වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




Road to Prestige

Road to Prestige

සයවැනි සරසවිය සම්මාන උලෙළ

1969 මාර්තු 26

තොළඹ කාන්තා විදුහල් භූමිය

- ප්‍රධාන ආරාධිත -

අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව

හොඳම චිත්‍රපටය - ගොලු හදවත - ලංකා චිත්‍රාගාරය

හොඳම අධ්‍යක්ෂණය - ජී. ඩී. එල්. පෙරේරා - දහසක් සිතුවිලි

හොඳම තිර රචක - එස්. ඒ. සෝමරත්න - වනසරා

හොඳම නළුවා - ඩී. ආර්. නානායක්කාර - බයිසිකල් හොරා

හොඳම නිළිය - අනුලා කරුණාතිලක - ගොළු හදවත

හොඳම සහය නළුවා - අශෝක පොන්නම්පෙරුම - ඉඳුනිල

හොඳම සහාය නිළිය - ජෙසිකා වික්‍රමසිංහ - බයිසිකල් හොරා

හොඳම සංස්කාරක - එස්. එම්. නිසාර් - දහසක් සිතුවිලි

හොඳම ශබ්ද පරිපාලක - නිමල් වීරක්කොඩි, සී. සෝමසේකරන් - ඉඳුනිල

හොඳම සංගීත අධ්‍යක්ෂ - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - ගොළු හදවත

හොඳම කැමරා අධ්‍යක්ෂ - නොයෙල් පෙරේරා - වනසරා

හොඳම ගීත රචක - කරුණාරත්න අබේසේකර - සිඟිති සුරතල් චිත්‍රපටයේ

නිදහස් කාහල නාදය ගීතය

හොඳම ගායකයා - ආචාර්ය වික්ටර් රත්නායක - ආදරවන්තයෝ චිත්‍රපටයේ

ඈත හිමාලේ සීතල සෙවණේ ගීතය

හොඳම ගායිකාව - ආචාර්ය නන්දා මාලිනී - ආදරවන්තයෝ චිත්‍රපටයේ

පුංචි පිංචි පුංචි පැංචි ගීතය

විශේෂ කුසලතා තිළිණ

රුක්මණී දේවි - අබුද්දස්ස කාලේ

ඩොමී ජයවර්ධන - පුංචි බබා

විජේරත්න වරකාගොඩ - ගොළු හදවත

චන්ද්‍රකලා - වහල් දූපත

දහසක් සිතුවිලි නිෂ්පාදනය කළ කලා පෙළ

විනිශ්චය මණ්ඩලය

ටී. එස්. ප්‍රනාන්දු, මහාචාර්ය එම්. බී. ආරියපාල, හේමසිරි ප්‍රේමවර්ධන, බී. පී. එම්. සේනානායක, තේවිස් ගුරුගේ, ආතර් වැන්ලැන්බර්ග්, පීටර් අබේසේකර

පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන

ජනප්‍රියම නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - අනුලා කරුණාතිලක

ඩ් විනිශ්චය මණ්ඩලය තේරූ

වසරේ හොඳම චිත්‍රපට

දහසක් සිතුවිලි

බයිසිකල් හොරා

ගොළු හදවත

ඉඳුනිල

වනසරා


සත්වැනි සරසවිය සම්මාන උලෙළ

1970 මාර්තු 07

කොළඹ නව රඟහල් භූමිය

- ප්‍රධාන ආරාධිත -

අධ්‍යාපන අමාත්‍ය

අයි. එම්. ආර් ඒ. ඊරියගොල්ල

හොඳම චිත්‍රපටය - බිනරමලී - මුදලිනායක සෝමරත්න

හොඳම තිර රචක - තිස්ස අබේසේකර - බිනරමලී

හොඳම නළුවා - හර්බට් එම්. සෙනෙවිරත්න - සෙනෙහස

හොඳම නිළිය - ස්වර්ණා කහවිට - බිනරමලී

හොඳම සංගීත අධ්‍යක්ෂ -

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස - නාරිලතා

හොඳම ගීත රචක - මහගම සේකර - බිනරමලී චිත්‍රපටයේ

රටකින් රටකට පාර අසාගෙන ගීතය

හොඳම ගායකයා - පණ්ඩිත් අමරදේව - බිනරමලී

චිත්‍රපටයේ රටකින් රටකට ගීතය

හොඳම ගායිකාව - ලතා වල්පොල - නාරිලතා චිත්‍රපටයේ

අවරගිරෙන් නැග ගීතය

හොඳම සහාය නළුවා - පියදාස ගුණසේකර - බිනරමලී

හොඳම සහාය නිළිය - ශාන්ති ලේඛා - බිනරමලී

හොඳම කැමරා අධ්‍යක්ෂ - ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා - නාරිලතා

හොඳම සංස්කාරක - ටී. ඒ. කමූර් - නාරිලතා

හොඳම ශබ්ද පරිපාලනය - මර්වින් රොද්‍රිගෝ - නාරිලතා

ඩ් විශේෂ කුසලාත තිළිණ

ජීවරාණි කුරුකුලසූරිය - සෙනෙහස

පාඨක ඡන්දයෙන් තේරූ

ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - අනුලා කරුණාතිලක

විනිශ්චය මණ්ඩලය තේරූ

වසරේ හොඳම චිත්‍රපට

බිනරමලී

නරිලතා

සෙනෙහස

විනිශ්චය මණ්ඩලය:

එම්. ජේ. පෙරේරා, ආචාර්ය සරත් අමුණුගම, පණ්ඩිත විලියම් අල්විස්, එච්. එම්. ගුණසේකර, එච්. එච්. බණ්ඩාර, ඉන්ද්‍රා ද සිල්වා


අටවැනි සරසවිය සම්මාන උලෙළ

1980 මාර්තු 29

කොළඹ නව රඟහල් භූමිය

- ප්‍රධාන ආරාධිත -

ඉඩම්, ඉඩම් සංවර්ධන සහ මහවැලි සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක

හොඳම චිත්‍රපටය - හඳයා - ටයිටස් තොටවත්ත

හොඳම අධ්‍යක්ෂ - ටයිටස් තොටවත්ත- හඳයා

හොඳම තිර රචක - ටයිටස් තොටවත්ත - හඳයා

හොඳම නළුවා - ගාමිණී ෆොන්සේකා - සරුංගලේ

හොඳම නිළිය -

මාලිනී ෆොන්සේකා - හිඟන කොල්ලා

හොඳම සහාය නළුවා - හෙන්රි ජයසේන - හඳයා

හොඳම සහාය නිළිය - ෆරිනා ලායි - සරුංගලේ

හොඳම කැමරා අධ්‍යක්ෂ -

ඇන්ඩෲ ජයමාන්න - හඳයා

හොඳම සංස්කාරක - ටයිටස් තොටවත්ත - හඳයා

හොඳම සංගීත අධ්‍යක්ෂ -

ඩී. ආර්. පීරිස් - පළඟැටියෝ

හොඳම කලා අධ්‍යක්ෂ -

ලයනල් සිල්වා - පළඟැටියෝ

හොඳම ශබ්ද පරිපාලක -

ජෝර්ජ් මනතුංග - පළඟැටියෝ

හොඳම අංග රචනය -

ඩෙරික් ප්‍රනාන්දු - පළඟැටියෝ

හොඳම ගීත රචක -

අරිසෙන් අහුබුදු - හඳයා චිත්‍රපටයේ

කවුරුද කවුරුද දැන් ලොක්කෝ ගීතය

හොඳම ගායකයා - පණ්ඩිත් අමරදේව -

මුවන් පැලැස්ස චිත්‍රපටයේ මුවන් පැලැස්සේ ගීතය

හොඳම ගායිකාව - ආචාර්ය නන්දා මාලිනී - මොනරතැන්න චිත්‍රපටයේ

හඳ හාවුන් ගීතය

පාඨක ඡන්දයෙන් තේරූ

ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - මාලිනී ෆොන්සේකා

පාඨක ඡන්දයෙන් තේරූ

ජනප්‍රිය චිත්‍රපට

මුවන් පැලැස්ස නුවන් රේණු

මොනරතැන්න හිඟන කොල්ලා

සරුංගලේ හඳයා

පළඟැටියෝ

විනිශ්චය මණ්ඩලය

ඩී. ජී. දයාරත්න, ආචාර්ය සරත් අමුණුුගම, නලීන් රත්නායක, ඩී. එම්. පී. බී.දසනායක, මානෙල් අබේවර්ධන, චිත්‍රා රණවක