වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




තරඟෙට ගෙරවීම

තරඟෙට ගෙරවීම

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන සද්ධා චිත්‍රපටයේ රූපගත කිරීම් තිබුණේ කොළඹින් ටිකක් බැහැරව. මේ හේතුවෙන් එහි රඟපෑ නළු නිළියන් දර්ශන තලයට යාබද තැනක නවාතැන් ගෙන හිටියා. පැරැණිතම රංගන ශිල්පියකු වන බුද්ධි වික්‍රමත් මෙහි රඟපානවා. ඔහු සහ රංගන ශිල්පී කුමාර වදුරැස්ස හිටියේ එකම කාමරයේ. එක රැයක් ගෙවුණට පස්සේ කුමාර අවදි වෙද්දී බුද්ධි ඇඳ කෙළවරක වාඩි වෙලා කල්පනා කර කර ඉන්නවලු.

ඇයි බුද්ධි අයියේ. මොකක්ද ප්‍රශ්නෙ.

කුමාර අහලා.

ප්‍රශ්නෙ? ප්‍රශ්නෙ තමයි මට නිදාගන්න බැරි වෙච්ච එක.

බුද්ධි එහෙම කියද්දී කුමාර හේතුව විමසලා.

ඔයා ඊයෙ ගෙරවුවනෙ මාර ගෙරවිල්ලක්. හරියට මට දැනුණේ මං කර්මාන්ත ශාලාවක් ළඟ ඉන්නවා වගේ.

බුද්ධි මුහුණට හිනාවක් එහෙම නංවාගෙ කුමාර දෙසට හැරුණලු.

මටත් බුද්ධි අයියට කියන්න දෙයක් තියෙනවා.

කුමාරගේ කතාවට බුද්ධි ඒ මොකක්ද කියන්නා වගේ කුමාරගේ මූණ බැලුවලු.

මටත් ඔයාට දැනුණ දේ තමයි දැනුණේ. නොදන්නවා වුණාට ඔයත් සෑහෙන්න ගෙරෙව්වා.

බලාගෙන ගියාම දෙන්නම හොඳට ගොරවලා. එයා හිතන්නේ මෙයා ගෙරෙව්වා කියලා. මෙයා හිතන්නේ එයා ගෙරෙව්වා කියලා.