වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ අහල්ලා අහල්ලා

මේ අහල්ලා අහල්ලා

සෝමපාල ලීලානන්ද කියලා කියන්නේ සැබෑම වැඩකරුවෙක්. බිලිඳුණේ දරුවනේ, නිල්ල නඟන ස්වර්ණ කිකිණි රාවේ, යෞවන උයනේ පියුම් තටාකේ, කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා ආදී ගීත රචනා කළේ ඔහු. ඒ වගේම නිල්ල සොයා, චණ්ඩි පුතා, අහිිංසා ඇතුව චිත්‍රපට ගණනාවකම තිර රචනය ඔහුගේ. සෝමෙ කලකට ඉහතදී පාට පොදක් තිලකලා නමින් ඔහු විසින් රචිත ගීත ඇතුළත් පොතක් නිකුත් කළා. ඔන්න දැන් එහි දෙවැන්නත් නිකුත් කරලලු. ඒකේ නම 'මේ අහල්ලා අහල්ලා' ගී සියයක් උපන් හැටි. කවුරුවත් වැඩිය දන්නේ නැති වුණාට ජෝති ගයන මේ අහල්ලා අහල්ලා ගීතය ලිව්වෙත් සෝමෙ. ඒ සිංදුව ජනප්‍රිය ප්‍රසංග ගණනාවටම යොදා ගත්තා. ඉතින් සෝමේ තමන්ගේ නවතම ග්‍රන්ථය නම් කරලා තියෙන්නේ එනමින්. පහුගිය කාලයේ පොත් ලියන වැඩි දෙනෙක් තමන්ගේ නවතම කෘතිය එළි දැක්වූයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනට සමගාමීවයි. නමුත් සෝමෙ කළේ ඒක ඉවර වුණාම පොත එළිදැක්වීමයි. ඒ ඇයිද කියලා අහන පැනයට සෝමෙ දෙන්නේ එකම එක පිළිතුරයි. ඒ 'මං ඉතින් පොඩි මිනිහෙක්නේ. ඔය ඒ විදිහට පොත් එළි දක්වන්නේ ලොකු මිනිස්සුනෙ' යන්නයි. හැබැයි අපිට නම් කියන්න තියෙන්නේ ඇඟපතින් පුංචි වුණාට සෝමපාල ලීලානන්ද කියලා කියන්නේ අප කලා ලොවට ලොකු මිනිහෙක් කියලයි.