වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

SARASAVIYA MODEL BANK

මෙරට රංගන පරම්පරාවට විලාසිතා ලෝකයට වැඩි වැඩියෙන් අලුත් මුහුණු අවශ්‍යව ඇත. බොහෝ නිර්මාණකරුවන් අලුත් මුහුණක් අවැසිතැන අමතන්නේ සරසවියයි. එවිට ලැබෙන ප්‍රතිචාර ඉමහත්ය. මෙතුවක් පැවැති සම්ප්‍රදායය වෙනස්කරමින් සිරිලකපුරා සැඟව සිටින රංගන ක්ෂේත්‍රයට අවතිර්ණවීමට කැමැති අලුත් පරම්පරාවක් සොයායාමට සරසවිය තීරණය කළේය. එබැවින් දිනමිණ ගම්නගර චාරිකාව සමඟ එක්ව පසුගියදා දකුණුලක සුන්දර පුරවරයක් වූ වැලිගම නගරයට රුහුණේ තරුවක් යන මැයෙන් අප තාරකා සොයා ගියෙමු. අපට ලැබුණු ප්‍රතිචාර මවිත කරවන සුළුය. රඟපෑමට විලාසිතා ලොවට එක්වන්නට කැමැති බොහෝ දෙනෙකු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩවැදිණ. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී පිවිසෙන්නේ ගම්පහ නගරයට වග අප සතුටින් දැනුම් දෙමු.

සදීෂ ද සිල්වා SMBWE 10

රත්ගම පදිංචි සදීෂ ද සිල්වායි මේ ඉන්නේ. ඔහුගේ විමෝදාංශය මෝස්තර නිරූපණයට දායක වීම. එහෙම මොඩ්ලිං ෂෝස් ගණනාවකටම සදීෂ සහභාගි වෙලා තියෙනවා. ඒ වගේම ඔහුට රංගන අත්දැකීම් කිහිපයක් ද තියෙනවලු. වෙළෙඳ දැන්වීම්වලට තමයි සදීෂ හා හා පුරා කියලා දායක වෙලා තියෙන්නේ. ඉදිරියේදී චිත්‍රපට ක්ෂේත්‍රයට එකතු වෙන්නට හිතාගෙන ඉන්නවා. ප්‍රසන්න ජයකොඩි සහ ප්‍රසන්න විතානගේ තමයි සදීෂ කැමැතිම චිත්‍රපට අධ්‍යක්ෂවරු.

චන්දන ලක්මාල් SMBWE 11

ඊළඟට අපට හමු වුණේ චන්දන ලක්මාල්ව. චන්දන ඉන්නේ අම්බලන්ගොඩ. එකම එක ඩී. වී. ඩී චිත්‍රපටයක චන්දන රඟපෑවලු. ඔහුටත් ඕනෑ සිංහල සිනමාවට එකතුවන්න. ඒ වගේ චන්දන බොහොම කැමැත්තෙන් ඉන්නවා වීර චරිතයක් කරන්න. උදයකාන්ත වර්ණසූරියයි චන්දන කැමැතිම අධ්‍යක්ෂ.

කසුන් මධුරංග SMBWE 12

කසුන් මධුරංගගෙත් ගම අම්බලන්ගොඩ. ඔහු සිරිදලදාගමනය සිනමාපටයේ රඟපා තිබෙනවා. ඒ වගේම පෝය නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණාලු. කසුන් කැමැති සුන්දර ආදර චරිතවලට. ඒ වගේම ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයකට එකතුවන්න කැමැත්තෙන් ඉන්නවා