වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයෙන් නළුවකු වූ නාලන්ද කුලරත්න

ගිනි අවි සහ ගිනිකෙළි නාට්‍යයෙන් නළුවකු වූ නාලන්ද කුලරත්න

ඔහු නාලන්ද කුලරත්න. නවක රංගන ශිල්පියකු ලෙසින් ක්ෂේත්‍රයේ කටයුතු කරන හෙතෙම නිර්මාණ කිහිපයකම සැලකිය යුතු චරිතයන් නිරූපණය කළා.

මගේ ගම කුරුණෑගල මැලන්දවත්ත. ඉගෙන ගත්තේ කුරුණෑගල ශාන්ත ආනා විදුහලෙන්. කොළඹ ආවේ රැකියාවක් කරන්න. ඒත් මගේ හිත තිබුණේ රංගනය ළඟ. ඔහොම අවස්ථාවක් හොය හොයා ඉන්නකොට තමයි මට සාරංග මෙන්ඩිස් හමු වන්නේ. ඔහු මට ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ රංගනයට අවස්ථාව දෙනවා. මට ඒක අමතක වෙන්නේ නැහැ. මොකද මං එහි චරිත හතරක් රඟපෑවා විවිධ අවස්ථාවලදී. අනතුරුව සාරංගගේම සුසුමට පවා රහසින් සහ දේදුන්නයි ආදරේ නාට්‍යවලට දායක වුණා. ඉන් මම තරමක් දුරට ක්ෂේත්‍රය පුරා ජනප්‍රිය වුණා. වස්සානේ ප්‍රේමය, මොනර කඩදාසි, යකඩ කහවණු, මීදුමෙන් එහා, බී 2, කළු අරලිය, මායා පටල, අඟුරු සිත්තම්, ෆේස්බුක්, තෙවැනි ඇස, සෙවනැලි, සික්කා කණ්ඩායම ආදී නාට්‍ය ගණනාවකට මගේ දායකත්වය ලබා දුන්නා. මේ අතර මේ දිනවල අයිරාංගනී කලුතන්ත්‍රි මහත්මියගේ දුටුගැමුණු සහ කුස ආදර කතාව යන වේදිකා නාට්‍ය දෙකෙහි රංගන දායකත්වය සපයමින් රට වටා යනවා. මගේ ප්‍රථම සිනමා රංගන වුණේ ගින්දරී, මධුර චාරිකා, වස්සානේ සඳ, දේදුනු ආකාසේ, තානාපතිලගෙ ගෙදර මං රඟපෑ සෙසු චිත්‍රපටිය.

මේ තාක් කල් පැමිණි ගමනට උදවු උපකාර කළ අය වන සාරංග මෙන්ඩිස්, දේශප්‍රිය බණ්ඩාරතිලක, උදයකාන්ත වර්ණසූරිය,ඩොනල්ඩ් ජයන්ත, ප්‍රියන්ත කොළඹගේ, අයිරාංගනී කළුතන්ත්‍රි, සුගත් සමරකීන්, ප්‍රියන්ත පතිරගේ, රුවන් හේවගේ යන සියලු දෙනාට මා තුති පුදනවා.

මේ නාලන්දගේ දුරකතන අංකයයි - 0779306146, 0718445894.