ශ්‍රී නිහාල් ජයසිංහ, ලීලානන්ද ගුණවර්ධන
ගීත -
රේණු සලා මල් සුළඟේ නටයි - හරුන් කුමාර් ලන්ත්‍රා, මායා දමයන්ති පෙරේරා
පැතුම් මාලිගා විසුනු වී ගියා - ලෝලිත රාජපක්ෂ
මේ පෙම් පෙම් මල් මාවතේ - සංජීවනී වීරසිංහ
සුරදෝනි සඳදෝනි - ඔල්බන් පෙරේරා, ලෝලිත රාජපක්ෂ
නළු නිළියන් - රන්ජන් රාමනායක, මොරින් චාරුණි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ජේ. එච්. ජයවර්ධන, පියදාස විජේකෝන්, දයානන්ද ජයවර්ධන, මර්වින් ජයතුංග, ඊබට් විජේසිංහ, ෆ්‍රෙඩී සිල්වා, නිහාල් සිල්වා, තිස්ස විජේසුරේන්ද්‍ර, ඩිලානි අබේවර්ධන, සඳුන් විජේසිරි, සුසිලා කූරගම, ලිලියන් එදිරිසිංහ, ලතා ලුම්බිණි, මැණික් කොඩිකාර, ප්‍රේමසිරි කල්පගේ, අනුර ධර්මසිරිවර්ධන, ලාල් රැම්බෝ, නිමල් පෙරේරා, පතිරාජ එල්. එස්. දයානන්ද, නිමල් පල්ලේවත්ත, ආරියසේන ගමගේ, අමාලි ප්‍රියංගනී (ළමා)

මදාරා පරසතු

තිරගත වූ දිනය - 1993 දෙසැම්බර් 10
ඉදිරිපත් කිරීම - තැප්‍රොබේන් චිත්‍රපට
නිෂ්පාදනය - චන්ද්‍රන් රත්නම්, අශෝක පෙරේරා
කතාව - ලේඩිස් ස්්ටේඩෙප් ඉංග්‍රීසි චිත්‍රපටය අනුසාරයෙනි
දෙබස්, තිර රචනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය - ඩෙන්සිල් පී. අබේවර්ධන
කැමරා අධ්‍යක්ෂණය - කේ. ඒ. ධර්මසේන
කැමරා සහාය - ගනේෂ් කුමාර්, කරුණාදස පතිරත්න
සංස්කරණ සහාය - රමණී සුමනවර්ධන, වික්‍රම් ජයසූරිය
අංග රචනය - රංජිත් වික්‍රමසිංහ
සහාය - කමල් ප්‍රසන්න
ශබ්ද පරිපාලනය - ජෝරජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
විදුලි කාර්මික ශිල්පීන් - නිහාල් මල්ලවආරච්චි, තිලක් පුෂ්ප කුමාර, රංජිත් දිසානායක, නලින් කරුණාරත්න, ආරියරත්න පෙරේරා
ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
නිෂ්පාදන විධායක - රාජ් පෙරේරා නාමාවලිය - ප්‍රේම් දිසානායක
භාණ්ඩ සැපයුම - නීලවතුර විජේවර්ධන
නිෂ්පාදන සහාය - එල්. ඩබ්. මෙන්ඩිස්, ගාමිණී සිසිර කුමාර
සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ
ගීත ප්‍රබන්ධය - කුලරත්න ආරියවංශ, අජන්තා රණසිංහ, සමන්ත හේරත්
ගීත -
සරධාකාශයේ සිහසුන - ලතා වල්පොල
නුවන් කැළුම් රැහැනින් ඔබේ - ජගත් වික්‍රමසිංහ, ලතා වල්පොල
මමෝ වෙරළේ - ජගත් වික්‍රමසිංහ, ලතා වල්පොල
සඳමිණ වැසුනිද - සුනිල් එදිරිසිංහ, මායා දමයන්ති පෙරේරා
නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක, ගීතා කුමාරසිංහ, දයානන්ද ජයවර්ධන, නවනන්දන විජේසිංහ, පුෂ්පලතා පෙරේරා, ලකී වික්‍රමනායක, රංජිත් වික්‍රමසිංහ, ආනන්ද විතාන, තුවාන් බුල්, නෝබට් ප්‍රනාන්දු