වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




විවේකයේ අගය

විවේකයේ අගය

රන්ජන් ප්‍රසන්න නමැති අධ්‍යක්ෂවරයා පසුගිය කාලයේ එක දිගට ටෙලි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළා. සේයා, සුජාතා, සිහින පුරය ඉන් කිහිපයක්. රැයක් දවාලක් නැතුව ඔහු වැඩ කළ නිසාම දෝ රන්ජන්ට පුංචි විවේකයක් ගන්න හිතිලා. මේ දිනවල ඔහු එකම නාට්‍යයක්වත් අධ්‍යක්ෂණය කරන්නේ නැතිලු. බලාගෙන ගියාම එහෙම වෙන්න ඕන. මොකද නිර්මාණකරුවකුට විවේකය අත්‍යවශ්‍යයිනේ. එක දිගට වැඩ කරගෙන යද්දී මොන දේ වුණත් සිදු වෙන්නේ ඕනෑවට එපාවට. මේ බව තේරුම් අරන් ඉන්න හින්දා තමයි රන්ජන් මෙහෙම විවේකයක් අරගෙන තියෙන්නේ.