වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පිය වියෝව

පිය වියෝව

නව පරපුරේ රංගන ශිල්පිණී අනුරාධා එදිරිසිංහගේ පියාණන්ගේ තෙමස් දානමය පින්කම පසුගියදා පැවැත් වුණා. ඒ වගක් තියා ඇයගේ පියාණන් ජීවිතයෙන් සමුගත් වගවත් වැඩි දෙනෙකු දන්නේ නැහැ. ඔහු කලක් රෝගාතුරව සිටියා. අනුරාධාත් කරන්න පුළුවන් සියලු දේ පියා වෙනුවෙන් කළා. එනමුදු ඇයවත් නොසිතූ වෙලාවකයි පියා මෙලෙස සමු ගත්තේ. මේ හේතුවෙන් මාස තුනකට ඉහතදී අනුරාධාට තමන්ගේ ෂූටිං කල්දාගන්න සිදු වුණා. ඊට පසුව ඇය එක දිගට නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වුණා. හදිසියේම කාර්යබහුල වීම නිසා අනුරාධාට රිදී තිරයට ගොඩවීමට තිබූ අවස්ථා කිහිපයක්ම අහිමි වුණාලු. ඒ ගැන ඇය කනගාටුවෙන් ඉන්නේ. කෙසේ වෙතත් ආයෙත් රිදී තිරය සඳහා ඇරැයුමක් ලැබෙන තෙක් බලාගෙන ඉන්නවලු.