වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




‘එක දවසක් අපි’ මුණගැහුණ හැටි

‘එක දවසක් අපි’ මුණගැහුණ හැටි

 

කුසලතා සපිරි නිර්මාණකරුවකු ලෙස ලාංකික ප්‍රේක්ෂකාගාරයේ තම සලකුණ සටහන් කළ අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වන 'එක දවසක අපි' සිනමා සිත්තමේ ගැබ්ව ඇත්තේ පීඩිත කුල ක්‍රමයත්, අබලන් සමාජ චින්තනයත් අතීතයටත්, වර්තමානයටත්, අනාගතයටත් උරුම කළ දායාදය පිළිබඳවයි. වෙනස් කතා තේමාවක් මාතෘකා කරගත් 'එක දවසක අපි' චිත්‍රපටය පසුගිය පළමුවැනි දා කොළඹ රීගල් සිනමා ශාලාවේදී මංගල දර්ශනය පැවැත්විණි.

'එක දවසක අපි' ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව කේන්ද්‍ර කරගත් කතා තේමාවක් මාතෘකා කරගෙන දිග හැරෙන නිර්මාණයකි. ප්‍රේම සම්බන්ධතාවකදී, විවාහයකදී සමාජය විසින් තරුණ ජීවිත වෙත අතහැර දමා ඇති ගැටලු හමුවේදී ඔවුන් සිදු කරන අරගලය ඉදිරිපත් කිරීමට ගත් උත්සාහයක් විදියට තමයි මෙය හඳුන්වා දෙන්නට පුළුවන් වන්නේ.

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුුගේ විධායක නිෂ්පාදනයකි. ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංග සහ නයනතාරා වික්‍රමාරච්චි ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වන අතර වීණා ජයකොඩි සහ මේධා ජයරත්න, පවිත්‍රා ඇතුළු ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් එහි රංගනයෙන් දායක වෙති. නව ශෛලියකින් ප්‍රේක්ෂකයන් වෙත සමීප කෙරෙන 'එක දවසක අපි' සිනමා නිර්මාණයේ මංගල දර්ශනය පැවැත් වූ දින රීගල් සිනමා ශාලාවේදී විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා කාචයේ සටහන් වූ අයුරුයි මේ. මෙම චිත්‍රපටය ඩයලොග් විනෝදය තුළින්ද නැරඹීමට හැක.

සටහන හා සේයාරූ - නිශ්ශංක විජේරත්න