වර්ෂ 2024 ක්වූ මාර්තු 29 වැනිදා සිකුරාදා




කීර්ති විජයබා පාදක කරගනිමින් ශ්‍රී සිද්ධා තිරයට සරත් වීරසේකරගේ අධ්‍යක්ෂණයක්
සරසවිය උලෙළේ 2016 හොඳම චිත්‍රපටය 2017 ජනප්‍රිය චිත්‍රපටය දිනූ . . .
දඟදාස නික්ම ගියේය
හිරු උලෙළට බොලිවුඩ් තරු එති
යාපනය අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය බංගලාදේශයේ ‘කෝමලා රොකට්’
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්
ගින්නෙන් උපන් සීතල ඇමරිකාවේ 'HOUSE FULL' අතිශය උණුසුම් ප්‍රතිචාර මැද
සිනමා සක්විති 14 වැනි ගුණානුස්මරණය
යාපනය සිනමා උලෙළ එන බ්‍රහස්පතින්දා යාව ජීව සම්මානය වී. වාමදේවන්ට
ගාමිණි සමරා ලේ බිඳක් දන්දෙමු
සනත් ගුණතිලක රංග විමර්ශනය 21 එළිදකී
රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ 20 ඇරඹෙයි
විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
නිහාල්, ටෙනී, චන්දන 15 වැනිදා මොරටුවේදී උපහාර ලබති
සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ
‘ඝරසරප’ට ඉහළ ප්‍රතිචාර
නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය
ඝරසරප මංගල දර්ශනය දා
සෝමවීර තෙමස් සැමරුමට අපි තවමත් සංසාරේ උත්සවය 28 දා
ගයාන්-චතුරිකා එක්ව එකම රෑනේ කුරුල්ලෝ තනති
මාලිනී ෆොන්සේකා අභිනන්දන උලෙළ 22 දා B M I C H හිදී
ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්

ජන කරළියෙන් නාට්‍ය ත්‍රිත්වයක්

ජනකරළිය සංස්කෘතික පදනම මඟින් නිර්මාණය කළ තිත්ත කහට, හිරු නැගෙන තුරු සහ අඳුර සහ එළිය යන නාට්‍ය ත්‍රිත්වය අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයීය නව රංග ශාලාවේදී රංග ගත වෙයි. ඒ අනුව මෙම මස 17 වැනිදා තිත්ත කහට නාට්‍යත් 18 වැනිදා අනෙක් නාට්‍ය ද්විත්වයත් වේදිකා ගතවනු ඇත. ජන කරළිය නිර්මාතෘ ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීම යටතේ මෙම නාට්‍ය ත්‍රිත්වය සංවිධානය කරනු ලබන්නේ අනුරාධපුරයේ සුලවත් පවුර සංවිධානය විසිනි.

රොනී අද සමුගනී

අභාවප්‍රාප්ත ගායක සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය ඊයේ මෙරටට ගෙනවිත් තිබේ. එය මේ වන විට කොළඹ බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට ඇත. අද සවස 2 දක්වා දේහයට අවසන් ගෞරව දැක්වීමට කලා සහෘදයන් මෙන්ම මහජනතාවට අවස්ථාව සලසා ඇත. අනතුරුව දේහය ගල්කිස්ස ක්‍රයිස්ට් දේවස්ථානයට රැගෙන යන අතර රොනීගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

නෙතු දැහැන හෙට

විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, පුතු චන්දීප ජයකොඩි සමඟ නෙතු දැහැන සංගීතමය ප්‍රසංගය හෙට සවස කොළඹ 7 ස්ටැන්ලි විජේසුන්දරාරාම මාවතේ ව්ඒච්ඒ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එහි අනුග්‍රාහකත්වය දක්වන්නේ පීපල්ස් ලීසිං සමාගමේ සුබසාධක සංගමයයි. සංගීතය සුසිල් අමරසිංහගෙනි.

ගයනා සුදර්ශනීගේ උපන් දිනය සැමරූ දා

ප්‍රවීණ රංගන ශිල්පිනි ගයනා සුදර්ශනී උපන් දිනය පසුගිය දින කලාකරුවන් හා ඇයගේ හිතවතුන් සමග සැමරුවා. ඒ රත්මලාන ගුවන් හමුදා මියුසියම් කැෆටේරියන් හිදීය. මේ ඇය කලාකරුවන් සහ හිතවතුන් පිරිවරා උපන්දින කේක් කැපූ මොහොතයි.

ශාන්ත ආනා විදුහලේ කලා උලෙළ දා

මීගමුව කුරණ ශාන්ත ආනා මහ විදුහලේ වාර්ෂික කලා උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් ඉකුත් දා පැවැත්විය. මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහ රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල මෙහි ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වූහ. සේයාරුවින් දැක්වෙනුයේ විදුහලේ නැටුම් ආචාරිනි මධුභාෂිනි මෙනවිය විසින් පුහුණු කළ දේශාභිමානි ගීයකට මනරම් රංගයක් ඉදිරිපත් කළ සිසු දැරියන්ය.

සටහන සහ සේයාරුව දමිත්ත ගහවත්ත යසපාල චන්ද්‍රසිරි

චන්දනගේ ‘හිරෝෂිමාවේ කඳුළු’ අද ජනගත වේ

ලේක්හවුස් මාධ්‍යවේදී චන්දන විජේකෝන් විසින් රචනා කළ හිරෝෂිමාවේ කඳුළු ග්‍රන්ථය අද (11 දා) කොළඹ සිටි හෝටලයේ පැවැත්වෙන උත්සවයේදී එළිදැක්වෙයි. මෙරට ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධාන ටෙෂිහිරෝ කිටමුරා මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙයි.

ග්‍රන්ථය එළිදැක්වීමේ උලෙළේ ප්‍රධාන දෙසුම ප්‍රවීණ සිනමාවේදී, ජනාධිපති සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි බණ්ඩාරනායක විසිනි.

ගිරිවැසිපුර මාධ්‍ය දැක්ම

හඟුරන්කෙත විසූ සරල මිනිසෙක් රජෙක් විය. රාජද්‍රෝහි කුමන්ත්‍රණවල ගොදුරුක්ව වහලෙක් වූ ඒ රජු නැවත සරල මිනිසෙක්ම විය. 1798 ශ්‍රී වික්‍රම රාජසිංහ වූ කන්නසාමිගේ ඉතිහාස වීරාඛ්‍යානයයි මේ. 1815 බිඳ වැටුණු මහනුවර රාජධානියේ පුරාවෘත්තය රැගත් දේවින්ද කෝන්ගහගේ රචනා කර අධ්‍යක්ෂණය කළ, බෙස්ට් ලයිෆ් ඉන්ටර් නැෂනල් වෙනුවෙන් දේශමාන්‍ය ආචාර්ය කලා කීර්ති ශ්‍රී දමින්ද උපාලි ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ගිරිවැසිපුර සිනමාපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.

ප්‍රේම සැඳෑවෝ-5 එළිදකී

පවන රළු විය චිත්‍රපටයේ අධ්‍යක්ෂ රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද ප්‍රේම සැඳෑවෝ ග්‍රන්ථය - 5 වන කොටස පසුගිය දින එළිදැක්විණි. ඊ. එල්. ජෙන්ස්ගේ ෆිෆ්ටි ලේඩිස් ඔෆ් ග්‍රේ කෘතියේ පරිවර්තනය වූ ප්‍රේම සැඳෑවෝ භාෂා 12 කට පරිවර්තනය වූ ආන්දෝලනාත්මක නවකතාවකි.

දුගී සිත්තරාගේ ආදරවන්තිය

සේනාරත්න වීරසිංහගේ නවතම කෘතිය එළිදකී. ඒ දුගී සිත්තරාගේ ආදරවන්තියයි.

දුගී සිත්තරාගේ ආදරවන්තිය අමෙරිකානු යථාර්ථවාදී නවකතා සාහිත්‍යයේ බිහි වූ උසස් රෝමාන්තික නව සම්භාව්‍ය කෘතියක් ලෙසින් ඇගයේ.

ජාතික තොටිල්ල

මෙරට විශිෂ්ට කාව්‍ය නිර්මාණ එකතුවක් වන සන්ථව මඟින් ප්‍රකාශයට පත් කරනු ලබන රත්නාවලී 4 ග්‍රන්ථයේ සිව්වන කෘතිය ලෙස ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්ගේ දරු නැළවිලි හෙවත් ජාතික තොටිල්ල ග්‍රන්ථය විමලසේන ගුණරත්න විසින් සංස්කරණය කරන ලදුව පසුගිය දින ජනගත කෙරිණි.

'අසිරිමත් ගම්මැණ්ඩිය'

'උදුල මංකඩ', 'නවදැල්ල', 'දෙකිඳ අරෝව', 'නයගරා' වැනි බොහෝ දෙනෙකුට විෂයය නොවූ අප සංස්කෘතින් තුළ කතා නිර්මාණය කර ඇති සම්මානලාභී ප්‍රවීණ ලේඛක ඒ. එම්. කරුණාරත්න මහතා ලියූ අලුත්ම ග්‍රන්ථය 'අසිරිමත් ගම්මැණ්ඩිය' මේ 14 වැනිදා ඉරිදා සවස 2.00 ට බිංගිරිය රජමහා විහාරස්ථානයේදී එළිදකී.

දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයකි. 'අසිරිමත් ගම්මැණ්ඩිය' දොරට වැඩීමේ මුලසුන අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඇල්හේනේගම සුමනරතන නාහිමිපාණෝ හොබවති. සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී. බී. ඒකනායක මහතා ප්‍රධාන දේශනය පවත්වයි.