වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ජාම බේරූ දෙපළක්

ජාම බේරූ දෙපළක්

නිහාල් නෙල්සන් සහ චන්ද්‍රකුමාර් කඳනාරච්චි උඩවලවේ පැත්තේ තිබුණු සංගීත ප්‍රසංගයකට ගිහිල්ලා. ඔවුන් දෙපොළ විතරයි එතැනට ආව ගායක ගායිකාවන්ගෙන් ප්‍රවීණ අයට හිටියේ. අනිත් ඔක්කොම නවපරපුරේ අය. මේ දෙන්නගෙ නම කියද්දී අවට සිටිය අය කන් අඩි පැලෙන්න චියර් කළාලු. ඒ වගේම ස්ටේජ් නැග්ගට පස්සේ බහින්න දීලත් නැහැ. ඔන්න එදිනට පහුවෙනිදා චන්ද්‍රකුමාර්ට අර ප්‍රසංගයේ සංවිධායකගෙන් දුරකථන ඇමතුමක් එනවලු.

චන්ද්‍රකුමාර් අයියා, ඔයයි නිහාල් අයියයි ආව නිසා ඊයේ ෂෝ එකේ ජාමේ බේරගත්තා. ඔයාලා ගියා විතරයි ෂෝ එක හුළං බැස්සා වගේ වුණා. අනිත් අය සිං කළාට කෝ ඉතින් ඔයාලා වගේ කික් එකක් නැහැනෙ. දන්නව නම් තව වැඩිපුර කීයක් හරි දීලා ඔය දෙන්නව විතරක් ගෙන්නනවා.

එහෙම පටන්ගෙන ටික වේලාවක් කතා කරපු සංවිධායක දුරකතන ඇමතුම තියලා. එදින පැරැණි ගායකයන් ගැන චන්ද්‍රකුමාර්ට නිහතමානි ආඩම්බරයක් ඇති වුණාලු.