වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




වහලෙ පිටපත්

වහලෙ පිටපත්

අර්ජුන කමලනාත් මේ දිනවල ගත කරන්නේ ඉතාම කාර්යබහුල ජීවිතයක්. ඔහුට එහෙම වෙලා තියෙන්නේ සඳමලි නිසා. අර්ජුනගේ පළමුවැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය තමයි මේ සඳමලි. ඒ හේතුවෙන් අර්ජුන හෝ ගාලා වැඩ . නාට්‍යය ගැන ඔළුවෙ තියාගෙන වැඩ කරගෙන යද්දී අර්ජුනට හරි හරි දේවල් සිද්ධ වෙනවලු. ඔන්න දවසක් දා අර්ජුන කාර් එකක් ඇතුළේ රූපගත කරන්න ඕන දර්ශනයකට ලැහැස්ති වෙලා. නළුවො දෙන්නව කාර් එකේ ඉස්සරහ වාඩි කළාලු. අර්ජුනයි කැමරා අධ්‍යක්ෂවරයායි පිටිපස්සේ. ඔන්න දැන් කාර් එක ඉදිරියට යනවලු. ඔය අතරේ නළුවන් අර්ජුන දෙබස් මතක් කරන්න හැදුවලු. මෙන්න බොලේ අර්ජුනගේ අතේ පිටපත නැහැ. ඔහුට හොඳට මතකයිලු පිටපත අතේ තිබුණා කියලා. දර්ශනය නවත්වලා අර්ජුන දර්ශන තලයට ගිහින් තමන්ගේ පිටපත හෙව්වලු. ඒත් නැහැ. හරිම අප්සට් එක. මොකද පිටපතට වුණේ කියලා හිතාගන්න බැහැලු. ඒත් කමක් නැහැ අර දර්ශනය රූපගත කරන්නට කාර් එක ළඟට ආවලු. මෙන්න වැඩක්. කාර් එකේ වහලේ උඩ පිටපත තියෙනවලු. මෙච්චර වෙලා ඒක එතන තිබිලා තියෙන්නේ. අර්ජුන කලබලේට පිටපත වහළේ උඩ තියලා තමයි කාර් එකට නැගලා තියෙන්නේ. ආයෙත් වරක් පිටපත නැති වුණොත් කට්ටිය කළේ කාර් එකේ වහළෙ බලන එකලු.