වර්ෂ 2014 ක්වූ ඔක්තෝබර් 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 178

සිංහල සිනමා විස්තරය 178

ජය කොතැනද

තිරගත වූ දිනය – 1990 අගෝස්තු 03
ඉදිරිපත් කිරීම - සුහද චිත්‍රපට
නිෂ්පාදනය - සෝමරත්න රාමනායක, සෝමා මීරියම් රංජනී රාමනායක
කතාව, දෙබස්, තිර රචනය, කැමරාකරණය හා අධ්‍යක්ෂණය - සෝමරත්න රාමනායක
සහාය අධ්‍යක්ෂණය – ලාල් පීරිස්, ක්‍රිස්ටෝපර් සේනානායක
කැමරා සහාය – මාෂල් ස්ටැන්ලි
සංස්කරණය - සිරි කේ. විතාරණ
අංග රචනය – ලක්ෂ්මන් පෙරේරා
කලා අධ්‍යක්ෂණය - ප්‍රීති සෙනෙවිරත්න
නැටුම් අධ්‍යක්ෂණය – නයනා රංගනී
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, රංජිත් පෙරේරා, අල්විස් අබේසිංහ, පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න
රසායනාගාර කටයුතු - ජෙරල්ඩ් බී. ජයවර්ධන
සහාය – ඒ. අයි. ජොහාර්
රසායනාගාර සහාය – ඇස්. ගමගේ, ටයිටස් සමරවීර, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇම්. මුනිදාස, කේ. ආර්. ජයවර්ධන, සුනිල් උපාලි
සැකසුම – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
සංගීතය - සරත් වික්‍රම සමඟ සන්ෆලවර්

ගීත, ගායන ශිල්පීන් හා ප්‍රබන්ධය
රෑ යාමේ සීතලේ - චන්ද්‍රලේඛා පෙරේරා - පද - ප්‍රේමකීර්ති ද අල්විස් - සංගීතය නීල් වර්ණකුලසූරිය
මනමාලයි අපි වගේ කොල්ලෝ - රන්ජන් රාමනායක – පද - සුනිල් යෝගේන්ද්‍ර - සංගීතය – නීල් වර්ණකුලසූරිය
දුර හාදයට අපි උපන්නේ – චන්ද්‍රලේඛා පෙරේරා - පද - සුනිල් යෝගේන්ද්‍ර - සංගීතය – නීල් වර්ණකුලසූරිය

සුසුම් හා හැඟුම් බිඳී – නීලා වික්‍රමසිංහ – පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර - සංගීතය – ක්වින්ටන් ජයකොඩි නළු නිළියන් - රන්ජන් රාමනායක, සනෝජා බිබිලේ, හියුගෝ ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ, ෆ්‍රෙඩී සිල්වා, ස්ටැන්ලි වර්ණකුල, සුනිල් හෙට්ටිආරච්චි, මොරින් චාරුණි, විජය නන්දසිරි, කාන්ති ලංකා, ගෝතමී පතිරාජ, මහේෂ් ජයසිංහ, චම්පා ශ්‍යාමලී, ශාන්ති ලේඛා, බන්දු සමරසිංහ, මානෙල් චන්ද්‍රලතා, ස්වර්ණා රත්නායක, වික්ටර් කුරේරා, දෙනවක හාමිනේ, ආතර් ගුණවර්ධන, ප්‍රියංකර පෙරේරා, ගුණපාල වීරසේකර, සුමිත් මුදන්නායක, කිත්සිරි පතිරණ, ඇලෝයි අලහකෝන්, හේමප්‍රිය කණ්ඩම්බි, ලාල් පීරිස්, රෝසි ප්‍රනාන්දු
ධාවන කාලය – පැය 2 දිග අඩි 12000 පිටපත් 13

පාලම යට

තිරගත වූ දිනය – 1990 අගෝස්තු 31
ඉදිරිපත් කිරීම – ජී. එස්. කේ. චිත්‍රපට
නිෂ්පාදනය – ගීතා කුමාරසිංහ
අධ්‍යක්ෂණය – එච්. ඩී. ප්‍රේමරත්න
කතාව - කුලසේන ෆොන්සේකා
දෙබස්, තිර නාටකය – කුලසේන ෆොන්සේකා, එච්. ඩී. ප්‍රේමරත්න
සහාය අධ්‍යක්ෂණය – එල්. එස්. චන්ද්‍රසේකර, ක්‍රිශාන්ත ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය - සුමින්ද වීරසිංහ
කැමරා සහාය - සුනිල් ජයවීර, නිමල් බන්දුසේන, බෙනඩික්ට් ද සිල්වා, ඒ. ඩී. පියසේන, සුදත් කුමාර, සූරිය බණ්ඩාර
සංස්කරණය - එල්මෝ හැලිඩේ
සහාය බී. ප්‍රසන්න කුමාර
අංග රචනය – රංජිත් මතඟවීර
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
නිශ්චල ඡයාරූප - ඩොනල් ජෑන්ස්
ශබ්ද පරිපාලනය – ලයනල් ගුණරත්න
දෙබස් පටිගත කිරීම – නිමල් වික්‍රමරත්න
පසුබිම් සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස්
පසුබිම් හඬ – මහේන්ද්‍ර පෙරේරා, මියුරි සමරසිංහ, ආනන්ද පුංචිහේවා
විශේෂ ශබ්ද – ඩබ්. ජී. පොඩිරත්න
කැමරා උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස්
සංස්කරණ අංශය - සමරසිංහ චිත්‍රපට ආයතනය
නිෂ්පාදන අංශයේ සහාය - සුජිත් සමරවීර, අජිත් සමරවීර
නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්, තිලක් කුමාරසිංහ චිත්‍රාගාර
සහාය (රජයේ චිත්‍රපට අංශය) – මහින්දසිරි සමන්තිලක, එච්. එම්. ලියනගේ
සරසවි චිත්‍රාගාර සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, අල්විස් අබේසිංහ, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
සැකසුම - සරසවි චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය
නළු නිළියන් – ගීතා කුමාරසිංහ (ඩොටී), සනත් ගුණතිලක (වලහා), ජෝ අබේවික්‍රම (අන්කල් මහත්තයා), සුනේත්‍රා සරච්චන්ද්‍ර (මැගී), සිරිල් වික්‍රමගේ (සොලමන්), මර්වින් ජයතුංග (ගාඩ් මහත්තයා), එච්. ඒ. පෙරේරා (රෙක්ස්), නීල් අලස් (රොමියෙල්), හිරු ගුණරත්න (සෝමසිරි), රාසි අන්වර්, බර්ටි ගුණතිලක, ජේ. එච්. ජයවර්ධන, ශ්‍රියන්ත මෙන්ඩිස්, රාජා සුමනපාල, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, එල්සන් දිවිතුරුගම, ලාල් සේනාධීර, ධර්මදාස කුරුප්පු, චිත්‍රා වාකිෂ්ට, සුසිලා කෝට්ටගේ, ආතර් කපුරු බණ්ඩාර, ගීතාල් පෙරේරා, ගාමිණී ඉන්ද්‍රරත්න, ශ්‍රීනාත් මල්දෙනිය, රංග ලක්මාල් ප්‍රේමරත්න, මල්කා දමයන්ති, ප්‍රසන්න ගිනිගේ

චණ්ඩි රජා

තිරගත වූ දිනය – 1990 සැප්තැම්බර් 14
ඉදිරිපත් කිරීම - සෝනියා දිසා ෆිල්ම්ස්
නිෂ්පාදනය - සෝනියා දිසානායක, සුනිල් ටී. ප්‍රනාන්දු
දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්
කතාව - ‘මයිකල් රාජ්’ දමිළ චිත්‍රපටය අනුසාරයෙනි
සහාය අධ්‍යක්ෂණය – ලක්ෂ්මන් සෙනෙවිරත්න, විපුල එල්ලාවල, ජයවීර
කැමරාකරණය – ඇම්. ඒ. ගෆුර්
කැමරා සහාය – නිමල් නාකන්දල, බන්දුල කුරේ, නෝබට් රත්නසිරි, පත්මසිරි පීරිස්, ෂෙල්ටන් කොස්තා, ඊ. එම්. ලක්ෂ්මන්, ජගත්
සංස්කරණය - කුමාරසිරි ද සිල්වා
සහාය – උපාලි අමරතුංග, වජිල ශ්‍රී මධුරංග
අංග රචනය – ඊබට් විජේසිංහ
සහාය – ජී. නන්දසේන
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
සහාය – අනිල්
සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය හා දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
ශබ්ද සහාය – උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. එච්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, රංජිත් පෙරේරා
රසායනාගාර කටයුතු – අයි. ඒ. ජොහාර්, හොංකොං කලර් මූවී ලැබ් (පිටපත්)
රසායනාගාර අධිකාරි - ජෙරල්ඩ් බී. ජයවර්ධන
වර්ණ රසායනාගාර කටයුතු – චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ඩිල් ෆිල්ම්ස්
අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක
ගීත පටිගත කිරීම – ලාල් දිසානායක
සහාය ක්‍රිස්ටි ප්‍රනාන්දු
රසායනාගාර සහාය – එස්. ගමගේ. සුනිල් පෙරේරා, කේ. ආර්. ජයවර්ධන, ටී. ඊ. සමරවීර, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක
විදුලි කාර්මික – එච්. ඇරෆන්
සහාය – ලක්ෂ්මන්, කොස්තා
කාර්මික උපකරණ - සිනෙක්විප් සර්විසස්
ප්‍රචාරක කළමනාකරු – යූ. ඩබ්. ප්‍රේමරත්න
කොණ්ඩා සැරසිලි - වික්ටර් ලොයිඩ්, ළසඳා ජයවර්ධන
පොලිස් ඇඳුම් සැපයුම - ශ්‍රීනාත් මල්දෙනිය
නිෂ්පාදන පරිපාලක – කරු දිසානායක
නාමාවලිය – ඩික්ෂන් ෆොන්සේකා
සහාය - ජෝර්ජ් නවරත්න
සැකසුම - සරසවි චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – එම්. ඒ. ගෆූර්
සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්
ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට, ප්‍රේමකීර්ති ද අල්විස්, උපාලි ධනවලවිතාන

ඔන්න මලේ මං ආවා - වික්ටර් විජයන්ත, ග්‍රේෂන් ආනන්ද, අනුර සේනානායක
අද විනෝදේ - ග්‍රේෂන් ආනන්ද, වික්ටර් විජයන්ත, අනුර සේනානායක, මායා දමයන්ති, ඇන්ජලින් ගුණතිලක
හැඩකාරයි මණ පාරයි – ඇන්ජලින් ගුණතිලක, මායා දමයන්ති සහ පිරිස
රජකම දෙනවා කියා - වික්ටර් විජයන්ත, මායා දමයන්ති, ග්‍රේෂන් ආනන්ද
මේ පුංචි හිතකට - ග්‍රේෂන් ආනන්ද, කුෂාණි සඳරේඛා

නළු නිළියන් – ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක, මර්වින් ජයතුංග, පියදාස විජේකෝන්, නිහාල් සිල්වා, සබීතා පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, සෝනියා දිසානායක, ලයනල් දැරණියගල, කුෂාණි සඳරේඛා, කපිල නිරෝෂන, හර්ෂනී දිසානායක, ලිලියන් එදිරිසිංහ, නිලා අතපත්ත, සුසිලා කූරගම, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, පියතිලක අතපත්තු, දයා රත්නායක, ජයන්ත ප්‍රනාන්දු, සුදේශ් වසන්ත, ශ්‍රීනාත් මල්දෙනිය, ගාමිණී කුමාර, ලාල් කුමාර, පී. සී. ඩයස්, රජිත රුද්‍රිගු, මංගල ජයසිංහ, ජයලත් ප්‍රනාන්දු, මහේෂ් ජයසිංහ, රාජු ගමගේ, සුනිල් හෙට්ටිආරච්චි, සුනිල් ප්‍රේමකුමාර, ඩැනී සමරවීර, දයානන්ද විද්‍යාලංකාර, ජැකි චෑං, ලාල් කුමාරසිරි, චන්ද්‍රසිරි පෙරේරා, සුනිල් බමුණුආරච්චි

ක්‍රිස්තු චරිතය

තිරගත වූ දිනය – 1990 ඔක්තෝබර් 09
ඉදිරිපත් කිරීම – විනෝද්
චිත්‍රපට නිෂ්පාදනය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු
දෙබස්, තිර නාටකය, අධ්‍යක්ෂණය – මහාචාර්ය සුනිල් ආරියරත්න
කතාව - ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන පුවත ඇසුරිනි
සහාය අධ්‍යක්ෂණය – ඇලරික් ලයනල් ප්‍රනාන්දු, අයි. එන්. හේවාවසම්, තිස්ස ජයසූරිය
කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න
සහාය - ස්ටැන්ලි මාෂල්
සංස්කරණය - සෙක්ස්ටස් අපොන්සු, ගාමිණී ජයමාන්න
අංග රචනය - ශේෂා පලිහක්කාර
අංග රචනා සහාය – වසන්ත විට්ටච්චි, රංජිත් වික්‍රමසිංහ
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා, ඩැනිස්ටර් ද සිල්වා
ශබ්ද මිශ්‍රණය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය) මර්වින් බෙන්ස් (නෙකො ශබ්දාගාරය)
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය
නිශ්චල ඡායාරූප – විල්සන් ලියනගේ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ඇඳුම් නිර්මාණ - ඩොරික් ශ්‍රියාණි ප්‍රනාන්දු
පසුබිම් හඬ – නිහාල් ජයවර්ධන, රවීන්ද්‍ර රන්දෙනිය, සන්ධ්‍යා රඹුක්කනගේ, නිහාල් සිල්වා, රංජිත් පෙරේරා
නළු නිළියන් – නතාලි ඈන් ග්‍රීම් (මරිය මව), ප්‍රසන්න වික්‍රමසිංහ (ජෝශප්), හයසින්ත් විජයරත්න (ආනා),සමන්ති ලැනරෝල් (බෙත්ලෙහෙමේ ස්ත්‍රිය), දයානන්ද ජයවර්ධන (පළමුවැනි හෙරෝද්), තිස්ස විජේසුරේන්ද්‍ර (සිමියොන් නමැති මහල්ලා), සොමී රත්නායක (ස්නාවක ජුවාම්), විජය කුමාරණතුංග (ක්‍රිස්තු තුමා), ලක්ෂ්මන් මල්ලවආරච්චි (තෝමස්),නීල් අලස් (ජුදාස්), බැප්ටිස් ප්‍රනාන්දු (අන්නස්), රෝයි ද සිල්වා (කයිපාස්), මර්වින් ජයතුංග (දෙවැනි හෙරෝද්), සුමනා අමරසිංහ (හෙරෝදියස්), සුමනා ගෝමස් (සැලෝමි), විජය නන්දසිරි (ශතාධිපතියා), මැණික් කුරුකුලසූරිය (මග්දලාවේ මරියා), වින්සන් වාස් (වන්දනා නඩයේ නායකයා), විශාඛා සිරිවර්ධන (මාර්තා), නිමල් පල්ලේවත්ත, ටයිටස් පෙරේරා. සිසිර කුමාරසිංහ (හේවායෝ), රෙක්ස් කොඩිප්පිලි (පිලාත්), රෝසි රාමනායක (පිලාත් ගේ බිරිය), ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (නිකංදෙවුමස්, ආතර් ගුණවර්ධන (කිරේනියේ සීමොන්), ඉනෝකා අමරසේන (වෙරෝනිකා), විල්සන් කරුණාරත්න (වම් පාර්ශ්වයේ හොරා), රන්ජන් ගයිනර් (දකුණු පාර්ශ්වයේ හොරා), ආනන්ද වික්‍රමගේ (අරමාතියේ ජෝශප්)