වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සතුටයි දුකයි

සතුටයි දුකයි

බිමල් ජයකොඩිව වෙනදාට වඩා මිනිසුන්ගේ අවධානයට පාත්‍ර වෙලා. ඒ ඔහුව දෙවැනි ඉනිම නාට්‍යයෙන් දක්නට නොලැබෙන නිසා. ඒත් බිමල් ගැන මේ කියන්න හදන කතාව නම් ඊට සම්බන්ධයක් නම් නැහැ. ඔහු විවේකී හැන්දෑවක ගියා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බිම්බාදේවි හෙවත් යශෝදරා චිත්‍රපටය නරඹන්න. එහි සිද්ධාර්ථ කුමරුට හඬ කවන්නේ මේ බිමල්.

රත්මලාන සිටි සිනමා හෝල් එකේ තමයි ඔහු එම සිනමාපටය නරඹන්නට ගිහින් තියෙන්නේ. බිමල්ව හඳුන ගත්තලු එම ශාලාවේ කළමනාකරු. ආවලු ඔහු ගාවට. හිනාවක් එහෙම දාලා බිමල්ට මෙහෙම කිව්වලු.

බිමල් මහත්තයෝ ඔයාව දැක්කම මට සතුටුදායක ආරංචියකුයි දුක හිතෙන ආරංචියකුයි කියන්න තියෙනවා.

ඒ මොකක්ද ඒ?

බිමල් අහලා.

සතුටුදායක ආරංචිය තමයි අද ෂෝ එක හවුස්ෆුල්, බොහොම සතුටුයි. අද වගේ කාලෙක චිත්‍රපටයක් බලන්න මෙහෙම සෙනඟක් එන එකට. දුක්බර ආරංචිය තමයි ඒ හින්ද ඔයාට සිට් එකක් දෙන්න වෙන්නෙ නැහැ.

ඒක අහලා බිමල්ට පුංචි හිනාවකුත් ගියාලු. කොහොම හරි එදා ඔහු චිත්‍රපටය නොබලා තමයි ගෙදර ඇවිත් තියෙන්නේ.