වර්ෂ 2018 ක්වූ  ජූනි 21 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් රචකයෙක් පැතුම්

අලුත් රචකයෙක් පැතුම්

වැඩි දෙනෙකු යොමුනොවන පිටපත් රචනා කලාව ඔස්සේ තම ඉදිරිය දැකීමට සූදානම්වන තරුණයකු ලෙසට පැතුම් රණසිංහව හඳුන්වාදිය හැකිය. මේ වන විට ඔහු සිරස ගුවන්විදුලියේ වෘත්තීමය පිටපත් රචකයකු ලෙස සේවය කරයි. ඉරිදා උදෑසන නවයට එම නාලිකාව ඔස්සේ ප්‍රචාරයවන විරිඳු සිරිත ලියැවෙන්නේ පැතුම් අතිනි. එමෙන්ම සමනල සිරස ඇතුළු වැඩසටහන් කිහිපයකටම ඔහු පිටපත් රචනයෙන් දායක වී සිටියි.

ඉරෝෂන් මෙන්ඩිස් හරහා සිරස ගුවන්විදුලියට සම්බන්ධ වූ පැතුම් පිටපත් රචනයට අමතරව ගීත රචනයේද නියැළේ. කිංස්ලි පීරිස්, ගයන පසුතැවේ ගීතය පැතුම්ගේ රචනයකි. ජෝ ෆොන්සේකා, ඉසුරුවිතානගේ ආදි නව පුරපුරේ ගායකයන්ට පැතුම් ගීත රචනයේ දායකවූයේය. ඔහු ද හෝප් නමින් ඔහු කෙටි චිත්‍රපටයක් රචනාකොට තිබේ. මේ දිනවල සිනමාපටයක තිරරචනය සකස්කරමින් සිටියි. ඌරගහ යටගල මහ විදුහලෙන් සහ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලෙන් සිප්සතර හැදෑරූ පැතුම් ඌරගහ නමැති ග්‍රාමයේ පදිංචිව සිටියි. ඉරෝෂන් මෙන්ඩිස්, විරිඳු සනත්, මොහොමඩ් රිස්මි, දුලිප් මිරැන්ඩෝ සහ ගෙදර පිරිවර පැතුම් ආදරයෙන් මතක් කොට සිටියි. 0773766575 මේ පැතුම්ගේ දුරකතන අංකයයි.


තිරයෙන් පිටුපස සිටින භාග්‍යා

සාමාන්‍යයෙන් සහාය අධ්‍යක්ෂණය නැමැති වෘත්තියේ නියැලෙන්නෙ පිරිමි පාර්ශ්වයේ උදවිය. ඒ සදහා ගැහැනු ළමයෙක් යොමුවන්නේම නැති තරම්. එහෙත් ඉතාම කලාතුරකින් සහාය අධ්‍යක්ෂක වෘත්තියට එක්කාසුවුණු තරුණු නිර්මාණ ශිල්පිනියක් පිළිබඳ ඔබට හඳුන්වා දෙනවා. ඇගේ නම භාග්‍යා ලියනගේ. මේ ඇයගේ කතාවයි.

අපේ ක්ෂේත්‍රයේ සිටින පරිණත නිෂ්පාදන කළමනාකරුවකු වන සරත් විජේසේකර මගෙ මාමාකෙනෙක් වනවා. ඔහුට තියනවා ටෙලිසිනමා ගම්මානයක් මොරොන්තුඩුවෙ. මම එහෙ නැවතිලා හිටියා ටික කාලයක්. ටෙලිනාට්‍ය රූපගතකිරීම් කරද්දි මම බලන්න යනවා. එහිදී මට හරිම ආසාවක් ඇතිවුණා විශේෂයෙන්ම අධ්‍යක්ෂණය පැත්තට. මාමාගේ සබඳකම් හරහා මට දෙවැනි සහාය අධ්‍යක්ෂවරියක් ලෙසට වැඩකරන්නට ලැබුණා. ඒ නිශාන්ත ප්‍රදීප්ගේ සංසාරා නාට්‍යයේ.

මං එහිදී කැමරාව පිටුපස සිදුවන බොහෝ දේ ඉගෙන ගත්තා. ඉන් අනතුරුව ඒක දිග කතාවක්, මිණිගංදෑල, දඬුකඳයි රන්කඳයි, උරුමයක අරගලය, කැලෑ හඳ, වර්ණ ආදී ටෙලි නිර්මාණවල වැඩකටයුතු කළා. ඇත්තටම මං මේ වෘත්තියට හරිම ආසයි. ඒත් ගෙදරින්නම් මුලදි අකැමැති වුණා මං මේ ක්ෂේත්‍රයට එනවට. එක අතකින් අභියෝගාත්මක වෘත්තියක් මම මේ කරන්නෙ. මෙහෙම කැපවීමෙන් වැඩකරලා කවදාහරි අධ්‍යක්ෂවරියක වනවා. ඒක තමයි මාගේ හීනය. මගෙ ගම කුරුණෑගල නාරම්මල. නාරම්මල කනිෂ්ඨ විද්‍යාලයෙන්, විජයබා මහ විදුහල සහ කරුණෑගල හෝලි ෆැමිලි යන පාසල්වලින් තමයි මං අධ්‍යාපනය හැදෑරුවේ. මේතාක් පැමිණි ගමන්මගට උදවුකළ සරත් විජේසේකර, හිල්ඩා විජේසේකර, පමිත විජේසේකර, නාරද රත්නායක, මගෙ අම්මා තාත්තා ඇතුළු මං වැඩ කළ සියලුම අධ්‍යක්ෂවරුන්ට තුති පුදනවා.


2018 රජත පුස්තක සම්මාන

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018 'රජත පුස්තක සම්මාන' වසරේ කෙටිකථා, කවි සහ යොවුන් සාහිත්‍ය කෘති සඳහා සම්මාන ප්‍රදානය පසුගිය 16 දින සිදු කරන ලදී. එහිදී නිර්දේශිත නාමයන් හා සම්මාන දිනූ කෘතීන් මෙපරිද්දෙනි.

කවි - ගිරිමුදුන මගේ නිවහන - ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම (සම්මාන)

තවමත් මල් - ආචාර්ය ආරියවංශ රණවීර

වස්සානෙන් පසුව - රත්න ශ්‍රී විජේසිංහ

යොවුන් සාහිත්‍ය

බහිරව ගලේ නිදානය - චතුරි දමයන්ති

කොළ කල්ලිය - බුවනෙක වන්නිආරච්චි

රත්තරං පුතෙක් - සුමනසිරි පන්නිලහෙට්ටි

හිඹුටුදෙණිය කඳු පාමුලින් - පියසිරි මාතරගේ (සම්මාන)

කෙටි කතා -

අළු පැහැති ආරංචි - ආචාර්ය ලියනගේ අමරකීර්ති

ගිහින් එන්න කානිවල් - සුමුදු නිරාගි සෙනවිරත්න (සම්මාන)

මල්බෙරි සමය - සුනන්දා ප්‍රේමසිරි

සුනෙත් කාන්තගේ ශෝකාන්තය - සුදර්ශන සමරවීර

මෙවර රජත පුස්තක සම්මාන සඳහා කෙටි කතා සංග්‍රහ 74 ක් ද කාව්‍ය සංග්‍රහ 85 ක් ද යොවුන් සාහිත්‍ය කෘති 37 ක් ඉදිරිපත් කෙරිණි.


ටෙනිසන් - සිසිල් නැවතත් වේදිකාව පෙරළි කරයි

විසි වසරකට පෙර ශ්‍රී ලංකාව පුරා අතිශයින් ජනප්‍රිය වූ රැළිය නාට්‍ය රැළිය අඥථඪය ලෙසින් නැවතත් ශ්‍රි ලංකාව හා විදේශයන් හිදී වේදිකා ගත කිරීමට සියලු කටයුතු යොදා ඇත. ටෙනිසන් කුරේ මෙහි ප්‍රබල රංගනයක යෙදේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ජිවත් වන ආචාර්ය සිසිල් ගුණසේකර ශ්‍රී ලංකාවට ඇවිත් නැවතත් මෙහි නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කරයි.

මෙම 23 දින අඟුනකොළ පැලැස්සේදීත්, 30 දින මරදාන ටවර් රඟහලේදීත් වේදිකා ගතවේ. ජුලි 07 මීරිගම යොවුන් රඟහලේදී වේදිකා ගත වන මෙහි ලාල් සරත් කුමාර, රෝහිත බී. පෙරේරා, කීර්ති කේ. රත්නායක, මහින්ද කරුණාරත්න, කුමුදුනී අධිකාරි, තුෂාර ගුණරත්න ඇතුළු පිරිස රඟපානු ඇත. නිෂ්පාදන කළමනාකරණය තරංග දුල්ශාන්තගෙනි.

24 වැනි මොරටුව කලා එකමුතුව 24 දා

මොරටුව කලා එකමුතුව 24 වෙනි වාර්ෂික මහා සභා රැස්වීම එහි සභාපති එරින්ටන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මස 24 දින සවස 5.00 ට මොරටුව 'සෙබෙස්තියන් නයිට්' උත්සව ශාලාවේදී පැවැත්වේ.


සවනට ගී මධු සුන්දරී ඉෂාරා සෙව්වන්දි

ශ්‍රී ලංකාවේ දීර්ඝතම සිනමා වචිත්‍රාංගය ලෙස සුවහසක් ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය දිනූ ඊව්ඹ් - සියත ඊඍ සවනට ගී මධු නිෂ්පාදක මඩුල්ල මෙහෙය වූ 'සවනට ගී මධු සුන්දරී' තේරීමේ තරගය පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පිළියන්දල ඉෂාරා සෙව්වන්දි 'සවනට ගී මධු සුන්දරී' කිරුළ හිමිකර ගත්තාය.

සවනට ගී මධු නිෂ්පාදන අධ්‍යක්ෂ එස්. ඒ. බෙනට්, සවනට ගී මධු නිර්මාණ අධ්‍යක්ෂ, විචිත්‍ර නිවේදක, රංගන ශිල්පී ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ සමඟ ඉෂාරා සෙව්වන්දි ඡායාරූපයකට පෙනී සිටි අයුරු.