වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 20 වැනිදා සෙනසුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ පිරිස තැනූ උදුම්බරා අද සිට තිරයට

සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ පිරිස තැනූ උදුම්බරා අද සිට තිරයට

ජැක්සන් ඇන්තනී ගේ තවත් ප්‍රබල රංගනයක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිනමා තිරයට

ධර්ම යුද්ධය සිනමා නිර්මාණයේ සහාය අධ්‍යක්ෂ චමත් රාජ් විසින් අධ්‍යක්ෂණය කළ උදුම්බරා සිනමාපටය අද සිට (25) සිනමාශාලා රැසක ප්‍රදර්ශනය ආරම්භ වේ.

ධාවන සුරියක් වීමේ අපේක්ෂාවෙන් සිටින උදුම්බරා නැමැති දැරියක වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත මෙහි ජැක්සන් ඇන්තනී, ජනක කුඹුකගේ, ජයනි සේනානායක, සරත් කොතලාවල, හර්ෂි රසාංග, නදීශානි ඇන්ඩර්සන්, රයන් වැන්රෝයන්, කෞශල්‍ය නිර්මාණ ඇතුළු පිරිස රඟපාති.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර උදුම්බරා සමඟ රංගනයට පිවිසේ. එය එස්. භාරත්වාජ්ගේ කැමරා අධ්‍යක්ෂණයකි. බාබු ඒ ශ්‍රීවාත්සව සංස්කරණ ශිල්පියාය. ධීනා සංගීතයෙන් දායක විය.

සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂවරයාය. සම්පත් වන්නිආරච්චිගේ කලා අධ්‍යක්ෂණයකි. ශර්මිලා ෆොන්සේකා ඇඳුම් නිර්මාණය කොට ඇත. ඉන්දික උදාරලංකාගේ අංගරචනයකි. සුරේන් චන්ද්‍ර නිෂ්පාදන කළමනාකරුය.

2017 වසරේ ජනප්‍රිය චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය දිනූ ධර්ම යුද්ධය හා 2016 වසරේ හොඳම චිත්‍රපටයට හිමි සරසවිය සම්මානය මෝටර් බයිසිකල් මෙන්ම ඒ ලෙවල්, තී, ගෝල් චිත්‍රපට ගෙන ආ සීමාසහිත මහරාජා සමාගම උදුම්බරා නිෂ්පාදනය කොට තිබේ.


කැන්ගරු දේශයෙන් යශෝධරාට සම්මානයක්

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා සිනමාපටයේ යශෝධරා චරිතය මැවූ පල්ලවි සුභාෂ් ඕස්ට්‍රේලියාවේදී ඇගැයීමට පාත්‍ර විය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති SAFAL සම්මාන රාත්‍රියේදී ඇය මෙලෙස සම්මානයට බඳුන් වූුයේ යශෝධරා චරිතය රංගනය වෙනුවෙන් කළ කැප කිරිම උදෙසාය. ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය මුදල් අමාත්‍ය වික්ටර් ඩොමිනෙලෝ, ඕස්ට්‍රේලියාවේ ලංකා තානාපති ලාල් වික්‍රමතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වි සිටියහ.

මෙම විශේෂ ඇගයීම පිළිබඳ ඇය වඩාත් සතුටට පත් වන බවත් මෙවන් වූ චරිතයක් ලබාදීම වෙනුවෙන් අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසට බෙහෙවින් තුති පුදන බවත් පල්ලවී මෙහිදී පවසා සිටියාය. මරාති ජාතික නිළියක වූ ඇය තෙළිඟු, දමිල, මලයාලම් සහ කන්නඩ සිනමාපටයන්හි රංගනයේ යෙදී ඇත. මෙරට ජනතාව අතර පල්ලවීව වඩාත් ජනප්‍රිය අධිරජ ධර්මාශෝක මාලා නාටකයේ ධර්මා හැටියටය.


සුනාමිය ත්‍රිකුණාමලයෙන් කල්පිටියට

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය සුනාමි රූපගත කිරීම් කල්පිටිය ආදී ප්‍රදේශයන්හි තවදුරටත් සිදු වන බව සරසවියට වාර්තා විය. මෙහි ත්‍රිකුණාමලයේ රූ ගැන්වීම් පසුගියදා නිමා විය. බිමල් ජයකොඩි, හිමාලි සයුරංගි, දර්ශන් ධර්මරාජ්, නිරංජනී ශන්මුගරාජා, විශ්වජිත් ගුණසේකර, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත, සරත් චන්ද්‍රසිරි. අනුරුද්ධිකා පාදුක්කගේ, ජේ. යෝගරාජා, රංජනී රාජ්මෝහන්, අශෝක සේරසිංහ සුනාමියට දායක වන නළු නිළියන්ය. රේණුකා බාලසූරිය විසින් සුනාමි නිෂ්පාදනය කරනු ලබයි. කැමරා අධ්‍යක්ෂණය මෙවර සරසවිය සම්මානලාභී විශ්වා බාලසූරියගෙන් වීම විශේෂත්වයකි.


රන්ජන්ගෙන් බොදු බැති ගීයක්

රන්ජන් රාමනායක දක්ෂ නළුවෙකි. එමෙන්ම ජනප්‍රිය සම්මාන දිනාගනිමින් අසමසම වාර්තාවක් ද පිහිටුවා තිබේ. ඔහු ගායකයෙක්ද වන්නේය. රන්සමනළ ජෝඩුව වාගේ ඇතුළු තවත් ගීත ගණනාවක් රන්ජන් ගයා ඇත්තේය. ඔහු පසුගියදා ගීපද රචකයකුද විය. ඔහු පැබැදූ ගීතය ඊයේ 24 දා එළිදැක්විණි. උපතින් කතෝලිකයකු වුවද රන්ජන් එම ගීයෙහි අන්තර්ගතකොට ඇත්තේ සිදුහත් කුමාරයාගේ ජීවිත කතාවය. මෙහි තවත් විශේෂත්වයකි. ඒ එම ගීය ගැයුවේද රන්ජන් වීමය. පැලවත්ත ආසියා ආලෝක මාධ්‍යස්ථානයේදී රන්ජන් ගැයූ එම ගීය එළිදැක්විණ. ලාල් ආනන්ද අබේධීර රන්ජන්ගේ පද මාලාව සඳහා සංගීතය නිර්මාණය කළේය. සහාය ගායනය විශාරද සන්ධ්‍යා බුලත්සිංහගෙනි. මේ රන්ජන්ගේ බුදුගුණ ගීතයේ පදමාලාවයි

මිහිපිට මින් පෙර සිටියද මේ වගේ කුමාරයෙක්

රජකම අතහැර වනයේ දුක් විඳි කුමාරයෙක්

සියලු සතුන්හට සෙනෙහස දැක්වූ කුමාරයෙක්

සිදුහත් අපගේ පීඩිත පන්තියේ කුමාරයෙක්

දන්නෙමු කිරුළට පියරජු ගෙලසිඳි කුමාරයන්

පියාට හිටුවා පස්ගැසු කාශ්‍යප කුමාරයන්

දසමාමාවරු මැරූ ආබා නම් කුමාරයන්

පියරජු දෙපතුල් පැලුවා අජසත් කුමාරයන්

දුටුවේද කිසිදින මාලිග අතහැරි කුමාරයෙක්

යශෝධරා සහ රාහුල අතහැරි කුමාරයෙක්

මසවුළු අතහැර පින්ඩපාතේ වැඩි කුමාරයෙක්

සඳලුතලෙන් බට නිර්ධන පන්තියේ කුමාරයෙක්

යුද්දෙන් මත්වුණු චණ්ඩාශෝක වැනි කුමාරයන්

සිහසුන රුධිරෙන් නෑවූ මැක්බත් කුමාරයන්

අන්තිම දූෂිත මැකියාවලියේ කුමාරයන්

රටවල් ඇල්ලූ මහ අලිසන්දර් කුමාරයන්

දෙව්දත් සුමගට ගන්නට තැත් කළ කුමාරයෙක්

අංගුලිමාල හරි මඟ පෙන් වූ කුමාරයෙක්

කුලමල ආගම් සැමටම පිටු පෑ කුමාරයෙක්

ලොව්තුරු බුදු බව පැතුවා සිදුහත් කුමාරයන්

බුද්ධං සරණං ගච්ඡාමී

ධම්මං සරණං ගච්ඡාමී

සංඝං සරණං ගච්ඡාමි