වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




පිස්සුද හැටි ද?

පිස්සුද හැටි ද?

විශිෂ්ට ටෙලිනාට්‍ය රැසක් හැදූ චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකතනයෙන් අපේ මාධ්‍යවේදියකුට මැසේජ් වගයක් එන්න පටන් ගත්තා.

හෙට සීන් එකට කට්ටිය රෙඩිද, කොස්ටියුම් කොහොමද, හරියට ෂූටිං ෂෙඩුල් එක හැදුවද.

ඒ වගේ අදහස් තමයි ඒ කෙටි පණිවිඩවල තිබුණේ. බලාගෙන ඉන්න බැරිම තැන චාමරට ඔහු පණිවිඩයක් යැව්වලු පිස්සුද හැටි ද කියලා. ඊට පස්සේ කෝල් එකක් එනවා.

අනේ සොරි මචං, පොඩි වැරදීමක් වෙලා. අපේ ඇසිස්ටන්ට්ට යවපු මැසේජ් වගයක් උඹට ඇවිත්.

චාමර එහෙම කියලා. ඒත් ඒ කරදරය නිම වෙලා නැහැ. තවමත් එහෙම එනවලු.