වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම හිතෙන කීටැග් එක

පුදුම හිතෙන කීටැග් එක

රුක්ෂානා දිසානායක නම් වූ නව පරපුරේ නිළියගේ සිනමා සම්ප්‍රාප්තිය පසුගියදා සිදු වුණා. ඒ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටය හරහා. රුක්ෂානාට තියෙනවා සුදු පැහැති කාර් එකක්. සාමාන්‍යයෙන් කාර් එකක් නෙවෙයි ඕනෑම වාහනයක යතුරක කීටැග් එකක් තියනවානේ.

නමුත් ලෝකේ ලොකුම කීටැග් එක තියන්නේ රුක්ෂානාට වෙන්න ඇති. ඇය තමන්ගේ වාහනයේ යතුරෙහි කීටැග් එකට යොදාගෙන තියෙන්නේ අඩියක් විතර දිග රෙදිවලින් හදලා පුළුන් පුරවපු ඩොල්ෆින් මාළුවෙක්.

එය දමාගෙන යතුර වාහනයට දාලා පණ ගන්වන්නේ කොහොමද කියලා ඇය විතරලු දන්නේ. රුක්ෂානාගේ කීටැග් එක දැකලා පුදුම වෙලා නැත්තේ ඇය විතරයි. අනෙක් හැමෝම පුදුම වෙනවලු රුක්ෂානාගේ කීටැග් එක දැකලා.