වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




අකුරු උගනී...

අකුරු උගනී...

ඉකුත් දිනයක ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ චිත්‍රපටයක විශේෂ දර්ශනයක් පැවැත්වුණා. හුරුපුරුදු රුවක් සෙමින් සෙමින් ශාලාවේ දොරකඩට එනව පේනවා. මේ කෙනාගේ අතේ ටෙලි නාට්‍යයක පිටපතක්. බලාගෙන ඉන්න අයට ටිකක් අවුල්. මොකද සාමාන්‍යයෙන් මේ වගේ තැනකට ටෙලි පිටපතක් අගෙන එන්නේ නැහැනෙ. ඒ හින්දයි ඒ විමතිය. මේ කෙනා පිටපතත් රැගෙන චිත්‍රපට ශාලාවට ඇතුළු වුණා. චිත්‍රපටය ආරම්භ වන්නට තව වෙලා තියෙනවා. දිගහැර ගත්තා පිටපත. ඒක බලාගෙන දෙබස් හිමිහිට මුමුණන්න ගත්තා. මේ අවස්ථාවේ රුව අප ඡායාරූප ශිල්පී නිශ්ශංක විජේරත්න තම කැමරාවේ සටහන් කර ගත්තා. මේ තැනැත්තා කවුද කියන වග සේයාරුව දැක්කම පේනවනෙ. අපේ විජේරත්න වරකාගොඩ මහත්තයා. අද තියෙන නාට්‍යවල ජවනිකා මොනවද කියලා දර්ශන තලයට ගියාමනෙ නළු නිළියන්ට දැනගන්නට ලැබෙන්නේ. ඒක නිසා කොහොම හරි වරකාගොඩ මහත්මයා පිටපත ගෙනත් පුළු පුළුවන් තැන්වල ඉඳගෙන කට පාඩම් කරගෙන යනවලු.