වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට

සරසවිය සම්මාන දිනූ ඉනෝකා රූපවාහිනියේ මුල්පුටුවට

ජාතික රූපවාහිනියේ අභිනව සභාපතිනියලෙස සරසවිය සම්මානලාභී සිනමාවේදී ඉමෝකා සත්‍යංගනී පත් වෙයි. දශක හතරකට ආසන්න කාලයක් මෙරට රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්්ටතම නාළිකාවක් වූ ජාතික රූපවාහිනියේ මුල් පුටුවට කාන්තාවක පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ. එමෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් තවත් ප්‍රධාන ආයතන යුගළක මුල් පුටු සඳහා කාන්තාවන් දෙදෙනකු පත් කොට තිබේ. ඒ ස්වාධීන රූපවාහිනිය සහ සැලසිනේ ආයතනයටය. ස්වාධීන රූපවාහිනියේ නව සභාපති ලෙස තිලකා ජයසුන්දරත්, සැලසිනේ ආයතනයේ නව සභාපති ලෙසට උමා රාජමන්ත්‍රීත් එලෙස පත්වීම් ලැබ ඇත.


අපේ කලාපයේ චිත්‍රපට දැක්ම සාක් චිත්‍රපට උළෙල 22 වැනිදා

ජාතික චිත්‍රපට සංස්ථාව සහ සාර්ක් සංස්කෘතික ආයතනය එකමුතුවෙන් සංවිධානය වන සාර්ක් සිනමා උළෙල එළඹෙන 22 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙයි. කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා හලේදී මෙම චිත්‍රපට තිරගතවේ. උළෙලේ සමාරම්භක චිත්‍රපටය ලෙස 22 වැනිදා සවස 6.30 ට වසන්ත ඔබේසේකරගේ ආගන්තුකයා තිරගතවීමට නියමිතය.

බදාදා සිට උළෙලේ චිත්‍රපට තිරගතවන පිළිවෙල මෙසේය.

23 වැනිදා

උදෑසන 10 ට සෙර්ගා මතාන්ග් (භූතානය)

දහවල් 1 ට සැලියුට් (පාකිස්තානය)

සවස 4.30 ට ගී -

කෙටි චිත්‍රපටය (ඉන්දියාව)

සවස 5.05ට කචා (බංග්ලාදේශය)

සවස 7.20 ට ස්ටැටස් -

කෙටි චිත්‍රපටය (මාලදිවයින)

සවස 7.35 ට හම්චෙ වයි සැම්ලින් (භූතානය)

24 වැනිදා

උදෑසන 10 ට බිතුෆාන්ගි -

කෙටි චිත්‍රපටය (මාලදිවයින)

උදෑසන 10.30 ට චේන් අයේනා

කෙටි චිත්‍රපටය (පාකිස්තානය)

උදෑසන 11 ට හාහ්ධු (මාලදිවයින)

සවස 2.30 ට දාග් - කෙටි චිත්‍රපටය (බංගලාදේශය)

සවස 2.45 ෆයර් ඔෆ් ලයිෆ් -

කෙටි චිත්‍රපටය (ශ්‍රී ලංකාව)

සවස 3.30 ට 28 (ශ්‍රී ලංකාව)

සවස 6 ට ක්ෂිතිජි (ඉන්දියාව)

රාත්‍රී 8 ට ශානක්ත් (පාකිස්තානය)

25 වැනිදා

උදෑසන 10 ට සිනමා වැඩමුළුව

දහවල් 12.30 අකී ඇන්ඩ් හර් ෆ්‍රෙන්ඩ් (බංග්ලාදේශය)

සවස 3 ට මට නම් ඇහුණා -

කෙටි චිත්‍රපටය (ශ්‍රී ලංකාව)

සවස 3.45 ට බිසොර්ජන් (ඉන්දියාව)

සවස 6.30 ට බ්ලයින්ඩ් ලව් -

කෙටි චිත්‍රපටය (පාකිස්තානය)

සවස 7 ට 4426 (මාලදිවයින)

26 වැනිදා

උදෑසන 10 ට කබ් මේඝර් බෙලා -

කෙටි චිත්‍රපටය (බංග්ලාදේශය)

උදෑසන 10.30 ට පූර්ණා (ඉන්දියාව)

දහවල් 12.30 ට වර්නා (පාකිස්තානය)

සවස 3.30 ට හැල්දා (බංග්ලාදේශය)

සවස 6.30 ට ද වෝටර්ෆෝල් -

කෙටි චිත්‍රපටය (ඉන්දියාව)

සවස 7 ට බහුචිතවාදියා (ශ්‍රී ලංකාව)


මඩකලපුවේ විජය අලුතෙන් ඇරැඹේ

මඩකලපුව නගරයේ විජය සිනමා ශාලාව නවීකරණය වී ඉකුත් දා යළි විවෘත කෙරිණ. මෙරට පැරැණිම සිනමා ශාලාවක් වන එය ඉදි කරන ලද්දේ සීමාසහිත සිනමාස් සමාගම මඟින්ය. එහි නිර්මාතෘ නැසිගිය කේ. ගුණරත්නම්ය. ඉහළම තාක්ෂණ උපාංග සහිතව සිනමා ලෝලින් වෙනුවෙන් වෙන් වු නව විජය සිනමා ශාලාව සී. ඊ. එල්. මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වේ.


නිදහසේ පියා ඩී. එස්. පූර්ව ප්‍රචාරය එළිදකී

අධ්‍යක්ෂ සුනෙත් මාලිංග චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන දැල්වූ අයුරු

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන්ගේ චරිතාපදානය ඇසුරෙන් නිමවූ නිදහසේ පියා ඩී. එස්. චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී එළි දැක්විණ. මේ අවස්ථාව සඳහා චිත්‍රපටයේ ප්‍රධාන නිෂ්පාදක අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ජේ. සි. අලවතුවල, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න යන මහත්වරුන් ඇතුළු සේනානායක පරපුරේ ඥාතීන් සහභාගී වී සිටියහ.


වස්සානයේ සඳ නවකතාවයි - තිරකතාවයි දෙකම එකවර

චිත්‍රපටයක් තිරගතවීමේ දිනයේදී එම චිත්‍රපටයේ තිරනාටකය සහ කතාව නවකතාවක් ලෙසින් එළිදැක්වීමේ විරල අවස්ථාවක් මෙම මස 25 වැනිදා උදාවේ. උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ එයට පාදකවූ සිනමාපටයයි. එළඹෙන 25 වැනිදා සවස කොළඹ රීගල් සිනමාශාලාවේ වස්සානයේ සඳ සිනමාපටයේ මංගල දර්ශනයට ප්‍රථම එහි නවකතාව සහ තිරනාටකය එළිදැක්වෙනු ඇති. මේ උදයකාන්ත විසින් එළිදක්වන දෙවන තිරරචනය වන අතර මීට ප්‍රථම පායා එන්න හිරුසේ සිනමා නිර්මාණයේ තිර නාටකයද පොතක් ලෙසින් එළිදැක්විණි. වස්සානයේ සඳ නවකතාවේ සහ තිරරචනය සරසවි ප්‍රකාශනයකි. වස්සානයේ සඳ නවකතාව සරසවිය පුවත්පතේ ද කොටස් වශයෙන් පළ වූවකි.


ඔස්කා - සිනෙස්ටාර් අලුත් ගෙදරකට

ඔස්කා සංවිධානය සහ සිනෙස්ටාර් පදනමට අඩුපාඩුවක්ව පැවති කාර්යාල පහසුකම් සඳහා වාසස්ථානයක් ඉකුත් දා විවෘත විය. නවලෝක රෝහල් පරිශ්‍රයේ එකොළොස් වැනි මහලේ ඉදි කළ එම ස්ථානය ඔස්කා සහ සිනෙස්ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස අතින් කලාකරුවන්ට ලබා දුන් මොහොතයි මේ.