වර්ෂ 2018 ක්වූ  මැයි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අන්තර්ජාලයෙන් ඇසෙන සාගරිකාගේ ගීතය

අන්තර්ජාලයෙන් ඇසෙන සාගරිකාගේ ගීතය

හිතුවෙම නැති මොහොතකදි මට ඔයා
මතු යම් දිනයක අහඹු ලෙස හමුවෙලා
ලැබුණොත් ඉඩක් ඔබ දෙපා නැමදලා
මිය යන්න හරි මම සමා ගන්නවා

අන්තර් ජාලය ඔස්සේ ඉමහත් ජනප්‍රියතාවට පත් වූ මියුරු ගීතයක ආරම්භයයි ඒ . එම හඬෙහි ඇති ආදරණීය බව නිසාම බොහෝ දෙනෙකු එහි හිමිකාරිය කවුද යන්න සොයන්නට පටන් අරන්. ඇගේ නම සාගරිකා සුගතපාල. වර්තමානයේදී ඇය පදිංචිව සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. මාතලේ පුරවරයේ උපත ලද ඇය එහි විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරවත් තමන්ග්ම ගීතයක් ඉදිරිපත් කිරීමට කාලයක් බලා සිටීමට සිදු වුණා. ඩුබාහි රාජ්‍ය හි ගත කරන දිවි පෙවතට මඳ විරාමයක් තබා මෙරටට පැමිණියේ තම ගීතමය අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසායි. ඒ ඔස්සේ ඇයගේ ගායන සිහිනය පුබුදුවාලන්නට සජිත් වී. චතුරංග පද පෙළහරින් සහ කේෂාන් පෙරේරා සත්සර මුසුවෙනුත් එකතු වුණා. මෙහි රූපමය රචනය මෙවන් ලියනගේ.

ගීතයේ සම්පූර්ණ පද මාලාව

හිතුවේම නැති මොහොතකදි මං ඔයා
මතු යම් දිනෙක අහඹු ලෙස හමු වෙලා
ලැබුණොත් ඉඩක් ඔබ දෙපා නැමදලා
මිය යන්න හරි මම සමා ගන්නවා
දුරින් හිඳ ජීවිතේ පැරදිලා
බේ වටිනාකම වැටහුණා
මම ලැබුව ඉරණමට වුණ දේ වුණා
එය හිතලා ඔබ දිනෙක ලත වෙන්න එපා
සංසාරයෙන් සංසාරයේ
හරි ආදරෙන් අපි ඉන්නැති
මේ වාරයෙත් ඒ ආදරේ
කෙටි කාලයක් පවතින්නැති
පවු කළ නිසා එකට පහුගිය භවයක
අපි දෙතැනකට යන්නැති

ගියාද පටන් මම ඔබ කෙරෙන්
සන්තාපයෙන් ඔබ ඉන්නැති
ඒ දුක් සුසුම් පඩිසන් දෙමින්
මට ආයෙමත් හිමි වෙන්නැති
පවු කළ නිසා එකට පහුගියපු භවයක
අපි දෙතැනකට යන්නැති