වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම නවක නළුවා

හොඳම නවක නළුවා

හේතු පාඨය

දරිද්‍රතාවයෙන් පීඩාවට පත් පවුල් පසුබිමක සාමාජිකයෙකුව සිට තම ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් යෞවනයකුගේ චරිත ස්වභාව සියුම්ව වටහා ගනිමින් පළ කරන ලද රංගන ප්‍රතිභාව උදෙසා 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම නවක නළුවා සම්මානය පිරිනැමෙන්නේ 'ඉර සේවය' චිත්‍රපටයේ භික්ෂුවගේ චරිතය රඟපෑ ඉෂාර වික්‍රමසිංහටය.

හොඳම නවක නළුවා

නිර්දේශිත නාම:

1. ඉෂාර වික්‍රමසිංහ - ඉර සේවය

2. අකිල ධනුද්දර - ඇඩ්ඩ්‍රස් නෑ

ජූරියේ නිගමනය -

ඉෂාර වික්‍රමසිංහ - ඉර සේවය


හොඳම නවක නිළිය

හේතු පාඨය

හොඳම නවක නිළිය

නාගරික සමාජය නියෝජනය කරන්නියක වුව ද තමාට ජීවත් වන්නට සිදුවන ආගන්තුක සමාජ පරිසරයකට අනුගත වෙමින් එම ජන ජීවිතයේ පංගුකාරියක ලෙස නිරායාසයෙන් සිය චරිතය නිරූපණය කරමින් තමාටම අනන්‍ය වූ අපූර්ව රංග ශෛලියක් ගොඩ නඟා ගැනීමෙහිලා දැක් වූ විශිෂ්ට ප්‍රතිභාව වෙනුවෙන් 2016 සරසවිය සම්මාන උලෙළේ හොඳම නවක නිළිය සම්මානය පිරිනැමෙන්නේ 'හෝ ගානා පොකුණ' චිත්‍රපටයේ පාසැල් ගුරුවරියගේ චරිතය නිරූපණය කළ අනසුයා සුබසිංහටය.

නිර්දේශිත නාම:

1. අනසූයා සුබසිංහ - හෝ ගානා පොකුණ

2. උදාරි පෙරේරා - ප්‍රවේගය

3. ශේෂාද්‍රි ප්‍රියසාද් - ඇඩ්ඩ්‍රස් නෑ

ජූරියේ නිගමනය -

අනසූයා සුබසිංහ - හෝ ගානා පොකුණ