වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




වියසිදුර කැලණි සරසවියෙන් එළිදකී

විශ්වවිද්‍යාලයකින් එන ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය
වියසිදුර කැලණි සරසවියෙන් එළිදකී

ලක්ෂ්මන්, තුමිඳු, ධර්මප්‍රිය, ශලනි, කලණ ප්‍රධාන චරිත ලෙස

කැලණිය විශ්වවිද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා ඒකකය මඟින් ප්‍රථම වතාවට වෘත්තාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ පුවතක් සරසවියට දැනගන්නට ලැබිණි. එම ඒකකයේ සිනමා සහ රූපවාහිනී එක් අවුරුදු පාඨමාලවේ පළමු කණ්ඩායම විසින් අවසන් නිෂ්පාදන කාර්යයක් සහ අධ්‍යයන ඒකකයේ විෂය සමගාමී කාර්යයක් ලෙස මෙම කටයුත්තට මුලපුරා තිබේ. වියසිදුරු ලෙසට නම තබා ඇති එය ප්‍රභාත් අගම්පොඩිගේ අධ්‍යක්ෂණයකි. තිර රචනය ද අධ්‍යක්ෂවරයාගේමය. මෙහි මුහුරත් උලෙළ ඉකුත් දා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. වියසිදුරු සිනමාපටයේ රංගන දායකත්වය සපයනුයේ ලක්ෂ්මන් මෙන්ඩිස්, තුමිඳු දොඩම්තැන්න, ධර්මප්‍රිය ඩයස්, ශලනි තාරකා සහ කලණ ගුණසේකරයි. සුසන්ත මහල්ගමුව කැමරා අධ්‍යක්ෂණයෙන් එක් වෙයි. ලක්ෂික සංකල්පගේ අංග රචනයකි. ඩොමිනික් චන්ද්‍රසාලි කලා අධ්‍යක්ෂවරයාය. මිලින්ද තෙන්නකෝන් සංගීත අධ්‍යක්ෂවරයාය. විය සිදුරු කැලණිය විශ්වවිද්‍යාලයීය නිෂ්පාදනයක් ලෙසින් එළි දකී.