වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




2018 උසස් පෙළ සඳහා සැරසෙමු

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

විශ්ව විද්‍යාල යුගයේ නාට්‍ය කලාව

1921 විශ්ව විද්‍යාල කොලීජිය ආරම්භ වන අතර නාට්‍ය කලාවේ ප්‍රභවය කෙරෙහි බලපෑ The University Dramatic Society ආරම්භ වේ. මෙය මුලින් හැඳින් වූයේ The University College Dramatic Society  යනුවෙනි. මෙහි මූලාරම්භකයා මහාචාර්ය ඒ. එෆ්. සී. ලුඩෝවයික්ය. ඔහු විසින් නිෂ්පාදිත ඉංග්‍රීසි නාට්‍ය පහත සඳහන් වේ.

* ක්වින්බරෝ සහෝදරයෝ - Where Women rules

* ශෙරිඩන් (කොමඩි) - The Rivals

* මොලියර් - Imaginary Invalied

* කාර්ලෝ ගොල්ඩොන් - The Servant of two Marsters

* බර්නාඩ් ෂෝ - Arms and the ManAndrocles and the Lion

* විලියම් ශේක්ෂ්පියර් -The Marry Wifes of the Windzer

* ඉයුජින් ඕනිල් - Marco Millions

* හෙන්රික් ඉබ්සන් - The Pillars of Society

* ලුයිජි ෆිරැන්ඩලෝ - Right You Are

* බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් - Good Women Setzuwan

* ෂෝන් අනියු - Antygona
 

ලුඩෝවයික් නිෂ්පාදනය කළ ඉහත නාට්‍යවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ පහත සඳහන් වේ.

* නාට්‍ය සියල්ලම විශ්ව සම්භාවනාවට ලත් කෘතීන් වීම

* විවිධ ශෛලීන්ගේ නාට්‍ය නිර්මාණ වීම

* රංගනය උසස් මට්ටමක තිබීම

* අනුශාංගික අංග ප්‍රබල ලෙස යොදා ගැනීම

* ප්‍රබල අධ්‍යක්ෂණ කාර්යයක් සිදු කිරිම (එය බලා සිටීමෙන් තමන් ද අධ්‍යක්ෂණය ඉගෙන ගත් බව පිං ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියේ එදිරිවීර සරච්චන්ද්‍ර පවසයි)

* චාල්ස් අබේසේකරගේ 'යමයාගේ තීන්දුව'

* රවින්ද්‍රනාත් තාගේර්ගේ 'බිලි පූජා' නැමති නාට්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කිරීම

* ඇන්ටන් චෙකෝෆ්ගේ නාට්‍ය තුනක් අනුවර්තනය කර නිෂ්පාදනය කළේය.

The Proposal- මඟුල් ප්‍රස්ථාව

The Anav ergary - මැනේජර්

The Bare - වළහ

මෙම නාට්‍ය සඳහා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර විශේෂ දායකත්වයක් ලබා දී ඇත.

මෙම විශ්ව විද්‍යාලීය සිංහල සමිතිය නිෂ්පාදනය කළ නාට්‍යවල සුවිශේෂී ලක්ෂණ පහත සඳහන් වේ.

* නිෂ්පාදනය කළ ස්වතන්ත්‍ර, පරිවර්තන, අනුවර්තන නාට්‍ය සියල්ලම හාස්‍යජනක වීම

* මෙම නාට්‍යවල රචකයා හෝ අනුවර්තකයා ගැන මිස අධ්‍යක්ෂණය ගැන සඳහන් නොවීම (අධ්‍යක්ෂක කාර්යයක් සිදු නොවිම)

* රංගනයට මිස අනුශාංගික අංගවලට

මේ අනුව පැහැදිලි වන්නේ විශ්ව විද්‍යාලීය ඉංග්‍රීසි නාට්‍යවලට සාපේක්ෂව සිංහල නාට්‍ය ඉතා දුර්වල ස්ථානයක පැවති බවයි.

ලුඩෝවයික්ගේ ඉංග්‍රීසි නාට්‍ය නිෂ්පාදනයෙන් ප්‍රබෝධයට පත් වූ විශ්ව විද්‍යාල සිංහල සමිතිය ද නාට්‍ය නිෂ්පාදනය කළේය. එම සමිතිය 'ලංකා විශ්ව විද්‍යාලීය සිංහල ශාස්ත්‍රීය සමිතිය' නමින් හැඳින් වේ. එම සමිතියේ සංවත්සරික උත්සවයන්ට ජනතාව ගෙන්වා ගැනීමේ අරමුණින් ඔවුන් ද ලුඩොවයික් අනුව යමින් සිංහල නාට්‍ය නිෂ්පාදනය කළහ.

සාංවත්සරික උත්සවවලදී නිෂ්පාදනය කළ සිංහල නාට්‍ය පහත සඳහන් වේ.

* නීතිඥ චාල්ස් ඩයස්ගේ - මායාවතී

* අල්විස් විජේසේකරගේ - කමලා නොහොත් රාලහාමිගේ බලාපොරොත්තුව

* අමරසීල ද සිල්වාගේ - මාලතී

* එල්. පියසේනගේ - නගරයෙන් කෙතට

* ඒ. එම්. ද සිල්වාගේ - තුරුම්පු කොළය

* 1936 - 1951 දක්වා කාලයේ විශ්ව විද්‍යාලයේ බිහි වූ තවත් සිංහල නාට්‍ය කිහිපයක් පහත සඳහන් වේ.

* මොලියර්ගේ - Li Medine Melgre Lui නැමති නාට්‍ය ආචාර්ය මලලසේකර ඇතුළු පිරිස ඉබේ වෙදා නමින් සිංහලයට අනුවර්තනය කර නිෂ්පාදනය කළේය.

* බී. ඇස්. ප්‍රනාන්දුගේ - ඔක්ස්ෆර්ඩ් ශිෂ්‍යයා මලලසේකර සහ ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරන යන්තම් ගැලවුණා මෙය පළමු මුද්‍රිත නාට්‍ය ලෙස සැලකේ.

* මලලසේකර සහ ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරනලද බඩපිස්සා, වැරදුන දීගය

* මොලියර්ගේ ලී බුර්ඩෙ -  Le Boruise Gentilhomme  ලි බුර්ෂුවා ජෙන්ටිල්හොමි) සහ නාට්‍ය එදිරිවීර සච්චන්ද්‍ර සහ ඒ. පී. ගුණරත්න