වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




දැන් සීයා කෙනෙක්

දැන් සීයා කෙනෙක්

ප්‍රතිභාපූර්ණ සිනමා අධ්‍යක්ෂ නැසීගිය කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා තම සිනමාපටයන් ඔස්සේ තිරයට හඳුන්වා දුන්මෝ බොහෝයි. එලෙස ඔහු අත හිත දුන් අයකු හැටියට නිහාල් ප්‍රේමචන්ද්‍රවත් හඳුන්වා දෙන්න පුළුවන්. නිහාල් අද වන චිත්‍රපට නළුවෙකු මෙන්ම තිර රචකයකු වශයෙන් ද කැපී පෙනෙනවා. ඔහු හා හා පුරා කියලා කලාවට සම්ප්‍රාප්ත වන්නේ කේ. ඒ. ඩබ්ලිව්ගේ දුර්ගා සිනමාපටයෙන්. එහි නිහාල් උප ප්‍රධාන චරිතයක් මැව්වා. දන්නවද කොල්ලා වගේ හිටියට නිහාල් ගැන තියෙන අලුත් ආරංචිය. නිහාල්ගේ දුවට දියණියක් ලැබිලා. ඒ කියන්නේ ඔහු මේ වන විට සීයා කෙනෙක් වෙලා. මහත් වූ උද්දාමයකින් පසුවන නිහාල් දන්න දන්න හැමෝටම කියනවලු තමන් සීයා කෙනෙක් වුණ අරංචිය.