වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මගෙ පොඩි යාළු

මගෙ පොඩි යාළු

මගෙ පොඩි යාළු කියන ළමා ගීතය නෑසූ දෙසවනක් නැති තරම්. එම ගීතය ගැයූ පළමු ළමා ගායකයාගේ සිට අද දක්වා කීප දෙනෙක් නම් මගෙ පොඩි යාළු ගයන්නට ඇති. කෙසේ වුව ද වැඩි දෙනෙකු දන්නේ නැහැ මේ ගීතය ගැයූ පළමු මෙන්ම එය අයිති ළමා ගායකයා කවුද කියලා. ඔහු තමයි නිමන්ත හේෂාන් ගමගේ. කථිකාචාර්යවරයකු ද වන ඔහුව වඩාත් ඔබ හමු වන්නේ රියැලිටි තරඟවල විනිසුරුවරයකු හැටියටයි. ඔහුගේ ළමා හඬින් එදා හැඩවුණු මගෙ පොඩි යාළු ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රචනයක්. සංගීතය නිම කළේ සරත් වික්‍රම. මේ ගීතය ඇතුළත් වුණේ ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු තැනූ අරගලය චිත්‍රපටයට.