වර්ෂ 2024 ක්වූ මාර්තු 28 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි
රෝයල් ඉබ්බෙක් 23 දා
මෙය දේශපාලන ප්‍රහසනයක්
වසර 37කට පසු ලූෂන් බුලත්සිංහල වෙස්මූණ ගලවයි
හිනාවෙන්න අඬන්න හිතන්න කළුම කළු මහත්තුරු බලන්න...
රජා මං වහලා අවුරුදු තුනක් ගෙවිලා
බලව ! රඟහලක අරුමය
මට පුරුෂයෙක් ඕනෑ කියන ජීවන් හඳුන්නෙත්ති
එන්න, ලෝකයේ නාට්‍ය කොහොමදැයි බලන්න
හිරු නැගෙනතුරු තිත්ත කහට බොමුද
සිංහයාගෙන් සමුගන්නා ජයනාත්
වචනවලට නොවෙයි සිද්ධිවලට සිනාසෙන්න
අන්තර්ජාතික සම්මාන ලද නීටා යළි වේදිකාවට
පොත් ගුල්ලී බලන්න වේදිකාවට ගොඩවෙමු
බැංකු කොල්ලයේ සල්ලි ජනතාවට
මනෝ චරිත හතක් ගැන කියයි
රාජිත එක්ක දවස් තුනක් ගත කරන්න
මැණිකේ මම ආයේ ගෙදර එනවා
තුන්බිය රැගෙන මහාචාර්ය ආරියරත්න කලුආරච්චි වේදිකාවට
විනිශ්චය මණ්ඩලය නිදි
නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක්
කලා දිවියේ හතළිස් වසර සමරමින් සුසිල් ‘වෙස්ගත් බොස්’ ගෙන එයි
361 කියන්නේ රූප පෙට්ටියේ ගැටුමයි
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 31
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 30
රාජ්‍ය නාට්‍ය උලෙළ ගිය වසරට වඩා සාර්ථක මට්ටමක
පාරම්පරික කලාකරුවාගේ ශෝචනීය ඉරණම විදහා පෑ ජයලත් මනෝරත්න
ලොවපුරා මල් වේදිකාවේ පිපෙන හැටි බලමු
වේදිකාව හා වීදිය අතර සංක්‍රමණය වූ නාට්‍යකරුවා
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 24
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 22
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 21
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 17
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 16
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 15
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 10
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 9
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 8
මෙය දේශපාලන ප්‍රහසනයක්

මෙය දේශපාලන ප්‍රහසනයක්

ධර්මිෂ්ටර්ලා ගෙන එන සුගත් ශාන්ත මොරගහකුඹුර

සුගත් මොරගහකුඹුර කවුරුත් හඳුනන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියකු ලෙසයි. නවකතා රචකයකු මෙන්ම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙසත් මේ වන විට ඔහු කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් සොයා ගොස් ඇත. මේ දිනවල සුගත් ඔහුගේ නවතම වේදිකා නාට්‍යය 'ධර්මිෂ්ටර්ලා' සමඟ වේදිකා ගතවන්නට සුදානම්ය. මේ කතාබහ පෙළ ගැසෙනුයේ ඒ නිමිත්තෙනි.

'ධර්මිෂ්ටර්ලා' වේදිකාවට අලුත්ම අත්දැකීමක්?

ඔව්. මේ වේදිකා නාට්‍යය වේදිකා නාට්‍ය කලාවට අලුත් අත්දැකීමක්. ලෝක තුනක් ගැන කතා කරන නාට්‍යයක්. අවුරුදු දෙදහස් තිහ දෙදහස් හතළිහ වෙනකොට මේ රටේ ජනතාව කොතැනට ද ගමන් කරන්නේ කියන දේ තමයි නාට්‍යයෙන් කතාබහට ලක්වන්නේ.

ප්‍රේක්ෂකයාටත් අලුත් රස වින්දනයක්?

ඇත්තටම, මේක බුද්ධිමත් පේ‍්‍රක්ෂකයනට මිස බොළඳ හාස්‍යයෙන් පිරි නාට්‍ය නරඹන්නට උනන්දු වන පේ‍්‍රක්ෂකයාට නොවන වග කිව යුතුයි. මෙය ඒ අයට ගෝචර වෙන එකක් නැහැ. බුද්ධිමත්ව සමාජය දෙස බලන, ඒ ගැන විමසිලිමත් වන පේ‍්‍රක්ෂකයන්ට පමණයි මෙය ග්‍රහණය කරගත හැක්කේ

ලෝක තුනක් ගැන පැවැසෙන බව ඔබ කියනවා?

මේ නාට්‍යයෙන් මම කතා කරන්නේ අපාය, දිව්‍ය ලෝකය හා මනුෂ්‍ය ලෝකය පිළිබඳවයි. අපායේ යක්කු කවුද? දිව්‍ය ලෝකේ යන්නේ කවුද? මනුෂ්‍ය ලෝකේ රැඳෙන්නේ කවුද? කියන කාරණා මෙහිදී කතාබහ වෙනවා. ජනතාව විදිහට අපි හැමදාමත් රැවටෙනවා. ඒ විදිහට රැවටෙන ජනතාව මරණයෙන් පස්සේ යන්නේ කොහාටද? ජනතාව රවටන දේශපාලකයන් කොහාට ද යන්නේ? මේ දේවල් මේ නාට්‍යයේ පෙන්වා දෙනවා. උඩින් පෙනෙන දේට වඩා විශාල ගැඹුරු අරුතක් මෙහි ප්‍රකට වෙනවා. එනිසා තමයි බුද්ධිමතුනට මෙය ගෝචර වෙන්නේ.

*මෙය තුළ දේශපාලන ප්‍රහසනයක් ගැබ්ව පවතින බව පෙනෙනවා?

ඔව් මේ නාට්‍යයත් එක්තරා විදිහකට දේශපාලන ප්‍රහසනයක් තමයි. මොකද මමත් 2016 සිට මේ වනතුරුම වේදිකා නාට්‍ය දහයකට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. මම රඟපෑ හැම චරිතයක්ම දේශපාලන චරිත. ඒනිසා මගේ නාට්‍යයටත් දේශපාලනය අඩංගු වුණා.

* මෙය ඔබේ පළමුවන ස්වතන්ත්‍ර නිර්මාණය?

මෙය මගේ පළමුවන ස්වතන්ත්‍ර නිර්මාණය. ඒ වගේම මෙය මගේ පළමු නාට්‍ය නිෂ්පාදනය. මීට පෙරාතුව මම 'ගැට සහ මඩ', 'රත්තරං වළලු'. 'දාරක සෙනෙහස', 'හිත හොඳ මිනිස්සු' වේදිකා නාට්‍ය තුනක් කළා.

'ධර්මිෂ්්ටර්ලා'ට ඔබත් සමඟ එකතු වෙන පිරිස?

මේ නාට්‍යය රචනා කළේ ජේ. ඒ. ඩී. පෙරේරා. මෙහි අධ්‍යක්ෂණය අනුර වරාගොඩ. චරිත නිරූපණයන් ශක්‍රයා ලෙස අනුර මාපිටිගමත්, මාතලී ලෙස කුලසිරි මල්ලිකාරච්චිත් රනල් - මිස්ට ඇඹුල් හා යම රජ ලෙස මමත් ඉෂා ලෙස අනුදිල්, රාජිනී ලෙස රොහානි වීරසිංහ ඇතුළු පිරිසක් මෙහි රඟපානවා.

* 'ධර්මිෂ්ටර්ලා' වේදිකා නාට්‍යයේ අත්දැකීම් හුවමාරුවක් සිදුුවෙන බව ඔබ පවසනවා?

අපි හුඟක් දෙනා හිතනවා හාස්‍යමය නාට්‍යයක් නිර්මාණය කරලා මිනිස්සු සතුටු කරන්න පුළුවන් කියලා. අපි පැය එක හමාරක් තිස්සේ මිනිසුන්ව හිනැස්සුවාම මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙනවා කියලා. ඒත් ඒ විදිහට වෙන්නේ නැහැ. මිනිසුනට අවශ්‍ය ඔවුන්ගේ ගැටලුවලට විසඳුම්. ඔවුන් මුහුණපාන ගැටලුවල පීඩනය අවම කරගෙන ජීවිතේට මුහුණ දෙන්න ඔවුන්ට බලපාන අත්දැකීමක් තමයි අවශ්‍ය. මේ අත්දැකීම් නැතිකම නිසා තමයි මිනිස්සු ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ. 'ධර්මිෂ්්ටර්' මඟින් මේ අත්දැකීම් හුවමාරු වෙනවා.

ඔබේ නාට්‍යයෙත් ජනප්‍රිය නළු නිළියන් රඟනවා ඇති?

මෙහෙමයි, ජනප්‍රිය ටෙලි නාට්‍ය නළු නිළියන් යොදා ගත්ත වේදිකා නාට්‍යයක් දුවා ගන්න පුළුවන් කියලා සමහර අධ්‍යක්ෂවරු හිතනවා. එතැනදි ප්‍රේක්ෂකයා එන්නේ ජනප්‍රිය නළු නිළියන් දැක බලා ගන්න මිසක් නාට්‍යය බලන්න නෙමෙයි. නළු නිළියන් දිහා බලා සිටිනවා මිසක් ප්‍රේක්ෂකයාට නාට්‍යය බලන්නට වෙලාවක් නැතිව යනවා.

* ජනප්‍රිය නළු නිළියන් සමඟ වැඩ කිරීම ද ප්‍රවීණයන් සමඟ වැඩ කිරීම ද පහසු?

අපි හරිම ජනප්‍රියයි කියා සිතා ඉන්න නළු නිළියන් කිහිප දෙනෙක් මගේ නාට්‍යයට මුලදී දායක වුණා. මට ඔවුන් සමඟ වැඩ කිරීම හරිම දුෂ්කර වුණා. ඔවුන් සමඟ නාට්‍යය පුහුණු කරන්න ගියාම හරිම කරදර වුණා. සමහර වෙලාවට කලට වෙලාවට එන්නේ නෑ. පිටපත අරන් එන්නේ නෑ. දවල් වෙන කොට ජූස් එකක් දෙන්න ඕනෑ. දවල් කෑමට ෆ්‍රයිඩ්රයිස්. ඊට අමතරව වාහනවලට හයර් ගෙවන්න ඕනෑ. මේක මට ප්‍රශ්නයක් වුණා. මම වෘත්තියෙන් පත්තර කාරයෙක්. මේ වැඩේ පවත්වාගෙන යන්න අමාරුයි. මම ඉන්පසුව කළේ මේ නාට්‍යයට වාත්තීය මට්ටමේ ඉන්න ප්‍රවීණයන් දායක කර ගත්තා. ඒ ප්‍රවීණයන් හා ජනප්‍රිය නළු නිළියන් අතර පැහැදිලි වෙනසක් මම දැක්කා. ඔවුන් කිසිවිටෙක බාහිර සාධක අරගෙන නිර්මාණයට එන්නේ නැහැ. ඔවුන් හැම මොහොතකම ජීවත් වෙන්නේ නිර්මාණයේ. ප්ලේන්ටියක් බීලා හරි අදාළ නිර්මාණය වෙනුවෙන් කැප වෙන්න ඔවුන් සූදානම්.

ඔබ පුවත්පත් කලාවෙන් දුරස් වෙලාද?

මේ හැමදේම කරන්නේ පත්තරකාරයෙක් විදිහට මා නියෝජනය කරන කාන්තා පුවත්පතට මුල්තැන දෙමින්. එය තමයි මගේ ජීවිතේ. අවුුරුදු 28 ක් පුරා මම හැම දේ ගොඩ නඟා ගත්තේ පුවත්පත් කලාව ඔස්සේයි.

ජීවිතේ දෙස ආපසු හැරී බලද්දී දැනෙන්නේ කුමක්ද?

පත්තරකාරයෙක් විදිහට මම හුඟක් සතුටු වෙනවා. ලිපි දොළොස් දහසකට වඩා මම ලියලා ඇති. හැමවිටම මගේ ලිපිවලින් මම උත්සාහ කළේ අම්මලා යහමඟ යවන්නයි. එය හරියට ගමක් රටක් හැදුවා වගෙයි. මගේ 'ධර්මිෂ්ටර්ලා' නාට්‍ය ඔස්සේ්ත් ගෙදර ස්වයං තීරණ ගන්නා අම්මාට විශාල මඟ පෙන්වීමක් කරනවා. මේ නාට්‍යය අම්මාලාටත් වඩාත් වැදගත්.

මේ නාට්‍යය වේදිකා ගත වෙන්නේ කවදාද?

මේ පහළොස්වැනිදා මාළඹේ රාහුල බාලිකාවේදී සවස 3.30 ට සහ 6.30 ට වේදිකා ගත වෙනවා.

ඉදිරි සැලසුම් මොනවාද?

මේ වන විට මම නවකතා 72 ක් රචනා කර තිබෙනවා. මගේ මීළඟ නවකතාව එළිදක්වන්නට මම සුදානම් වෙනවා. ඒ අපේ රටේ අබිසරු ලියක් වූ කාන්තාවක් වයසට ගොස් ඇමැතිවරියක් වෙනවා. ඒ සිදුවීම මුල් කරගෙනයි මේ නවකතාව රචනා වී තිබෙන්නේ.