වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාව උගනිව් නැත්නම් පිටවෙව්

සිනමාව උගනිව් නැත්නම් පිටවෙව්

ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර සිනමා පාසල ගැන ධනුෂ්ක ගුණතිලක කතා කරයි

සිනමා අධ්‍යාපනය යන කාරණය කොටස් දෙකකට බෙදේ. එක කොටසක් නම් 'සිනමා අධ්‍යයනය' හෙවත් සිනමාවේ පරිවාර කාරණා අධ්‍යනය කරන 'ජ්ධ්ඹ්ර් ඉඊඋච්ධ්ඡ්ඉ' යන කොටසයි. ලංකාවේ බොහෝ ආයතන සිනමාව ගැන උගන්වන්නේ මෙම කොටස ගැනයි. වඩා බැරෑරුම්ම කොටස නම් චිත්‍රපටයක නිපැයුම් කොටස ගැන දැනුම ලබා දීමේ ක්‍රමවේදය හෙවත් 'ජ්ධ්ඹ්ර් ර්ඒම්ධ්ව්ට්'ගැන අධ්‍යයනයයි. මෙම අධ්‍යාපන කාරණා ගැන සංසන්දනාත්මකව බැලූ විට චිත්‍රපට නිපැයුම් කාර්යයේ ඇති බොහෝ කරුණු 'සිනමා අධ්‍යයනය' විෂය නිර්දේශයට ඇතුළත් වන අතර ඒවා සාකච්ඡාවට ගැනෙන්නේ සංකල්පීය වශයෙනි. උදාහරණයක් ලෙස අධ්‍යක්ෂණය, සංස්කරණය වැනි දේ. නමුත් එම කාරණා යොදාගෙන චිත්‍රපටයක් නිමකිරීමට යාමේදී එය වෙනම අභ්‍යාසයක් වනවා මෙන්ම එයට කළ යුතු කැපකිරීම් සහ ව්‍යායාම් රැසකි.

ධනුෂ්ක ගුණතිලක ශ්‍රීි ලංකා පදනම් ආයතනයේ සිටිය කාලය ඉමහත් කැප කිරීමකින් විධිමත් අධ්‍යයන කලාපයක් ඇති කළ අතර ඉන් බිහිවූ සිනමා දැනුමැත්තන් අධ්‍යයන වර්ෂ 3 කට අයත් විය. එමෙන්ම ඔවුන් ක්ෂේත්‍රයේ සම්මාන පිට සම්මාන ලබා ගන්න අයවලුන්ය. එමෙන්ම පදනම් ආයතනයේ ඒ අධ්‍යයන කාර්යයට අදටත් ඇත්තේ ඉහළ ප්‍රසාදයකි. ඒ කාලය ඉක්ම ගොසිනි. අපගේ කතානායකයා හෙවත් ඒ නියමුවා ධනුෂ්ක ගුණතිලක ඔහු මැදිහත්ව බිහි කළ නව අධ්‍යාපන ආයතනය කොළඹ 7 වෝඩ් පෙදෙසේ කලම්බු ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් හි අනුබද්ධිත ‘කලම්බු ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ඇකඩමි’ ලෙස නම් කර ඇත. කොළඹ චිත්‍රපට හා රූපවාහිනි ඇකඩමිය සිය පළමු පියවර තැබුවේ පසුගිය දිනකය. සමාරම්භයෙන් පසු අයදුම් පත් කැඳවු අතර ඊට ලැබුණු ප්‍රතිචාර ඉහළය. ධනුෂ්ක ගුණතිලක සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයා සිනමා ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ලෙස මෙහි අධ්‍යයන සැකැස්ම සුවිශේෂී කරන්නට විශාල මෙහෙයක් කර ඇත. අපේ සිනමාවට ජාත්‍යන්තර මට්ටමෙන් වැඩ කරන්නන් අවශ්‍ය මොහොතේ ඔහුගේ කාර්යභාරය හා මෙහි අනාගතය ගැන ඔහු අපට පැවසුවේ මෙලෙසින්.

ඇකඩමියේ සමාරම්භක දිනයේදී ඔබ කියූ විශේෂ කාරණයක් මට සිහිපත් වෙනවා. ඔබ පවසන පරිදි දශක කිහිපයකට පෙර ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති මාලාවට එක්වූ 'මහා කොළඹ ආර්ථික කොමිසම' යටතේ සිනමා අධ්‍යාපනය දීම වෙනුවෙන් අපට කාර්යභාරයක් නොතිබූ බව. මොකක්ද මේ කාරණාව?

එතැනදී වුනේ මෙහෙම කාරණයක්. මහා කොළඹ ආර්ථික කොමිසම් යෝජනාවට අනුව ලංකාවේ කොළඹ සිට මුළු දකුණු ආසියා කලාපයත් උතුරු අප්‍රිකාවේ රටවල් කිහිපයක් දක්වා දැවැන්තව විහිදෙන ආර්ථික කලාපයක් ගැන තමයි යෝජනා වුණේ. අද දක්වාම ඒ යෝජනා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොවුණත් ඒ මහා කොළඹ ආර්ථික කොමිසම් යෝජනාව ඉතා බලවත් එකක්. එක තැනකදී ලංකාව පැත්තෙන් යෝජනාවක් ආවා මේ කොමිසමේ බලය විහිදෙන රටවල් සඳහා සිනමා අධ්‍යාපනය වෙනුවෙන් ඉන්දියාව කැපවිය යුතු බවත් අනෙක් රටවල් තම රටවල් තුළ සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත් වීම අවම කළ යුතු බවටත්. ඒ අනුව ලංකාවත් සිනමා අධ්‍යාපනය වෙනුවෙන් මැදිහත්වීම අතහැරියා. ඒ අනුව එවකට තරුණ වයසක සිටි පූනේ හි පිහිටි ඉන්දීය චිත්‍රපට ආයතනය මෙම කලාපයේ ප්‍රමුඛතම චිත්‍රපට අධ්‍යයන ආයතනය ලෙස දියුණු කිරීමට ඉන්දීය රජය කටයුතු යෙදුවා. ඒ මෙම කලාපයේම සිනමා අධ්‍යාපනය වෙනුවෙන් කැපවීම සඳහායි.

ඔබ ඔය කියන ප්‍රතිපත්තිය අදටත් නැහැ. නමුත් පසුගිය වකවානුව පුරාවටම ඒ සඳහා විධිමත් ක්‍රමයක් සැකසීම වෙනුවෙන් ඔබ ක්‍රියාකරනවා අපි දැක්කා?

සරලවම කියනවනම්, අද ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය දිහා බැලුවොත් අපට පැහැදිලිවම පෙනෙනවා ඇයි විශ්වවිද්‍යාල කියා යමක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන්නේ කියලා. වෙන මුකුත් හින්ද නෙවෙයි. ඒ සඳහා අවශ්‍යය නීතිමය පසුබිම හා නියාමන ආයතන ඒ සඳහාම තිබීම. නමුත් සිනමා අධ්‍යාපනය වෙනස්. ඒ ක්‍රමයට මේ අධ්‍යාපනය නියාමනය කරන්න බැහැ. ඒ සඳහා වෙනම නියාමන පද්ධතියක් අවශ්‍යයි. එය නැතිකමෙන් වුනේ රජයට නිසි වගකීමක් සිනමා අධ්‍යාපනය වෙනුවෙන් නැතිවීම.2009 දි මම යම් දෙයක් ආරම්භ කරන්න උත්සහ ගත්තා. ඒ දේ යම් තාක් දුරකට සාර්ථක වුණා.

ඒ අවස්ථාවේදී වසන්ත ඔබේසේකරයන් ඔබත් එක්ක සිටියා?

ඔව්. 2009 දි සිනමා අධ්‍යාපන කාර්යයක් වෙනුවෙන් මම මැදිහත් වුනා. ඒ එවකට රූපවාහිනි අභ්‍යාස ආයතනය සමඟ එක්වයි. එවකට එහි සභාපති හැටියට හිටියේ වසන්ත ඔබේසේකර මහත්මයා. මම ඒ වකවානුවේ ඉන්දියාවේ පූනේ නුවර සිනමාව හදාරලා එහෙ කලක් ගත කරලා පැමිණි කාලේ. ලංකාවේ ඇතුලේ කිසිම පෙර අත්දැකීමක් නැතුවයි මම එතුමන්ව හමුවෙන්න ගියේ. මම මගේ වැඩ පිළිවෙල ඔහුට කියලා දුන්නා. ඔහු එක පයින් කැමති වුණා අලුත් සිනමා අධ්‍යාපන වැඩේට. ඊට පස්සේ තමයි පදනම් ආයතනයට මේ වැඩේ ගියේ. ඩිජිටල් ෆිල්ම් ඇකඩමි නමින් ඇරඹුණේ ශ්‍රි ලංකා පදනමට ගියාට පස්සෙයි.

එහි ගත කළ කාලය ඔබ ඉතා පලදායිව පාවිච්චි කළා?

ඔව්. සාර්ථක ලෙස අවුරුදු 3 කදී කණ්ඩායම් තුනක් එළියට ආවා. පරම්පරා 3ක්. ඔවුන් බොහොම හොඳීන් ක්ෂේත්‍රයේ වැඩ කරනවා. ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ ඇතුලත්ව කෙටි චිත්‍රපට උළෙලක් සංවිධානය කරන්නත් හැකි වුනා.

හොඳයි. මොකක්ද මේ අලුත් අධ්‍යාපන රටාව?

මේක වසර දෙකක උසස් ජාතික ඩිප්ලෝමාවක්. ඒ අනුව ව්ඍQ 6 යටතේ ශ්‍රේණිගත වන වෘත්තීය සුදුසුකමක්. මූලික අධ්‍යයන භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. ඊට සමගාමිව අපි විෂය නිර්දේශය යම් සුත්‍රයකට අනුව සැකසුවා. ඒ සිද්ධාන්ත සඳහා 30% ක් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා 70%ක් ලෙස. මොකද අපි විශ්වාස කරනවා සිනමාව කියන්නේ ප්‍රායෝගික දෙයක්. ඒ සඳහා න්‍යාය පැහැදිලි කිරීම සඳහා අපි යොදාගන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඒ නිසාම අපි යොදාගන්නේ සෑම විෂයක් සඳහාම වැඩමුළු ක්‍රමයක්.

මේ ඩිප්ලෝමාව මොනවා සඳහාද විශේෂ වන්නේ?

මේ ඩිප්ලෝමාව තුල අධ්‍යක්ෂණය හා තිර රචනය , සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය හා කැමරාකරණය යන අංශ වලට බෙදෙනවා. මුල් මාස 6 තුලදී සියලු ශිෂ්‍යයන් එක් පොදු විෂය මාලාවක් තමයි හදාරන්නේ. ඉන් පසුව තමයි ඔවුන්ගේ කැමැත්ත අනුව කැමති ක්ෂේත්‍රයන් සඳහා බෙදෙන්නේ.

කොළඹ සිනමා හා රූපවාහිනි ඇකඩමිය ජාත්‍යන්තර මට්ටමේ එකක් ලෙස සලකනවා යනුවෙන් ඔබ අදහස් කළේ මොකක්ද?

අපි ඇත්තෙන්ම කරන්න යන්නේ මේ ආයතනය දකුණු ආසියාව සඳහා විවෘත කරන්න. ඉන්දියාව මධ්‍යයයේ තිබියදී ඉන් පරිවාර රටවල් ගැනයි අපි අදහස් කරන්නේ. එයට අපේ සාක් රටවල් මෙන්ම සී ෂෙල්ස් වගේ රටවල් වලින්ද අපේ අධ්‍යාපන වැඩේ ගැන විමසීම් කරනවා. ඒ නිසා අපිට ජාත්‍යන්තර ශිෂ්‍යයෝ බලාපොරොත්තු වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ විෂය නිර්දේශය අවසානයේදී මොවුන් සමඟ අපේ ශිෂ්‍යයින්ට සම නිෂ්පාදන කරන්නට ලැබීම. ඒක අපේ රටට ලොකු ජයග්‍රහණයක්. අනෙක් වැදගත් දේ තමයි අපේ ප්‍රධාන අධ්‍යයන උපදේශකවරයා තමයි ලෝකයේ ප්‍රකට සිනමාකරුවෙක් වන අපේ විමුක්ති ජයසුන්දර. ඔහුත් සමඟ ලෝ ප්‍රකට සිනමාකරුවන් වන කාලෝස් රෙගදාස්, අනුරාග් කශ්‍යප් වගේ ප්‍රවීණයන් අපේ අධ්‍යයන උපදේශන මණ්ඩලයට ස්වේච්ඡාවෙන් දායක වෙන්න ඉදිරිපත්වෙනවා. ඒ නිසා අපි දන්නවා ජාත්‍යන්තර මට්ටමක් අප සතුව ඇති බව. ඒ වගේ කාරණා ගොඩක් නිසා තමයි ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර සිනමා ඇකඩමිය හැටියට මේ ආයතනය පත් වන්නේ.

ඔබ මේ සිනමාව පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාව සඳහා අගය එකතු කරන්නේ කෙසේද?

මුලදීම ඔබට කිව්වා වගේ අපිට ව්ඍQ සුදුසුකම දෙන්න පුළුවන් වෙනවා සියලුම ශිෂ්‍යන්ට. ඒ වගේම අප සමඟ එකතු වෙනවා ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදන ආයතන කිහිපය. ඔවුන් තමයි අපට තාක්ෂණික සහාය ලබා දෙන්නේ. එමෙන්ම ඒ තාක්ෂණයන් යාවත්කාලීන වන විටම ඒවා අපේ ශිෂ්‍යන්ටත් හඳුන්වා දෙන්න හැකිවෙනවා. එමෙන්ම අපි යම් ජයග්‍රහණයක් ලබා ගත්තා ඕස්ට්‍රේලියාව සමඟින් එකතු වෙලා. මේ උසස් ජාතික ඩිප්ලෝමාව අවසානයේ කෙනෙක්ට අවශ්‍යනම් එය උපාධි මට්ටමට සම්පූර්ණ කරන්න ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය සුදානම් ඒ අවස්ථාව ලබා දෙන්න. ඔවුන් අපේ උසස් ඩිප්ලෝමාව පිළිගත්තා ඔවුන්ගේ උපාධිය සම්පූර්ණ කර ගැනීමේ අවස්ථාවක් ලෙස.

ඒ හැරෙන්නට ඔබේ ඇකඩමිය පුළුල් වන්න බලාපොරොත්තුවෙන්නේ කෙසේද?

ඉදිරියට අපි සුදානම් පසු නිෂ්පාදන කටයුතු සඳහා පුළුල් පහසුකම් වෝඩ් පෙදෙසේ ආයතනය තුළම ඇති කරන්න. ඒ වගේම එදා පදනමේ ඉඳන් ඛ්ර්‍ණධ්ව්ඉ අන්තර්ජාතික සිනමා උළෙල කලා වගේ අපේ ඇකඩමිය මගින් සිනමා උලෙළක් කරන්න. ඒ වගේම තවත් කෙටි කාලීන පාඨමාලා කිහිපයක් හඳුන්වා දෙන්නත් තවත් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල අප සමඟ එකතු කරගන්නත් බලාපොරොත්තු වෙනවා. ඹඹඹ.ජටබච.ඥඤභ.තඬ වෙබ් අඩවිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන්න හැමෝටම පුළුවන්.