|
KIDNAP
නිසංසලාගේ බහට වරුණ අවනත වෙමින් තකහනියේම ලංකාවට එන්නේ කිසිත් හිතාගන්නට බැරුවය. ඔහු නිසංසලාව හමු වෙයි. ඒ හමුව නිම වන්නේ වරුණගේ හිසට දැඩි වගකීමක් නිසංසලා පවරමිනි. ඇගේ කාරය කිසියම් පුද්ගලයින් පිරිසක් පැහැරගෙන ඇත. ඒ අවස්ථාවේදී නිසංසලාගේ සිඟිති දියණිය එහි සිටියාය. නිසංසලා වරුණගෙන් ඉල්ලා සිටින්නේ ඇයව සොයා දෙන ලෙසටය. වරුණ එසැනින් ක්‍රියාත්මක වන්නේය. එහෙත් කිසිදු වගකිව යුතු පුද්ගලයකුගෙන් ඔහුට උදවු ලැබෙන්නේ නැත. ඔවුන් මේ සිදුවීම ගැන කියන දේ පරස්පරය. අවසනදී වරුණ මෙම කාර්යයට අත තබන්නේ දැඩි අධිෂ්ඨානයකින් යුතුවය. එය පහසු නැත. එහෙත් එය කළ යුතුව ඇත.මෙම සිනමා සිතුවම සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයකි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් එළි දුටු චිත්‍රපට සමූහයකි.කිඩ්නැප් සංගීතා චිත්‍රපට සහ ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
කිඩ්නැප් හැඩ කරන නළු නිළි පිරිවර : අර්ජුන කමලනාත්, මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, බුද්ධික ජයරත්න, අමීශා කාවින්දි, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකු හෙට්ටිආරච්චි, රජිත හිරාන්, මාක් සැම්සන්, ශිරෝමිකා ප්‍රනාන්දු, හර්ෂණ බෙත්මගේ, කුමුදු නිශාන්ත, මානෙල් වානගුරු, රොහානි වීරසිංහ, කසුන් දොබගොල්ල, රජිත එදිරිසිංහ, ලාල් කුමාර, ඉන්දික මධුරගේ, සමන්ත මායාදුන්න, ජයරත්න ගලගෙදර, අනුර බණ්ඩාර රාජගුරු, සුගත් ජානක, උදයංග සුරේෂ්, ඉන්දික ප්‍රසන්න, චතු රාජපක්ෂ, සමන් පද්මකුමාර කැමරා අධ්‍යක්ෂණය - තුසිත අනුරාධ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් සංස්කරණය - රුවන් වීරසිංහ
දර්ශන දිසානායක අංග රචනය - චාමර නිරෝෂන් කලා අධ්‍යක්ෂණය - සුසන්ත කැළුම්ප්‍රිය ඇඳුම් නිර්මාණය - ප්‍රියාන් අනුර ශ්‍රී වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර නාද ශික්ෂණය - සුනෙත් කැලුම් නිශ්චල ඡායාරූප - අරුණ ශාන්ත ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් සහාය අධ්‍යක්ෂණය - නදීශ සුමිත් ඩයස්, සමන් පද්මකුමාර,නිම්ෂාන් වීරකෝන් ගායනය - සංඛ දිනෙත්, මහේෂිකා ලක්මාලි ගීතනු - සංඛ දිනෙත්
|