වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 18 වැනිදා බ්‍රහස්පතින්දා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
දඟදාස නික්ම ගියේය

දඟදාස නික්ම ගියේය

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් මෙරට ගැටවරවියට එළැඹෙන්නන් අරබයා ලියන ලද මාහැඟි ග්‍රන්ථය මඩොල්දූව ය.ඒ 1947 වසෙර්ය.වික්‍රමසිංහයන්ගේ මඩොල්දූවේ මහා චරිත නම් උපාලි ගිනිවැලිලේ සහ ජිනපාල හෙවත් ජින්නාය.ඔවුන්ට ගමේ දී සරිලන ගැටවරයන් තිදෙනෙක් විය.එක් අයෙක් රණදේවය.තවකෙක් සිරිපාලය.අනෙකා දඟදාසය.මේ අපූරු නවකතාව නොකියවා ගැටවරයෙක් වූ කිසිවෙක් මෙයින් දශක ගණනාවකට පෙර නම් මෙරට නම් නොසිටි තරමිය.මඩොල්දූව සිනමාවට නැගුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අතිනි.එහි උපාලි ගේ ගැටවරවිය රඟපෑ අජිත් ජිනදාස දැන් ඉන්නේ කැනඩාවේය.ජින්නා පද්මසේන අතුකෝරාල බැංකු සේවයෙන් පසු විශ්‍රාමිකය.සිරිපාල ලෙස රඟපෑ සිරිල් කොතලාවල හෝ රනදේව ලෙස රඟපෑ විමල් ගුණරත්න ගැන තොරතුරු නැත දඟදාස ලෙස රඟපෑ සුනිල් ප්‍රෙමකුමාර පසුගිය සතියේ ජීවිත සිනමාවෙන් සමුගත්තේය.මේ අතරින් මඩොල්දූවට පසු සිනමාවට සම්බන්ධවූයේ අජිත් ජිනදාස සහ සුනිල් ප්‍රේමකුමාර පමණකි.සුනිල් කවර චරිතයක් රගපෑව ද ඔහු මුළු ජීවිත කාලය පුරා හැඳීන්වූයේ දඟදාස නමිනි.නැතහොත් දඟයා නමිනි.ඔහු දඟදාස ලෙස වඩා ප්‍රචලිත වූයේ චිත්‍රපටය නිසා ය.එහෙත් ඔහු ට එම නම සින්නවූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දඟදාසයෙක් බැවිනි. එක මොහොතක් නිකම් සිටින්නට බැරි සුනිල් නිශ්චලව සිටියා නම් ඒ සිටින්නට ඇත්තේ ඔහුගේ අවසන් ගමනෙහි පමණකි.කරන්නටම දෙයක් නැත්නම් ඔහු මුහුණ පුරා අයාලේ වැවුණු රැවුල හෝ කසන්නේය.

බුලත්කොහුපිටිය යක්කැල්ල මහ විදුහලේ ඉගෙනුම ලද රංහෙට්ටිගේ සුනිල් ජයන්ත ප්‍රෙමකුමාර උපන්නේ 1956 වසෙර්ය.මඩොල්දූව චිත්‍රපටයේ චරිත සදහා සුදුස්සන් ආචාර්ය විසින් ලෙස්ටර් විසින් සොයද්දී සුනිල් ද එයට වරම් ලැබුවේය.පසුව ඔහු සිනමාවට දායක වනුයේ කැකිල්ලේ රජ්ජුරුවෝ චිත්‍රපටයේ විකට චරිත රඟමිනි.එතැන් පටන් ඇර සොයිසා.ඔබටයි ප්‍රියේ ආදරේ,සටන ,කෝහතුරොි වැනි චිත්‍රපට ගණනාවකට හෙතෙම රංගනයෙන් දායක වි.ඒ සියල්ලම විකට චරිත විය.චිත්‍රපට රංගනයට අමතරව සුනිල් ඒ බොහොමයක නිශ්චල ඡායාරූප ශිල්පියා ද විය.රංගනයෙන් පමණක් නොව නිශ්චල රංගනයෙන් ද සිනමාවට දායක වුන සුනිල් සිනමා පුවත්පත් කලාවේදියකු ලෙස ද කටයතු කළ බව බොහෝ දෙනා නොදනිති.ඒ ප්‍රේම් දිසානායකයන්ගේ සංස්කරණයෙන් පළ කරන ලද විචිත්‍ර පුවත්පතේය.එමෙන්ම ඔහු එහි ඡායාරූප ශිල්පියෙකු ද විය.වේදිකා නාට්‍ය කිහිපයක ට ද දායක වුන සුනිල් චිත්‍රපට සංස්කරණයේ ද සහාය ශිල්පියෙකු විය.ඒ හංස විලක් ,ඇර සොයිසා,එක් ටැම්ගේ,කාංචනා වැනි චිත්‍රපට කිහිපයකය.ඔහු ගායකයකු වූයේ බඹර අසපුව ටෙලි නාට්‍යයේ හුරේ මලී නගා මට දීපං නම් ගීය ගයමිනි.මෑත භාගයේ ඔහු වඩා ජනප්‍රිය වූයේ පාන්බට්ටා ටෙලි නට්‍යෙය් රඟපාමිනි.ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ සිට සුනිල් සෝම පීරිස් දක්වා චිත්‍රපට රාශියක රඟපෑව ද සුනිල් කිසිවක් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවෙක් නොවිය.එමෙන්ම ඔහුගේ ජීවිතයේ ඇතැම් සිරිත් විරිත් ද අමුතුය.අද ඒ සියල්ල මතක සටහන්ය.මඩොල්දූව අවසානයේ උපාලි සිය පියාගේ අවමගුල ට පැමිණෙද්දී ගම රැඳී සිටිනුයේ රණදේව පමණකි.දඟදාස ආගරපතනේ සාප්පුවක ලියන්නෙකුව ගොස්ය.සුනිල් ද එහි යන්නට ඇතැයි සිතමි.