වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්

කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්

සරසවිය 2015 හොඳම නිෂ්පාදක සහ 2017 සිනමාකර්ෂණීය නිෂ්පාදක එක්වෙති

ගාමනී චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රියාල් අද්මිරාල් සරත් වීරසේකර ලාංකික ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වන පොළොන්නරු යුගයේ ආරම්භ කරන විජයබා රජ සමය පාදක කර ගනිමින් චිත්‍රපටයකට මුලපිරුවේය.

ලෝක යුද ඉතිහාසයේ ගරිල්ලා සටන් සම්ප්‍රදාය පිළිබඳ මුල් පියවර ලෙස සැලකෙන කීර්ති විජයබා රජ දවසේ කුමරුන් රැක ගැනීමට බුදල්නා නම් සෙනෙවියකු කළ සටන් පිළිබඳ පර්යේෂණ ඇසුරු කොට සරත් වීරසේකර තිර රචනය ලියා ඇත.

ශ්‍රී සිද්ධා නමින් නම්කළසිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ගලදාරි හෝටලයේදී පැවැත්විණි. 2015 වසරේ සරසවිය සම්මාන උලෙළේදී හොඳම නිෂ්පාදක ලෙස මහරජ ගැමුණු උදෙසා සම්මාන දිනූ ගුණපාල රත්නසේකර, 2017 වසරේ සරසවිය සිනමාකර්ෂණීය චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ආලෝකෝ උදපාදි නිෂ්පාදක තුසිත විජේසේන සමඟ වෛද්‍ය මාලිකා ජයසූරිය එක්ව ශ්‍රී සිද්ධා නිෂ්පාදනයට දායක වේ.

විධායක නිෂ්පාදනය හා සංස්කරණය, ශබ්ද පරිපාලනය, වර්ණ සංයෝජනය සහ පරිගණක සජීවිකරණය ප්‍රවීන් ජයරත්න දායක වෙයි. කැමරාකරණය චන්දන ජයසිංහ, සහය අධ්‍යක්ෂණය විමල් දේශප්‍රියගෙනි.

දෙවන හා තුන්වන සහාය අධ්‍යක්ෂණය පිළිවෙළින් ආනන්ද එස්. කපුගේ, සුභානි හර්ෂිකා වන අතර නිෂ්පාදන කළමනාකරණය නිමල් විජේසිරි සේනාධීරගෙනි.

සහය නිෂ්පාදන කළමනාකරණය ඉන්දික සේනාධීරගෙනි. සටන් අධ්‍යක්ෂණය රිටිගල සුමේධ, ඇඳුම් නිර්මාණය කුමාර කරව්දෙණිය ද, වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණය පැට්රික් ඩේවිඩ්, සහය කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් කොඩිතුවක්කු, සංගීතයෙන් මිලින්ද තෙන්නකෝන්, නර්තනයෙන් ජනන්ද ජයසිරි, නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

ශ්‍රී සිද්ධා සිනමාපටයේ රංගනයෙන් ජගත් චමිල, උදාරි වර්ණකුලසූරිය, පබෝධා සංදීපනී, බුද්ධික ජයරත්න, දිනෙත් ද සිල්වා, ඕෂධී හේවාමද්දුම, ගීතා කාන්ති ජයකොඩි, වසන්ත විට්ටච්චි, අජිත් ලොකුගේ, කුමාර තිරිමාදුර, රිටිගල සුමේධ, උදේනි අල්විස්, රුවන් වික්‍රමසිංහ, රජිත රොද්‍රිගෝ, මෙලනි අසෝකා, සචිත්‍ර වීරසේකර දායක වෙති.


වීරකුමාරි විහාරමහාදේවි විශේෂ දැක්මක් 25 දා

'වීර කුමාරි විහාරමහා දේවි' සිනමා නිර්මාණයේ විශේෂ දර්ශනයක් 25 වෙනි දින සවස කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථාවේ 'තරංගනී' ශාලාවේදී පැවැත්වේ.

මෙය වි. උපුල් සුදත් පෙරේරාගේ අධ්‍යක්ෂණයකි. රවිනා චිත්‍රපට ආයතනයේ නිෂ්පාදනයකි. සඳුනී ජයවර්ධන, සඳුන් විජේසිරි, ශිරානි නුගේරා, විල්සන් කරුණාරත්න, නන්ද වික්‍රම, කේ. ඩී. සිරිපාල, නෙතලි නානායක්කාර, ඩී. බී. ගංගොඩතැන්න, අජිත් කොටුවිල, සිසිල් ජනකාන්ත, ජී. ආර්. පෙරේරා, විමල් කුමාර ද කොස්තා, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, කේ. ඒ. පියකරු ඇතුලු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.


ප්‍රවීනාට පෙම් බඳින බලාජිගේ පුනරාගමනය හඬ කැවීමේ වැඩමුළුව 3 දා

ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙය වන 'ප්‍රවීනාට පෙම් බඳින බලාජිගේ පුනරාගමනය' හඬ කැවීමේ වැඩමුළුව නොවැම්බර් 3, 4 යන දිනයන් හි උදේ 10 ට නුගේගොඩ මිරිහාන බුවනෙකබා මාවතේ අංක 55 දරන තැන පිහිටි (මිරිහාන පොලීසිය අසල) කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වේ.

සිරස ඊඍ ඔස්සේ විකාශිත 'ප්‍රවීනා' ටෙලි නාට්‍යයේ රිසබ් බලාජිිගේ චරිතයට හඬකවමින් ශ්‍රීමත් වාර්තාවක් තැබීය. ඔෂින්, බ්‍රේව්, මායාවරුන්ගේ ලෝකය, ගුවන් විදුලි රඟමඬල, සිරස රඟ මඬල, ලෝඩ් ඔෆ් ද රිංග්ස්, අබා, දුටුගැමුණු, පූජනීයයි ආදරේ, Spirit, බේවොච්, මහා භාරත්, රාමායනය, ARROW,  ගෞතම සිද්ධාර්ථ, රජ වැඩකාරයෝ, ශනිඉසිවර වෙදැදුරු, අධි රජ ධර්මාශෝක ඇතුළු නිර්මාණ රැසක් ඔස්සේ ඔහුගේ හඬ පෞරුෂය ශ්‍රාවක ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ වැළඳ ගත්තේය.


සේයාට පසු කල්‍යාණට අලුත් මුහුණක්

සේයා, නටන්නැතුව දින්නා, රජා මමයි ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ කල්‍යාණ චන්ද්‍රසේකර සිය ඊළඟ සිනමා සිතුවම ඔස්සේ නවක ළමා නළුනිළියන් කිහිප දෙනෙකු සිනමාවට හඳුන්වාදීමට අපේක්ෂා කරයි. ඔවුන් තෝරා ගැනීමේ මූලික සම්මුඛ පරීක්ෂණයක් මෙම මස 27 වැනිදා දවසපුරා බොරැල්ල සුදර්ශි ශාලාවේදී පැවැත්වෙනු ඇත. සංගීත වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව ඇති වයස අවුරුදු 10 - 12 අතර නවක ළමා නළු නිළියන්ට එදින මෙම සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාව උදාකරගත හැකිය.