වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඓශ්ට පුතෙක් කතාව ඇත්තද?

ඓශ්ට පුතෙක් කතාව ඇත්තද?

මේ දිනවල බොලිවුඩයේ ඓශ්වර්යා රායි බච්චන් ගැන ආන්දෝලනාත්මක පුවතක් පැතිර යනවා. ඒ ඇයගේ පුත්‍රයකු පිළිබඳ පුවතයි. කවුරුත් දන්නා පරිදි ජනප්‍රිය නළු අභිෂේක් බච්චන් සමඟින් වන විවාහයෙන් ඇයට සිටින්නේ ආරාධ්‍යා නම් දියණිය පමණි. නමුත් ආන්ද්‍රා ප්‍රදේශ්හි සංගීත් කුමාර් නම් තරුණයකු ඓශ්වර්යා රායි තම මව බවත් ඇය ලෝක රූ රැජන කිරුළ දිනා ගැනීමට වසර හයකට පෙර ලන්ඩනයේදී තමන් මෙලොවට බිහි කළ බවත් පවසවා. මේ වනවිට ඓශ්වර්යා 44 වැනි වියේ පසුවන අතර සංගීගේ වයස අවුරුදු 30කි.

ඉපදී වසර දෙකක් ගතවන තෙක් තමන් ඓශ්වර්යාගේ මව්පියන් සමඟින් සිටි බවත් ඓශ්වර්යා සිය මව බවට ඔප්පු කළ හැකි සාක්ෂි සියල්ල තම ඥාතීන් විසින් විනාශ කර දැමු බව පවසන මේ තරුණයා තමන්ට තම වට සමඟින් ජීවත් වීමට අවශ්‍ය බවයි පවසන්නේ. ඇතැමුන් පවසන්නේ මෙම තරුණයා මානසික රෝගයකින් පීඩා විඳීන බවත් ඓශ්වර්යා රායි බච්චන් ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරන්නේ නම් පොලිසිය විසින් නීතිමය පියවර ගන්නා ඇති බවයි.

ගාගා ලෙඩ වෙලා

අමෙරිකානු ගායිකා ලේඩි ගාගා යුරෝපයේ පවත්වන්නට යෙදුණු බ්ධචදදඥ එධපතඤ ඊධභප හි ප්‍රසංග කිහිපයක්ම අත්හිටුවන්න තීරණය කරලා. එක්වරම මේ විදියට ප්‍රසංග අත්හිටුවන්න හේතු වුණේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය කියලායි හොලිවුඩ් ආරංචි මාර්ග ගෙන එන්නේ.

ලේඩි ගාගා දරුණු වේදනාවකින් පෙළිම මෙම තීරණයට හේතු වෙලා. "මට හරිම වේදනාවක් දැනෙනවා. මේ වෙලාවේ මේ තීරණය නොගත හොත් මම සංගීතයේ අරුත වටහා නොගත් අයෙකු වෙනවා. මගේ වෛද්‍ය කණ්ඩායම ගත් තීරණයට මගේ එකඟත්වය දුන්නා. මගේ අරමුණ නිවෙසේදීම සුව වීමයි" ඇය පවසනවා.

මේ දැඩි වේදනාව නිසා ලන්ඩනය, මැන්චෙස්ටර්, සූරිච්, ක්ලෝග්න්, ස්ටොක්හෝම්, කෝපන්හේගන්, පැරිස්, බර්ලින්, රියෝ හි ප්‍රසංග දහයක් විතර හදිසියේ අවලංගු කළත් සුවය ලද පසු ඉදිරියේදී යළිත් පැමිණෙන බවට ඇය සිය රසික රසිකාවන්ට පොරොන්දු වෙලා.

දුව ද? ආගම ද?

ටොම් කෲස් කේට් හොම්ස් විවාහයට තිත තැබුණේ 2012 වසරේදීයි. ඒ වන විට හය හැවිරිදි වියේ පසු වූ දියණිය සූරිගේ භාරකාරත්වය හිමි වුණේ කේට්හට යි. දැන් හොලිවුඩයෙන් ආරංචි වන්නේ, ටොම් වසර පහකින් තම දියණිය හමු වී නොමැති බවයි. බොහෝ දෙනෙක් නම් පවසන්නේ මේ කතාව විශ්වාස කරන්නත් අමාරු එකක් බවයි. ඒ කෙසේ වෙතත මේ වසර හය පුරාවටම කිසිම තැනක ඔහු සූරි සමඟින් පෙනී සිටින ඡායාරූපයක්වතත් පළ නොවී ඇති බවත් එම ආරංචි ගෙන එනවා.

ටොම්ට ඒ ගැන වුවමනාවක් නොමැති බව පවසමින් ඇතැම් අය චෝදනා කළා. ටොම් - කේට් විවාහය අවසන් වුණේ ටොම් අදහන සයන්ටොලොජි නම් ආගම නිසා බව ප්‍රසිද්ධයි. නමුත් දැන් නම් ආරංචි වෙන්නේ ටොම් තම දියණිය වෙනුවෙන් ආගම අත්හරින්නට වුවද කැමැත්තෙන් පසුවන බවයි. කාහොම වුනත් සයන්ටොලොජි ආගමේ පල්ලිය වසර තිහන් පුරා තම ආගම සමඟින් බැඳී සිටි සාමාජික ටොම්හට එතරම් ලෙහෙසියෙන් එයින් ඉවත් වීමට ඉඩ නොදෙනු ඇති බවත් පවසනවා.

අනුෂ්කාට සුපුරුදු අවතාර

පසුගිය වසර අවසානය සමඟින් කතාබහ වුණේ අනුෂ්කාගේ හදිසි විවාහය ගැනයි. විවාහයෙන් පසු සුපුරුදු රංගන කටයුතුවලට අවතීර්ණ වී සිටින ඇය දැන් නවතම චිත්‍රපටයේ දෙවන පූර්ව ප්‍රචාරක පටයත් පසුගියදා නිකුත් කළා. Pari ලෙසින් නම් කර ඇති එය ඇයගේ තෙවන සිනමා නිෂ්පාදනය යි. එය තවත් ව්‍යසනකාරී යථාර්ථයක පුවතක් ගෙන එනවා. චිත්‍රපටයේ දැන්වීම් නිකුත් වූ පසු අනුෂ්කා එහි අවතාරයක් ලෙසින් චරිත නිරූපණයක යෙදෙන බවටත් කතා පැතිරුණා. මීට පෙර ඇය නිෂ්පාදනය කළ Phillauri චිත්‍රපටයේ රංගනයේදී ද අවතාරකයට පණ දුන්නා.

අද්භූත ත්‍රාසජනක කතාපුවතක් ගෙන Pari ලබන මාර්තු මාසයේදී ලොවපුරා තිරගත කරන්න සූදානම්. එහි අනුෂ්කා සමඟින් පරම්බ්‍රාතා චැටර්ජි, රාජත් කපූර්, රිතාභාරි චක්‍ර බෝර්ති ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා. මීට පෙර ඇය නිෂ්පාදනය කළ ත්‍රාසජනක චිත්‍රපටයක් වූ NH10 සහ හාස්‍යමය චිත්‍රපටයක් වූ Phillauri ද සාර්ථක චිත්‍රපට බවට පත් වුණා.

අන්කල් මී සමඟ Secret Superstar

අමීර් ඛාන්ගේ Secret Superstar චිත්‍රපටය චීනයේ ආශ්චර්යයක් බවට පත් වී ඇති බව බොලිවුඩ් පුවත් ගෙන එනවා. එය මේ වන විට චීනයේ තිරගත කිරීමෙන් සති දෙකක් තුලදී ඉන්දීය රුපියල් කෝටි 500ක ආදායමක් ඉක්මවා ඇති බව එම පුවත් වලින් පැවසෙනවා.

අමීර්ගේ Dangal  සහ PK චිත්‍රපට ද චීනයේදී ඉහළ ආදායම් වාර්තා තබන්න සමත් වුණා. Secret Superstar සමඟින් එය කඩුලු ත්‍රිත්වයක් බවට පත් කළේ පළමු තෙදින තුළ ඉන්දීය රුපියල් කෝටි 200ක් වාර්තා කරමින්. කෙසේ වෙතත් Secret Superstar චිත්‍රපටයට Dangal  චිත්‍රපටයටත් වඩා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වී ඇති බවයි පැවසෙන්නේ.

එසේම අමීර් ඛාන් ද චීනය තුළ ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටින නළුවකු බවට පත් වී අවසන්. ට්විටර්හි චීනය තුළ ක්‍රියාත්මක Weibo  සමාජ ජාලාවේ ඔහුගේ රසික රසිකාවන් සංඛ්‍යාව මිලියනය ද ඉක්මවා සිටින අතර චීන ජාතික රසික රසිකාවන් අමීර් හඳුන්වන්නේ අන්කල් මී යන සුරතල් නාමයෙන්.