වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




තාත්තා වෙනුවට පුතා ඇවිත්

තාත්තා වෙනුවට පුතා ඇවිත්

ලබන සතියේ තිරගත වන උදයකාන්ත වර්ණසූරියගේ වස්සානයේ සඳ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟන අනුජ් රණසිංහ මේ දිනවලදී ඔබට දැක ගත හැකියි ලේක්හවුස් පරිශ්‍රයේදී. සාමාන්‍යයෙන් නළුවෙක් පුවත්පත් කාර්යාලයකට ගොඩවීම සාමාන්‍ය වුණත් අනුජ් ලේක්හවුසියට එන්නේ වෙන කාරණාවකට. මෙවර අනුජ් එකදු පුවත්පත් දෙපාර්මේන්තුවක් පැත්තේවත් ගියේ නැහැ. අනුජ් යුහුලුසුව ආයතනයේ නවීකරණ ස්ථාන කිහිපයක අලුත්වැඩියා කරන අන්දම ගැන සොයා බලනවා. එහි සේවකයින් සමඟ කතා කරනවා. අඩුපාඩු විමසනවා. මේක කාටත් ප්‍රශ්නයක් ඔහු මෙහෙම කරන කාරණය ගැන. අවසානයේදී අප සොයා ගත්තා. අනුජ්ගේ පියාණන් යටතේ තමයි ලේක්හවුස් අලුත්වැඩි කටයුතු සිදු වන්නේ. එක දිනෙක ඒ ගැන සොයා බලන්නට පියාට එන්නට බැරි වෙලා. ඔහු වෙනුවට තමයි මේ අනුජ් ඇවිත් තිබෙන්නේ.