වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




දම්මියි, දමයන්තියි පැටලිලා

දම්මියි, දමයන්තියි පැටලිලා

පසුගිය පොහොය දිනයකදී රත්තරං නමක් ඇති රූපවාහිනි ආයතනයක දහම් වැඩ සටහනක් තිබුණා. එයට සහභාගි වෙලා හිටියා මෙරට විශ්වවිද්‍යාලයක නමගිය මහාචාර්යවරයෙක්. ඔහු එදා තමන්ගේ වාරේ ආවාම දෙසුම පටන් ගත්තා.

එහෙම ආරම්භ කරපු දේශනය මැදදී මෙයා ජීවත්ව ඉන්න නිළියක්ව මැරුවනෙ. ඇය කවුද කියලා කියනවා නම් දමයන්ති ෆොන්සේකා. දමයන්තිව ඝාතනය කළා කියලා අර මහාචාර්යතුමා කිව්වා.

පසෙක සිටි අප ජනප්‍රිය ප්‍රවීණ කලාකරුවෙක් මහාචාර්යතුමා වැරැද්ද නිවැරිදි කරන්න හැදුවට ඒක එහෙම ඔහු නිවැරිදි කළේ නැතිලු. මේ මහාචාර්යතුමාට දමයන්ති ෆොන්සේකාව පටලැවිලා තියනේනේ දම්මි ෆොන්සේකාට. ඇයවනේ ඝාතනය කෙරුවේ.

දම්මිවයි, දමයන්තිවයි පටල ගත්තු මහාචාර්යතුමා එය නිවැරැදි කරන්න හදපු නැති එක නම් කණගාටුයි. නමුත් කොහොම හරි මේකෙන් වුණේ දමයන්තිගේ ආයුෂ තවත් වැඩි වෙච්ච එක.