වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




නිශ්ශංක රෑ මල්ල

දෙයි දෝ නොදෙයි දෝ

පෞද්ගලික අංශය යටතේ චිත්‍රපට බෙදා හැරිම මෙතෙක් පැවතුණි. පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදා හැරීමේ කටයුත්ත යළි සංස්ථාවට පවරා ගත්තේය. මේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න හා එම්. පී. අයි. මණ්ඩලයේ අධ්‍යක්ෂ ධුරයන් දරන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු. ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය මොහොතේ මේ කතාබහ කරන්නේ බෙදා හැරීම පෞද්ගලිකකරණය පිළිබඳවයි.


මව් රැජණ හා නිළි රැජණ

පසුගිය දින පැවති දෙරණ සිනමා සම්මාන උලෙළේදී නිළි රැජින මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට ජීවිතයට එක් වතාවක් ලැබෙන යාවජීව සම්මානය පිරිනැමිණි. මේ සඳහා නව යෞවන වයසේ පසුවන නළු නිළියන් හා ඇගෙන් ගුරුහරුකම් ලැබූ ඇයට පසු පෙළ නළුවන් හා නිළියන් ද එම වේදිකාව ආලෝකමත් කළහ. අපේ නව පරපුුරෙන් ගිලිහී යන සදාචාරාත්මක දේවල් රැජිනක් අතින් ඉටු කළ මේ සොඳුරු සේයාව මගේ කාචය සටහන් කරගන්නට අමතක නොකළහ.


හදවතට හදවතක් කතා කරයි

මහේන්ද්‍ර පෙරේරාත්, ලියෝනි කොතාලාවලත් කලකට පසු එකට රිදී තිරයේ දකින්නට ලැබෙයි. ඒ දැවෙන විහඟුන් සිනමාපටයෙනි. මේ දෙදෙනා එහි මංගල දර්ශනය පැවැති දින සතුට බෙදා ගත්තේ මෙසේය. පැමිණි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින්ය. සැබෑ ජීවිතයේදී ඔවුන් සියලු දෙනා සංවේදී හා නිහතාමානීය.


දෙවන යුද්ධයට මැදි වන දමිතා

දක්ෂ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකුගේ අලුත් වැඩක් වැල්ලවත්ත සෆායර් හෝටලයේදී පසුගිය දින පැවතිණි. ඒ දෙවැනි යුද්ධයයි. මේ දෙවැනි යුද්ධයට මැදිවන සරසවිය සම්මානලාභිනිය වන දමිතා අබේරත්න වී. සිවදාසන් කලකින් හමු වූ නිසා දුක සතුට බෙදා ගත් අයුරුයි. සිවදාසන් දමිතාව වැලඳ ගැනීමෙන් පසු දෙවැනි යුද්ධය ගැන ඇයට ඇති චරිතය වටහා දෙන අයුරුයි මේ.


ඕනෑම චරිතයක් මට ඔට්ටුයි

මනෝරත්න හා ආචාර්ය සෝමරත්නයන් මුල්කාලයේ හමුවූයේ මී පුර වැසියෝ එක්ක. එදාමෙදා තුර ඔවුන් එක්ව තැනූ නිර්මාණ රාශියක් තිබෙනවා. සෝමරත්න හා මනෝරත්න රේණුකා බාලසූරියට මේ කියන්නේ ඒ කාලේ නටපු රඟපෑම් ගැනද. මේ හමුව සිදුවන්නේ කොළඹ රීගල් සිනමාහලේදී.


මාපිය ආදී සොඳුුරුතමාගේ

මෙලොව ජීවිතයේ පාඩම කියාදෙන දෙමාපියන් අපට කොපමණ වටීද? ඒත් ජීවිතය තුළ විවිධ බැඳීම් ඇති පුද්ගලයන් සෑම තත්ත්පරයක් පාසාම අපට හමුවේ. මේත් එවැනිම හමුවීමක්ය. මව්වරුන්ගේ දිනයක් වෙන් වෙනවා මෙන්ම පියවරුන්ගේ දිනයක් ද ඇත. මේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා තුෂාරි අබේසිංහ සහ නිල්මිණි කෝට්ටෙගොඩ තම පියවරුන් සිහිකර මතක ආවර්ජනය කළ පියවරුන්ගේ දිනය ඔවුන් දෙදෙනාට කවදාවත් අමතක කළ නොහැකි දිනයක් ලෙසින් මගේ නෙත රැඳුණේය.