වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ඩොනල්ඩ් ජයන්තට තවත් සම්මානයක්

ඩොනල්ඩ් ජයන්තට තවත් සම්මානයක්

වසර තිහක් තුළ සිංහල සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක සහාය අධ්‍යක්ෂවරයා ලෙසට කටයුතු කළ දේශමාන්‍ය කලාසූරි ඩොනල්ඩ් ජයන්ත තවත් සම්මානයකින් පිදුම් ලබයි. ඉකුත් දිනයකදී තම ගම් පියස වූ මොරවක රිවර් බ්‍රිස් හෝටල්යේ පැවති ම්ඥදබභජඬර ඉබචප සම්මාන උලෙළේදී ඔහු මෙලෙස විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. සහාය අධ්‍යක්ෂවරයකු මෙන්ම මායා, ප්‍රවේගය වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරමින් ඩොනල්ඩ් කළ මෙහෙවර අගයමින් ඔහු මෙලෙස සම්මානනීය විය. මෙම අවස්ථාව සඳහා ජනප්‍රිය නළු නිළියන් සහ කාර්මික ශිල්පීහු සහභාගි වූහ. ඩොනල්ඩ් කොටපොළ ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.


සහෘදයෝ පියොන් යෑන් උලෙළට

ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ අතුල පීරිස්ගේ නිර්මාණයක් වූ සහෘදයෝ ඒකාංගික ටෙලි නාට්‍යය උතුරු කොරියාවේ පැවැත්වෙන පියොන් යැන් අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළේ තරඟකාරී අංශයට සහ ඒඕඋ සම්මාන උලෙළේ ජූරියේ විශේෂ සම්මාන අංශයට නිර්දේශ වී ඇත. මෙම නිර්මාණය මෙයට ප්‍රථම මොස්කව් නුවර පැවැත්වුණු අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළේදී විශේෂ සම්මානයට පාත්‍ර විය. නිරෝෂන් විජේසිංහ, ලක්මා වීරසේකර, නිලුකා රේඛානි සහ නවබුජා රාධා රංගන දායකත්වය සැපයූ මෙහි කැමරා අධ්‍යක්ෂණය සමන් ගාල්ලගේ විසිනි. සෝමරත්න පෙරේරා ආලෝකකරණයෙන් දායක විය. ශබ්ද පරිපාලනය විකුම් හෙට්ටිආරච්චිගෙනි. සඳුන් අතුකෝරාළගේ අංග රචනයකි. චන්ද්‍රසිරි කොඩිතුවක්කුගේ කලා අධ්‍යක්ෂණයකි. අපි මචං කණ්ඩායම සංගීතයෙන් එක්ව තිබේ.


අ.ත.ක.ස. සම්මාන අද
සරසවිය නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන්ටත් සම්මාන

අගනුවර තරුණ කවි සංසදය හෙවත් අතකස 83 වැනි සංවත්සර සැමරුම මෙම මස 13 වැනිදා එනම් අද සවස දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් මෙහි මුලසුන හොබවනු ඇත. මෙයට සමගාමීව විවිධ අංශ නියෝජනය කරන මෙතෙක් කලාව වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් කලාකරුවන් කිහිප දෙනෙකුට සම්මාන පිරිනැමීම ද මෙහිදී සිදු වේ. ඒ අනුව මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, බණ්ඩාර ඇහැලියගොඩ, සිරි කහවල, රොඩ්නි විදානපතිරණ, සරසවිය නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර, දයාන් විතාරණ, සහන් ජයශාන්ත (විරිඳු සහන්) ඇතුළු පිරිස සම්මානිත වනු ඇත. අතකසහි වර්තමාන සභාපතිවරයා වශයෙන් බොරලැස්ගමුව ප්‍රණීත් පෙරේරා කටයුතු කරයි. ඔහු සරසවිය හිටපු කර්තෘ විමලසිරි පෙරේරාගේ ආදරණීය පුත්‍රයාය.