වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




 සොහොයුරාටත් පෙම්වතාටත් මැදි වූ සයුරි

 සොහොයුරාටත් පෙම්වතාටත් මැදි වූ සයුරි

අයියයි නංගියි

සැලී යනු සාධාරණත්වය අගය කළ කාන්තාවකි. පොදු ගැටලුවලදී ඇය මූලිකත්වය ගත්තේ කිසිවකුටවත් නොදෙවෙනි වූ පරිද්දෙනි. සැලීගේ වෘත්තීය පාර අතු ගෑමය. කවුරුන් කෙසේ මොනවා කිව්වත් ඇය තම ජීවන වෘත්තියට සාධාරණයක් ඉටු කරන්නේ හදපිරි භක්තියෙනි.

දිනක ඇයට මහමග දමා ගිය පාර්සලයක් හමු වෙයි. බියත් සැකයත් උපදවමින් සැලී එය පිරික්සා බලයි. අහෝ පුදුමයකි. එහි කුඩා සිඟිත්තියකි. අමානුෂික අන්දමින් ඇගේ මව ඇය එතැන තබා ගොස් තිබේ. දරු සෙනෙහස වැදු මවට වඩා උතුරා ගිය සැලී සිඟිත්තියව අතට ගනියි.

ඇයට සයුරි ලෙසට නම තබයි. එතැන් පටන් සයුරි හැදී වැඩෙන්නේ සැලීගේ සෙවණෙහිය. කාලය ගත වී යයි. සයුරි දැන් රූමත් තරුණියකි. සැලීගේ පුතු නිශාන්ත රැකියාවක් සොයා විදෙස් ගත වෙයි.

මේ අතර සැලී ඇතුළු ජනයා ජීවත්වන පැල්පත් කඩා දැමීමට එම ප්‍රදේශය භාර ඇමැතිවරයකු තීරණය කරයි. ඒ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදි කිරීමටය.

මේ හේතුවෙන් ඇමැති ගෝලයින් සහ පැල්පත්වාසීන් අතර නිතර නිතර ගැටුම් ඇති වෙයි. අමාත්‍යවරයාගේ පුතු සංඛය. ඇමැතිගේ රැස්වලින් නොපිම්බුණ ඔහු සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කරයි.

අහම්බෙන් සයුරිව සංඛගේ නෙතු ගැටෙයි. දෙදෙනා කෙටි කලකින් පෙම්වතුන් බවට පත් වෙයි. තමන් කඩා ඉවත් කිරීමට සූදානම් වුණ පැල්පතක තරුණියක හා තම පුතු පෙමින් වෙලුණ බව දැන ගත් ඇමැති කෝපයෙන් වියරු වැටෙයි.

අයියයි නංගියි ඒ කතා පුවත ඔස්සේ ගලා යයි. මෙම සිනමාපටය නිශාන්ත ජයකොඩි විසින් නිර්මාණය කොට තිබේ.

අයියයි නංගියි නළු නිළියන්:

වීණා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, නිශාන්ත ජයකොඩි, සමන්ති ලැනරෝල්, අනූෂා දමයන්ති, පෝෂිණි දිසානායක, බුද්ධික කලිඳු, නන්දන හෙට්ටිආරච්චි, තුසිත වීරසිංහ, ජීවන් හඳුන්නෙත්ති, මිලින්ද පෙරේරා, රිචඩ් අබේවර්ධන, මංජුලා මල්කාන්ති, චතුර පෙරේරා, වසන්ත ජයකොඩි, ලකී ආතාවුද, රසාංජලී පෙරේරා, දිල්රුක් සමීර, විශ්ව දිසානායක, රංජිත් ප්‍රසන්න, ජේ. ඒ. කුසුම්සිරි, ජූඩ් ෆ්‍රැන්සිස් ෆර්ැනැන්ඩෝ, අංජලී ප්‍රනාන්දු, අජිත් කුමාර, නයනි ප්‍රේමරත්න, කුසුමා ප්‍රනාන්දු, හේමන්ත ෆොන්සේකා, චම්පා රූපිකා, වාසනා හංසනි, ගාමිණී දොඩම්පේ, දිනේෂ්, තුසිත චාමින්ද, කරුණාරත්න යුවළ, ළමා චරිත: නාදියා ජයකොඩි, නිෂිනි ජයකොඩි, සනුජි ජයකොඩි

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද, සරත්චන්ද්‍ර, බෲනෝ දිවාකර

සහාය අධ්‍යක්ෂණය - ලකී ආතවුද

කලා අධ්‍යක්ෂණය - මංජුල කොස්වත්ත

නිෂ්පාදන කළමනාකරුවෝ - චතුරංග ලක්ෂ්මන්, සුනන්ද ප්‍රනාන්දු

ගීත රචනය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුසන්ත දන්දෙනිය

ගායනය - කලාසූරි ලතා වල්පොල, වෝල්ටර් ප්‍රනාන්දු, ක්‍රිස්ටෝපර් පෝල්, වර්නන් පෙරේරා, නිශාන්ත ජයකොඩි

සංස්කරණය - අනුර බණ්ඩාර

අංග රචනය - ලහිරු පෙරේරා

ඉතාලියේ රූපගත කිරීම් සැලසුම්කරණය - උපාලි පියරත්න

සංගීත අධ්‍යක්ෂණය - මහින්ද බණ්ඩාර

තිර රචනය - දර්ශන නදී, නිශාන්ත ජයකොඩි

සම අධ්‍යක්ෂණය - ශානක ඔබෙත්, දර්ශන නදී

සහාය නිෂ්පාදනය - මේරි පිලොමිනා, පැට්‍රික් ඩේවිඩ් ජයකොඩි

කතාව, සිනමා නිර්මාණය සහ නිෂ්පාදනය - නිශාන්ත ජයකොඩි