වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




ලන්ඩනයෙත් ජනප්‍රිය චන්ද්‍රකුමාර්

ලන්ඩනයෙත් ජනප්‍රිය චන්ද්‍රකුමාර්

සොඳුරුතම ගීත රැසකට හිමිකම් කියන චන්ද්‍රකුමාර් කඳනාරච්චි පසුගිය දවසක විදෙස් සංචාරයක නියැලුණා. ලන්ඩන් බලා තමයි ඔහු මේ පාර ගියේ. වසර අටකට පසුයි චන්ද්‍රකුමාර් ලන්ඩනයට ගිහින් තියෙන්නේ.

ඉතින් එහිදී උණුසුම් ප්‍රතිචාර විඳින්න සිද්ධ වුණාලු. ගීත අටක් කියලා ස්ටේජ් එකෙන් බහින්න තමයි චන්ද්‍රකුමාර් හිතාගෙන ඉඳලා තියෙන්නේ. අන්තිමේ අට දොළහ වෙලා.

චන්ද්‍රකුමාර් ඉතින් නැහැ බැහැ නොකියා සංගීත ලෝලින්ගේ ඉල්ලීම් ඉටු කළාලු. ලන්ඩන්වල හැරෝ ලොජ් සෙන්ටර්හි තමයි මෙම ප්‍රසංගය තිබිලා තියන්නේ. එදා චන්ද්‍රකුමාර් එන නිසා කට කපලා සෙනඟ හිටියලු.