වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 88

සිංහල සිනමා විස්තරය - 88

සරුංගලේ

තිරගත වූ දිනය - 1979 මාර්තු 02
ඉදිරිපත් කිරීම - ශිවන්තිකා චිත්‍රපට
නිෂ්පාදනය - වයි. එම්. කරුණාතිලක
අධ්‍යක්‍ෂණය - සුනිල් ආරියරත්න
සම නිෂ්පාදනය - රංජිත් පලන්සූරිය, විමල් කුරුවිට බණ්ඩාර
කතා රචනය - ගාමිණී ෆොන්සේකා
තිර රචනය සහ දෙබස් - ධර්මසිරි ගමගේ
කැමරා අධ්‍යක්‍ෂණය - ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා,
ප්‍රධාන සහාය - ඩබ්ලිව්. බන්දුල කුරේ
කැමරා සහාය - රෝහිත බටගොඩ, ඇම්. ආර්ෆන්, ආරියදාස
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි, ග්ලැඩ්වින් ප්‍රනාන්දු
සංස්කරණ සහාය - නිව්ටන් වීරසිංහ
වෙස් ගැන්වීම - රංජිත් මතඟවීර, උපදෙස් - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්‍ෂණය - ලයනල් සිල්වා, සහාය හේමචන්ද්‍ර පෙරේරා
නාමාවලිය - ගාමිණී සමරවීර
සහාය අධ්‍යක්‍ෂණය - නිහාල් පී. ජයතුංග
නිෂ්පාදන කළමනාකරු - ධර්මරත්න විජේසුන්දර සහාය එම්. පී. වින්සන්ට්
නාද ශික්ෂණය - ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
දෙබස් පටිගත කිරීම - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය)
ශබ්ද සහාය - ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා, ඩී. එච්. ඒ. ජයමාන්න
රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී.)
රසායනාගාර සහාය - වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, ඩේවිඩ්සන් සිල්වා
විශේෂ හඬ ගැන්වීම් - රාජේශ්වරී ෂන්මුගම්, නෙරංජලා සරෝජිනී
සම්මානනීය සහාය - කේ. බාලචන්ද්‍රන්, යෝගා බාලචන්ද්‍රන්
නිශ්චල ඡායාරූප - ආරිය බණ්ඩාර සමරකෝන්, ඩබ්ලිව්. ඒ. බී. ද. සිල්වා
එළිමහන් ශබ්ද - එඩ්වඩ් බෝපේආරච්චි
සංගීත අධ්‍යක්‍ෂණය - වික්ටර් රත්නායක

ගීත සංඛ්‍යාව - 04

ගීත

බඹරිඳු බඹරිඳු කුමට වඩින්නේ - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී (ගාමිණී ෆොන්සේකා)
ඉසුරු දෙවිඳු උමයංගන - අබේවර්ධන බාලසූරිය, නිරංජලා සරෝජිනී (තිලකරත්න කුරුවිට බණ්ඩාර)
උපන් හදවියේ - එම්. එස්. ප්‍රනාන්දු (කුලරත්න ආරියවංශ)
ද්‍රවිඩ ගීතය - පී. කලාවතී (යෝගා බාලචන්ද්‍රන්)
ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ධාවන කාලය - පැය 02 යි. දිග අඩි 12.000

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා (නඩරාජා) ශ්‍රියාණි අමරසේන (සෝමා) විමල් කුමාර් ද කොස්තා (සයිමන්) කරුණාරත්න හඟවත්ත (ගුණතුංග) ෆරිනාලායි (තංගමනී) වීණා ජයකොඩි (සුසිලා) ශන්ති ලේඛා, එම්. අබ්බාස්, රින්ස්ලි වීරරත්න, ගංගා උදයකුමාරි, සෝමසිරි දෙහිපිටිය, ධර්මසිරි බණ්ඩාරනායක, දයා අල්විස්, හැරී විමලසේන, ෂෙල්ටන් කැකුලාවල

ප්‍රදර්ශනය - එම්පයර්, ක්‍රවුන්, ඕඩියන් – ගල්කිස්ස, මානෙල් - දෙමටගොඩ, වෙම්බ්ලි - මහනුවර, කිංග්ස් - බදුල්ල ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී

ප්‍රදර්ශන කාලය - එම්ෆයර් දින 19, වෙම්බ්ලි දින 36, ක්‍රවුන් සහ ඕඩියන් හි දින 54 බැගින්.

විශේෂ - 1980 මාර්තු 03 වන දින පැවැතිණි. O.C.I.C උත්තමාචාර සිනමා සම්මාන උළෙලේදී, නිර්මාණශීලී කතා සංකල්පය සඳහා ගාමිණී ෆොන්සේකා ද, සජීවී කුසලතා සහභාගීත්වය සඳහා ෆරිනාලායි ද සම්මානයෙන් පිදුම් ලැබූ අතර විමල් කුමාර් ද කොස්තා සහ ගාමිණී ෆොන්සේකා ජූරියේ විශේෂ සම්මානයට ද හිමිකම් කීහ. 1980 මාර්තු 29 වැනි දින පවත්වන ලද සරසවිය 10 වන සම්මාන උළෙලේ දී හොඳම නළුවා සහ හොඳම සහාය නිළිය සම්මාන ලබාගත් අතර, පාඨක ඡන්ද 27978 ක් ලබා ගනිමින් පස්වන ස්ථානයට පත්වන ලදී.
 


ජීවන කඳුළු

තිරගත වූ දිනය - 1978 මාර්තු 09
ඉදිරිපත් කිරීම - කැමිලස් චිත්‍රපට
නිෂ්පාදනය - කැමිලස් පෙරේරා
කැමරාව සහ අධ්‍යක්‍ෂණය - දයා විමලවීර
කතාව සහ දෙබස් - ආර්. ප්‍රේමදාස මහතාගේ ජීවන කඳුළු නවකතාව ඇසුරිනි
තිර රචනය - ඇන්ටන් අල්විස්
සහාය අධ්‍යක්‍ෂණය - ඇන්ටන් ග්‍රෙගරි
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපණය - කේ. සුබ්බු
සටන් අධ්‍යක්‍ෂණය - චන්ද්‍රපාල ෆර්ඩිනෑන්ස්
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සැකසුම - විජය චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු
නිශ්චල ඡායාරූප - එස්. සිවසුබ්‍රමනියම්
නාමාවලිය - ඇන්ටන් ගුරුස්වාම්
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත සංඛ්‍යාව - 04
ගීත - සිතුවිලි සයුරේ රළ - චන්ද්‍රිකා සිරිවර්ධන (ආර්. ප්‍රේමදාස)
සුරංගනා ලොවින් වඩින් - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (උපාලි ධනවලවිතාන)
සිඳු පතුලේ මුතු ඇති සේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (ධර්මසිරි ගමගේ)
මා ආශා මාලිගයේ - සනත් නන්දසිරි (සමන් චන්ද්‍රනාත් වීරුසිංහ)

ගීත පොත් - ශාන්ති පොත්හල – මරදාන
ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ්බාර්

නළු නිළියන් - තිස්ස විජේසුරේන්ද්‍ර (චමින්ද) ගීතා කුමාරසිංහ (ගීතා) ජෝ අබේවික්‍රම (විමල්) චන්න අබේවික්‍රම (විමල්ගේ බාල කාලය) අශෝක ෆොන්නම්පෙරුම (ගීතාගේ පියා) රුක්මණී දේවි (ගීතාගේ මව)හර්බට් අමරවික්‍රම, ලිලියන් එදිරිසිංහ, මාකස් පෙරේරා, ලැටීෂියා පීරිස්, මර්වින් ජයතුංග, බී. ඇස්. පෙරේරා, පිටිපන සිල්වා, ජෝ දඹුලුගල, ජේ. බී. එල්. ගුණසේකර, බොනිපස් ප්‍රනාන්දු, විජය කොරයා, අරුණ ශාන්ති

ප්‍රදර්ශනය - ගාමිණී, ෆ්ලාසා, රුක්මණී – වැල්ලම්පිටිය, අනූෂා - මහරගම ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී තිරගත විය.
 


අමල් බිසෝ

තිරගත වූ දිනය - 1979 අපි‍්‍රයෙල් 10
ඉදිරිපත් කිරීම - සමුද්‍රා චිත්‍රපට
නිෂ්පාදනය සහ අධ්‍යක්‍ෂණය - නීල් රූපසිංහ
කතාව සහ දෙබස් - ඩී. කීරගලආරච්චි
තිර රචනය - නීල් රූපසිංහ, ඩී. කීරගලආරච්චි
කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න
කැමරා සහාය - චන්ද්‍රලාල් මනමේන්ද්‍ර
සංස්කරණය - ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
සහාය සංස්කරණය - ඇන්ටන් ග්‍රෙගරි
වේශ නිරූපණය - කේ. සුබ්බයියා සහාය - ඇන්ඩෲ ප්‍රනාන්දු
කලා අධ්‍යක්‍ෂණය - ධර්මසේන හේමපාල සහාය එරල් කෙලී
නාමාවලිය සැකසුම - ලෙස්ලි කොස්තා
ශබ්ද පරිපාලනය - ජොර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)
ශබ්ද සහාය - ඩී. එම්. ඒ. ජයමාන්න, ඩබ්ලිව්. ජී. පොඩිමහත්තයා, නිමල් රණවක, ජී. ජී. ගාමිණී
රසායනාගාර පාලක - එස්. තිරනාවුකරසු (විජය චිත්‍රාගාරය)
රසායනාගාර සහාය - වී. සිවදාසන්
නිෂ්පාදන කළමනාකරු - පී. කරුණාදාස පෙරේරා
නිශ්චල ඡායාරූප - ඇම්. වී. සුබ්‍රමනියම්
සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත

අමල් බිසෝ දොර ඇරපන් - ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී (අජන්තා රණසිංහ)
හසරැලි මල් පීදේ - නීලා වික්‍රමසිංහ (සුනිල් ආරියරත්න)
අපි කොයි කවුරුත් - එච්. ආර්. ජෝතිපාල, වික්ටර් රත්නායක, අබේවර්ධන බාලසූරිය (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - සිල්වලයින් රෙකෝඩ්බාර්

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, වසන්ති චතුරාණි, විමල් කුමාර් ද කොස්තා, රන්ජන් මෙන්ඩිස්, අජිත් ජිනදාස, ශාන්ති ලේඛා, රුක්මණී දේවී, ෆර්ල් වාසුදේවි, සුජීව ලාල්, කරුණාරත්න හඟවත්ත, මර්වින් ජයතුංග, රින්ස්ලි වීරරත්න, සොමී රත්නායක, එල්සන් දිවිතුරගම, බී. ඇස්. පෙරේරා, චන්ද්‍රපාල ෆර්නෑන්ඩස්

ප්‍රදර්ශනය - සැවොයි, ලිඩෝ, සෙයින්ස්තාන්, වත්තල – නිල්මිණි, මහනුවර – රීගල් ඇතුළු 4 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී 1977 ටෙහෙරාන් උළෙල, 1978 බර්ලින්, පකිස්තාන් හා මදුරාසි විදෙස් උළෙල නියෝජනය.
 


හිඟන කොල්ලා

තිරගත වූ දිනය - 1979 අපි‍්‍රයෙල්
ඉදිරිපත් කිරීම - සිංහගිරි චිත්‍රපට
නිෂ්පාදනය - සුගතදාස මාරසිංහ
තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා
කතාව - ඩබ්ලිව්. ඒ. සිල්වා ශූරීන් ලියූ හිඟන කොල්ලා නවකතාව ඇසුරිනි
දෙබස් - ආරියරත්න කහවිට
කැමරා අධ්‍යක්‍ෂණය - එම්. ඒ. ගෆූර්
සහාය අධ්‍යක්‍ෂණය - සුසිර රත්නකුමාර
සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්
වේශ නිරූපණය - ඊබට් විජේසිංහ
කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්, ලයනල් සිල්වා
සටන් අධ්‍යක්‍ෂණය - සරණපාල සූරියආරච්චි
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
නිෂ්පාදන කළමනාකරු - ස්ටැන්ලි වර්ණකුලසූරිය
සැකසුම - විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - එච්. හරිහරන්, නිමල් වීරක්කොඩි
සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත

ඉරු දෙවියෝ ඉපනැල්ලේ - ලතා වල්පොල (ධර්මසිරි ගමගේ)
හිතාපු දේවල් කියන්න බැරිවී - ධර්මදාස වල්පොල, සනත් නන්දසිරි (කරුණාරත්න අබේසේකර)
මට ආසයි හිනැහෙන්න - ඇන්ජලින් ගුණතිලක (අජන්තා රණසිංහ)
මනහාරයි මනමාලයි - එච්. ආර්. ජෝතිපාල (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ආනන්ද පොත්හල
ගීත තැටි - ජෙම්ටෝන්
නළු නිළියන් - මාලිනී ෆොන්සේකා (ළමා හාමි) රවීන්ද්‍ර රන්දෙණිය (සර්. හෙන්රි විජයකෝන්) උපාලි අත්තනායක (සරදියෙල්, සිරිල් ජයසේකර, සර්. රාම්ලාල්) ජෝ අබේවික්‍රම (වයියා, දියතලන් මාමා) විජය කුමාරණතුංග (සයියා, මොරිස් අබේසිරිවර්ධන) සෝනියා දිසා (මැරියන්) ඩොමී ජයවර්ධන (මාක්ස් අල්මේදා) හර්බට් අමරවික්‍රම (ජස්ටින් රණසිංහ) විජය නන්දසිරි (රොනල්ඩ් ජයරත්න) පියදාස ගුණසේකර (පේදුරු අයියා) සම්පත් ශ්‍රී නන්දලෝචන (වලව්වේ හාමු) තලතා ගුණසේකර (ඇනී) ඩී. ආර්. නානායක්කාර (අමාරිස්) මාර්ක් සමරනායක (ජෝන් විජයරත්න) ලිලියන් එදිරිසිංහ (මේරි) බී. ඇස්. පෙරේරා, දොන් සිරිසේන, ප්‍රේමදාස විතානගේ, දේවිකා මිහිරාණි, ස්ටැන්ලි ද සිල්වා, ඔස්ටින් අබේසේකර, සරණපාල සූරියආරච්චි

ප්‍රදර්ශනය - රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, ලැවිනියා - නුගේගොඩ ඇතුළු 3 වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.

විශේෂ - ඒ වන විට වැඩිම මුදල් ඉපැයූ චිත්‍රපටය වීම.